IMG-LOGO

නයෙක් සිංදු අහන්න ගිහින්

(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
නිවෙසකට පැමිණි නාගයකු සාලයේ කැසට් යන්ත්‍රයක් අසල තබා තිබූ බෆල් එකක් ඇතුළට රිංගාගැනීම නිසා බෆල් එක කඩා නාගයා ඉවතට ගැනීමට සිදුවීමේ පුවතක් පොල්පිතිගම අවට ග්‍රාමයෙන් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


ඉකුත් 30 වැනිදා සවස් යාමයේ නිවෙසේ කාමරයක නාගයකු සිටින බව නිවෙස් හිමියා දැක තිබේ.


පසුව නිවෙස් හිමියා අවට අයගේ සහයෝගය ඇතිව නාගයා කාමරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.


ඒ  අවස්ථාවේ දී නාගයා කාමරයේ අහු මුලු අස්සට රිංගා ගැනීම නිසා රැස්ව සිටි පිරිසට කාමරයක තිබු බඩු මුට්ටු එළියට ඇද දැමීමට සිදු වී තිබේ. ඒ අනුව නාගයා කාමරයෙන් එළියට ගැනීමත් සමඟම සාලයට පැමිණි නාගයා රූපවාහිනිය හා කැසට් යන්ත්‍රය තබා ඇති මේසය අසලට රිංගා ගෙන ඇත.


නාගයා ඉවත් කිරීමට කටයුතු කිරීම හෝ පහර දීමට ගියහොත් මේසය මත තිබෙන වටිනා භාණ්ඩවලට හානියක් විය හැකි බැවින් ඔවුන් නාගයා නිදහසේ එළියට එන තෙක් ඒ දෙස බලා හිඳිනා අතරවාරයේ නාගයා කැසට් යන්ත්‍රය අසල තිබූ බෆල් එකේ ශබ්දය පිටවීමට වෙන් කර ඇති සිදුර අතරින් ඇතුළට රිංගා ගත්තේය.


ඒ අනුව පිරිස් ඒකරාශීවී මේසය මත තිබෙන දේවල් ද ආරක්ෂාකාරීව එළියට දැමීමට කටයුතු කළහ.


ඉන් අනතුරුව නාගයා ඉන්නවා යැයි කියූ බෆල් එක ඉවත ගෙන පරීක්ෂා කර ඇතත් එවැනි සතෙකු එහි නොසිටින බවට බොහොමයක්  දෙනා නිගමනය කර ඇත.


එහෙත් සතා එහි සිටින බවට සක් සුදක් සේ එය ඇසින් දුටු තරුණයා පැවසීම නිසා නිවෙස් හිමියා බෆල් එක කපා හෝ සැකය දුරු කර ගැනීමට කටයුතු කළේය.


බෆල් එකේ සිදුර රෙදි කැබැල්ලක් දමා සිර කර අනිත් පැත්ත හරවා එහි ආවරණය කර තිබු කාඩ් බෝඩ් කැබැල්ල කපා ඉවත් කර ඇතුළත පරික්ෂා කිරීමේ දී ඇතුලේ ස්පීකරය වටා නාගයා එතී සිටින අයුරු දැක ගැනීමෙන් රැස්ව සිටි පිරිස විමතියට පත්වූහ.


පැය ගණනක මෙහෙයුමකින් පසු නාගයා සොයා ගත් නමුත් සතා නොමරා බෆල් කොටස පොහොර උරයක දමාගෙන ගොස් පාලු වනාන්තර පෙදෙසකට නාගයා මුදා හැරීමට පිරිස එහිදී කටයුතු කර තිබේ.


මෙම සිද්ධියෙන් ඉතා වටිනා බෆල් එකට හානි සිදු වී තිබෙන බව නිවෙස් හිමියා පැවසීය.



අදහස් (0)

නයෙක් සිංදු අහන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 625 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site