(තිහගොඩ - උපසේන ලියනගම)
බල්ලකු සපා කෑම නිසා ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් ගත වූ පුද්ගලයකු පිළිබඳව අනාවරණය වූ අපූරු පුවතක් නිසා වෛද්‍යවරයකු සහ හෙදියක අන්දමන්ද වීමේ සිද්ධියක් දකුණු පළාතේ ප්‍රාදේශීය රෝහලකින් පසුගියදා වාර්තා විය.
ගෙදර බල්ලාට කෑම දීමට යාමේදී ඌ අත සපා කෑ බව රෝගියා පැවසුවත් ඔහු කැඳවාගෙන ආ බිරිය කීවේ වෙනත් කතාවකි.
“මේ දවස්වල ගෙදර සුරතල් සතුන්ටත් කොරෝනා හැදෙනව කියපු නිසා ගෙදර බල්ලා ගැනත් මේ මනුස්සයා බයෙන් හිටියේ. පසුගිය දවස්වල කඩවලට ගියාම යාළුවෙක් කියල තියෙනවා, ගෙදර බල්ල වුණත් විශ්වාස නෑ. ඒ නිසා ඌට කෑම නොදෙන වෙලාවට මාස්ක් එකක් (මුව ආවරණයක්) දාලා තියන්න කියල.
මෙයා බීගෙන ඇවිත් ඒ විදියට මුව ආවරණයක් දාන්න ගියා. මුල් වතාවෙ ඌ දඟලල ඒක ලිහා ගත්තා. දෙවැනි වතාවෙ දාන්න ගියාම ඔය විදියට අත හැපුවෙ.” ඇය කී විට රෝගියාගේ වෙරි ගතිය සිඳුණාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd