IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සූර්වෙන්න මායිම පනින්න ත්‍රිපෝෂ කාඩ්පත පෙන්නලා

(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
සංචරණ සීමා පනවා තිබූ කාලයේදී දරුවාගේ ත්‍රිපෝෂ කාඩ්පත රැගෙන මිතුරෙකු හමුවීමට ගිය අපූරු පියෙකු පිළිබදව දකුණු පළාතේ සුන්දර ප්‍රදේශයකින් වර්තාවේ.


වෘත්තියෙන් විදුලි කාර්මිකයකු වූ මෙම පුද්ගලයා දරුවන් කිහිප දෙනෙකු සිටින මැදිවිය ඉක්මවූ මත්පැන් පානයට ඇබ්බැහිවූ අයෙකු බවට ප්‍රසිද්ධියක් උසුලයි. සති කිහිපයක් සංචරණ සීමා පනවා තිබූ නිසා නිවසට වී අපහසුවෙන් කල්ගත කරමින් සිටින විට නගරය සමීපයේ සිටින සිය මිතුරෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබුනේ තමන් නිවාඩු ලැබ නිවසට පැමිණි බවත් හැකිනම් නගරයට පැමිණෙන ලෙස පවසමිනි. සංචරණ සීමා නිසා මිතුරා හමුවීමට යාමට නොහැකිව කල්පනා කරමින් සිටින විට ගෙදර මේසය මත තිබූ තම දරුවාගේ ත්‍රිපෝෂ කාඩ්පත දැක ඇති අතර බිරිඳටද නොකියාම එම කාඩ්පත රැගෙන යතුරුපැදියේ නැගී මිතුරා හමුවීමට ගොස් ඇත.


මිතුරා සමග සවස් වනතෙක් පදමට මදුවිත සප්පායම් වී පෙරළා නිවසට එන විටදී ආරක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වී ඇති අතර එහිදී සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක කුමන කරුණක් සඳහා යන්නේදැයි විමසා තිබේ. දරුවාට අවශ්‍ය බෙහෙත් මිලදී ගැනීමට පාමසියට යන බව පැවසීම නිසා ඇතිවූ සැකය මත බෙහෙත් තුන්ඩුව පෙන්වන ලෙස ඔහුට පවසා ඇති අතර එවිට ඉනෙහි සඟවාගෙන තිබූ ත්‍රිපෝෂ කාඩ්පත පෙන්වා ඇතැයි පැවසේ. නිලධාරීන් එම කාඩ්පත පරීක්ෂා කිරීමේදී දින කිහිපයකට පෙර ත්‍රිපෝෂ ලබාගෙන ඇති බව එහි සඳහන් වීම නිසා සංචරණ නීති කඩකිරීම හා බීමත්ව යතුරුපැදියක් ධාවනය කිරීමට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.


තමන්ට සිදුවූ අලකලංචිය ගමේ අයගෙන් වසන් කරගැනීමට කෙතරම් උත්සාහ දැරුවද බිරිඳගේ දැඩි දෝෂාරෝපණය හා අඩදබර  නිසා දින කිහිපයක් යාමට පෙර කතාව ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබුණු අතර මගතොටේදී මෙම පුද්ගලයා දුටුවිට ත්‍රිපෝෂ ගෙන ඒමට යනවා දැයි බොහෝ දෙනා විමසන්නට පටන් ගෙන ඇත.



අදහස් (0)

සූර්වෙන්න මායිම පනින්න ත්‍රිපෝෂ කාඩ්පත පෙන්නලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site