කසිප්පු ගනුදෙනුවෙන් මුව ආවරණ පාඩමක් නිරෝධායන නීතියට අනුගත නොවී කල්ගත කළ ගම්වැසියකු කසිප්පු මුදලාලිගේ බහට අවනතව මුව ආවරණය පැළඳීමට කටයුතු කිරීමේ සිද්ධියක් සියනෑවේ දුරබැහැර ගම්මානයකින් වාර්තා විය. 05 June 2021
සැමියගේ ‘සෙට්වීමට’ කට්ට ගහන්න බිරිඳගෙන් ‘කටගැස්මක්’ කොරෝනා නීති කඩකරමින් තමන්ගේ නිවසේ සැමියාගේ මිතුරන් සෙට්වීම නතර කිරීමට ඔහුගේ භාර්යාව පල නොකියා පලා බෙදූ පුවතක් දකුණේ කොනේ ගමකින් වාර්තා වේ. 05 June 2021
කෑම නෑ කී මවට හාල් මිටක් දී මාරු වූ ලක්ෂපති පුතා උයා පිහා ගන්න අඩුම කුඩුම නැතිව ඉන්නා බවට අම්මා කළ දැනුම්දීමෙන් පසු වෙසක් පොහෝදා නවීන රියකින් පැමිණ නාඩු හාල් කිලෝ පහක පැකට්ටුවක් පමණක් දුන් පුතුගෙන් ලුණු පැකට් එකක්වත් නොගෙනාවේ ඇයිදැයි විමසූ මවක ගැන අපට අසන්නට ලැබිණි. 04 June 2021
මූණු පොතේ කොරෝනා බේත් බී ගමක් ලෙඩවෙලා මුහුණුපොතේ දැන්වීමකට අනුව කොරෝනා බෙහෙතක් සාදා පානය කළ බව කියන ගම්වැසි පිරිසක කිහිපදෙනකු කැරකිල්ල, ක්ලාන්තය වැනි රෝග තත්ත්වයන්ට මුහුණ පෑමේ පුවතක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා වෙයි. 03 June 2021
ගෝලයාගේ ලකුණු කපන්න ගුරා අමුතුම තට්ටුවක් දාලා තමන්ට වඩා හොඳට කැත්තක් හැදූ ගෝලයා ගැන ඊර්ෂ්‍යාව නිසා එම කැත්තට අපූරු වැඩක් කළ කම්මල් බාසුන්නැහැ කෙනකු පිළිබඳව පිටිසර ප්‍රදේශයකින් වාර්තා වේ. 02 June 2021
අත දිගහැර අනුන්ගේ පොල් බෙදිල්ල ඔහු වයඹ පළාතේ පාරම්පරික පොල් ඉඩම් හිමි වැවිලිකරුවෙකි. එමෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල පහසුව සඳහා පදිංචිව සිටින්නේ අගනුවරය. 01 June 2021
සහන මල්ල අරන් යන්න ග්‍රාම නිලධාරි ගෙදරට එන්න කියලා නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා ලබාදෙන ආහාර මල්ල ගෙන යාමට තම නිවෙසට එන ලෙස දන්වනු ලැබූ ග්‍රාම නිලධාරිවරයකු පිළිබඳව ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා වේ. 31 May 2021
කොරෝනා එන්නත අසරණයන්ට දෙන්න මානව හිතවාදියා හොරගේමක් දීලා ඉතා හොර රහසේ තම පවුලේ ඇත්තන්ට හා හිතවතුන්ට පමණක් මධ්‍යස්ථානයකදී එන්නත් කිරීම සඳහා සූදානම් වූ අවස්ථාවේදී සියල්ලන්ගේ ඇස් වසා අහිංසක ගම්වැසියන් අට දෙනකුට උපක්රමශීලීව එන්නත් ලබාදීමේ සිද්ධියක් පසුගියදා ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය. 29 May 2021
නෑනලා ස්වයං නිරෝධායනයේ මස්සිනාලා රජ මඟුලේ නෑනලා ස්වයං නිරෝධායනයේ සිටියදී මස්සිනාලාට රජ මගුල් උදාවූ අපූරු කතාවක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 28 May 2021
පොඩිකෙල්ලක් කරකාරෙට ඉල්ලා තරුණයෙක් පොලිසි ගිහින් ආදරය පවසා බාලවයස්කාර දැරියක තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා පැමිණිල්ලක් කිරීමට ගිය දහඅට හැවිරිදි තරුණයකු පිළිබඳව බස්නාහිර පළාතේ පොලිස් ස්ථානයකින් පසුගියදා වාර්තා විය. 27 May 2021
නැකැත් කාරයාටත් නැකැත වැරැදිලා නිසි වයස් පිරී දරුවා පෙරපාසලට බාර දී මාස කිහිපයක් ගතවනතුරුත් අකුරු කියවීමේ නැකැත ලබා නොදුන් නැකැත්කරුවකු පිළිබඳව බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය. 26 May 2021
මාස්ක් නැති දේශපාලකයාට පොඩි කොල්ලෙකුගෙන් පාඩමක් කොරෝනා වසංගතය මැද ඇතිවූ ජල ගැල්මෙන් පීඩාවට පත්වූවන්ට ආධාර මල්ලක් ලබාදුන් ප්‍රාදේශීය දේශපාලනඥයකු පීඩාවට පත්වූ පවුලේ පිරිස සමග සමූහ ඡායාරූපකට පෙනී සිටීමට සැරසෙද්දී කුඩා දරුවකු ඊට විරෝධය පෑමේ සිද්ධියක් පසුගියදා ජල ගැලීමට ලක්වූ ගම්මානයකින් වාර්තා විය. 24 May 2021
නයි අවුල ලිහන්න හුඹහට අතදාන්නවෙලා ඌරුබොක්ක පොලිසියට කිරිලිපන මොරගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් පැමිණිල්ලක් ලැබී තිබුණි. 22 May 2021
නිඹුල්ලු-කනවැන්දුම් පැටලී ජොබ් එකට තොප්පියක් ගොඩනැගිලිවල කොන්ක්‍රීට් වැඩ කොන්ත්‍රාත් ගෙන කරන කණ්ඩායමක කම්කරුවකුට ‘නිඹුල්ලු’ හා ‘කනවැන්දුම්’ වචන දෙක පැටලීමෙන් නිවැසියගේ දැඩි වාග් ප්‍රහාරයකට ලක් වීමට හා වෙනදා ලැබුණ දිවා ආහාරය ද නොලැබීමේ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ ඈත ගමකින් දැන ගැනීමට ලැබෙයි. 22 May 2021
සැමියාගේ මුඛවාඩම අස්සෙන් පැන්නූ බීඩියෙන් බිරිඳගේ සාරියේ ගින්නක් පවතින තත්ත්වය තේරුම් ගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු වුවත් පොලිස් නිලධාරීන් දැක සෞඛ්‍ය ක්‍රම අනුගමනය කිරීමට ගොස් තම බිරියට වූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් යාපහු පුරවරයේ ගමකින් අසන්ටන ලැබුණි. 22 May 2021
මිතුරියගෙ දරුවා පෙන්නා පෝලිමෙන් පැනගත්තාට චොකලට් පෙත්තක් ත්‍රිරෝද රථයකින් පැමිණ බැංකුව ඉදිරිපිටින් බැස ගත් කාන්තාවකි. ඇය මැදි වයස ආසන්නයට ළං වෙමින් සිටියාය. වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගන්නට ඇය බොහෝ වෙහෙස මහන්සි වී තිබෙන පාටක් දක්නට ලැබිණි. එමෙන්ම ඇය මැද පෙරදිග රටක සිට මෑතක පැමිණි බවක්ද පෙනෙන්නට තිබිණි. 22 May 2021
පින්කම් අස්සේ පෙම් කරන්න ගිහින් ළිඳක් ඇතුළේ දකුණු ලක එක්තරා ගමක විසූ පවුලක ඇය වැඩිමලාය. වරක් ඇය දෙස බැලූ අයකු නැවත හැරී බැලීමට තරම් ඇය රුවැත්තියකි. 22 May 2021
හීනෙන් නාගෙන තමාගේ කනක් තුළට කෘමි සතකු රිංගුවායැයි කියමින් මහ රෑ දෙගොඩහරි ජාමේ එක්වරම නින්දෙන් නැගිට කෑ ගැසූ සිය දියණියට ජල ප්‍රතිකාරයක් සිදුකළ මව්පිය යුවළකට එම අවස්ථාවේදී මුහුණදීමට සිදුවූ බව කියන හාස්‍ය ජනක සිදුවීමක් පිළිබඳ පුවතක් පසුගියදා සාලියවැව ප්‍රදේශයෙන් වාර්තාවිය. 21 May 2021
ගෙදර නිරෝධායනය වෙද්දී මව හොරෙන්ම දුවගෙ කේන්දරය බලන්න ගිහින් කොරෝනා නිසා නිරෝධානය වෙමින් සිටි නිවෙසක දියණියක හදිසියේ මල්වර වී වැඩිවියට පත්වීමෙන් පසුව දියණියගේ කේන්දරය බලා ගැනීමට මව නිවෙසින් හොර රහසේ පලායාමේ පුවතක් බදුල්ලට නුදුරු ගම්මානයකින් වාර්තාවේ. 20 May 2021
හතර වටේ කරක් ගැසුවාට ලේලිය නැන්දම්මා ලොක්ඩවුන් කරලා නිරන්තරයෙන් ගමන් බිමන් යන තම නැන්දම්මාට සංචරණ සීමා පැනවූ ලේලියක සම්බන්ධ පුවතක් මහනුවර ආසන්න ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය. 19 May 2021
කොරෝනා ගුලියක් දී අලුත් රියැදුරා මුදලාලිට විදලා කොරෝනාවට බියෙන් තම ජංගම අලෙවි රථය කුලී රියැදුරකුට බාර දී සවසට මුදල් පමණක් අතට ගත් හිමිකරුවකුට කොරෝනා වෙට්ටුවක් දමා කුලී රියැදුරා මුදල් කඩා ගැනීමේ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ. 18 May 2021
ළඟම මිතුරාට කොරෝනා හැදුණාම අනෙක් තුන් දෙනා එක්ක කාඩ් ගහන්න ලෑස්තිවෙලා තමන්ගේ ළඟම මිතුරා කොරෝනා ආසාදිත බව දැනගත් වහාම කාඩ් කුට්ටමක් ගෙන්වා ගන්නට සැරසුණු තරුණයකු පිළිබඳව පසුගියදා බස්නාහිර පළාතේ ඇති ගම්මානයකින් වාර්තා විය. 17 May 2021
ළිඳ ළඟ හැංඟී කතුන් නාන හැටි බැලූ විවාහකයා අසූචිවලින් නාවලා පොදු ළිඳක් අසල කාන්තාවන් දිය නාන හැටි බලා සිටි විවාහකයකුට අසූචි නාන්න වීමේ සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තාවේ. 15 May 2021
කොරෝනා කත රෝහල් ගෙනගියාට අසල්වැසි පිරිසක් රතිඤ්ඤා පත්තු කරලා කොරෝනා ආසාදිත වූ කාන්තාවක රෝහල්ගත කරන්නට රැගෙන යාමෙන් පසු කිසියම් පිරිසක් එම කාන්තාවගේ නිවෙසට රතිඤ්ඤා දල්වා විසි කර දමා අමන සතුටක් පළකළ බව කියන පුවතක් පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබී ඇතැයි බස්නාහිර පළාතේ පොලිස් ස්ථානයකින් පසුගියදා අසන්නට ලැබිණි. 14 May 2021
චීන රොකට්ටුව වැටෙනවාට බයේ ගේ ඇතුළේ හැංගිලා අභ්‍යාවකාශයේ දී කැඩී වෙන් වූ රොකට්ටුවේ කැබැල්ල හිස මත වැටෙතැයි බියෙන් නිවසට වී කල් ගත කළ පුද්ගලයකු පිළිබදව බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය. 13 May 2021
කොරෝනාවට බයවෙලා හැංගූ සල්ලි එර්දි වෙලා කොරෝනා රෝගයට බියෙන් කල්ගෙවූ කාන්තාවක මාළු ග්‍රෑම් 500ක් මිලට ගෙන රුපියල් පන්දහසේ ඉතිරි මුදල නිවස අසල ගලක් යට සඟවා තිබියදී අතුරුදන්වීමේ පුවතක් දොඩම්ගොඩ ගම්මානයෙන් අසන්නට ලැබේ. 12 May 2021
පුුුතුට තහංචි වැටුණ නිවෙසේ මව මිදුල අතුගෑවාම අසල්වැසියාට යකා නැගලා අල්ලපු ගෙදර පුතා නිරෝධායනයට ලක් කර ඇති නිසා ඔහුගේ මව මිදුල අතුගෑමෙන් වළක්වන්නැයි ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දුරකථන ඇමතුමකු ලබාදුන් අසල්වැසියකු පිළිබඳව පෙරේදා 9 වැනිදා උදේ මීරිගමට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 11 May 2021
කොරෝනාවට බියවී අල්ලපු ගෙදර බලු වසංගතෙත් නැවතිලා යාබද නිවසේ ඇති කරන බල්ලාගෙන් වසර කිහිපයක් තිස්සේ වූ බලු හිරිහැරය, කොවිඩ් 19 ඍජු ආශ්‍රිතයන් වී නිරෝධායනයට ලක්වීමත් සමග නැත්තටම නැති වී ගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 10 May 2021
මාලෙ කඩාගන්න බෙල්ල අතගාද්දී සනීපෙට ඉඳලා පානදුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණියක් හදිසි අවශ්‍යතාවක් සඳහා නිවාඩු ලබාගෙන රත්නපුරය නගරයට පැමිණියේ සිය නිවෙස කරා යෑමටය. ඒවන විට රෑබෝවී තිබුණ ද එය ඇයට ගැටලුවක් නොවූයේ සිය නිවස නගරයට කිලෝ මීටර් දෙකක් පමණ දුරින් පිහිටා තිබීමත්, ත්‍රීරෝද රථයකින් පහසුවෙන් යා හැකිවීම නිසාත්ය. 08 May 2021
ගනුදෙනුකරුවන්ගේ වදෙන් බේරෙන්න මුදලාලි ‘නිරෝධායන’ පුවරුවක් ගහගෙන ගනුදෙනුකරුවන්ගේ ඉවක් බවක් නැති කරදරයෙන් බේරෙන්නට තමන් නිරෝධායනය වන බව සඳහන් පුවරුවක් ව්‍යාපාරික ස්ථානයේ සවි කර නිවසට වී කල්ගත කළ ප්රමුඛ පෙළේ කාර්මිකයකු පිළිබඳව පසුගියදා බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය. 08 May 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026