IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගෙදර බල්ලාත් කොරෝනාවෙන් බේරාගන්න ගිහින්

(තිහගොඩ - උපසේන ලියනගම)
බල්ලකු සපා කෑම නිසා ප්‍රතිකාර  ලබාගැනීමට රෝහල් ගත වූ පුද්ගලයකු පිළිබඳව අනාවරණය වූ අපූරු පුවතක් නිසා වෛද්‍යවරයකු සහ හෙදියක අන්දමන්ද වීමේ සිද්ධියක් දකුණු පළාතේ ප්‍රාදේශීය රෝහලකින් පසුගියදා වාර්තා විය.


 ගෙදර බල්ලාට කෑම දීමට යාමේදී ඌ අත සපා කෑ බව රෝගියා පැවසුවත් ඔහු කැඳවාගෙන  ආ බිරිය කීවේ වෙනත් කතාවකි.


“මේ දවස්වල ගෙදර සුරතල් සතුන්ටත් කොරෝනා හැදෙනව කියපු නිසා ගෙදර බල්ලා ගැනත් මේ මනුස්සයා බයෙන් හිටියේ. පසුගිය දවස්වල කඩවලට ගියාම යාළුවෙක් කියල තියෙනවා, ගෙදර බල්ල වුණත්  විශ්වාස  නෑ. ඒ නිසා ඌට කෑම නොදෙන වෙලාවට මාස්ක් එකක් (මුව ආවරණයක්) දාලා තියන්න කියල.


මෙයා බීගෙන ඇවිත් ඒ විදියට මුව ආවරණයක් දාන්න ගියා. මුල් වතාවෙ  ඌ දඟලල ඒක ලිහා ගත්තා. දෙවැනි වතාවෙ දාන්න ගියාම ඔය විදියට අත හැපුවෙ.” ඇය කී විට රෝගියාගේ වෙරි ගතිය සිඳුණාලු.



අදහස් (0)

ගෙදර බල්ලාත් කොරෝනාවෙන් බේරාගන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site