IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඔත්තේ ඉරට්ටේ පටලැවිලා කසාදයත් කැඩෙන්න ගිහින්

(මහනුවර අධිකරණ සරත් කුසුම්සිරි රණසිංහ)
කොරෝනා රෝග නිවාරණය සඳහා රජයෙන් පනවා ඇති සෞඛ්‍ය නීති රීති හරිහැටි අවබෝධ නොවීම හා හැඳුනුම්පත් දෙකෙහි අග ඉලක්කම්වල අසමානතා හේතුවෙන් වියපත් අඹුසැමි දෙපළක් අතර හටගත් හබයක් දුර දිග ගොස් ඔවුන්ගේ යුග දිවිය දෙදරායාමට තුඩුදුන් අනුවේදනීය සිද්ධියක් ග්‍රාම නිලධාරිවරයෙකුගේ මැදිහත්වීමෙන් දෙදෙනාට කරුණු  කාරණා පහදා දීමෙන් පසු නිරාකරණයවීමේ පුවතක් ඉකුත්දා මැදරට ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි.


සිය විවාහ ජීවිතයේ හැත්තෑපස්වන වසරද ඉක්මවා සිටි මෙම දෙන්නා දෙමහල්ලන් විටෙක ගසට පොත්ත මෙන් විය. සතුටින් සාමයෙන් කල් යල් ගෙවමින් විසූ මේ දෙදෙනා ඔවුන්ට දාව උපන් දියණියන් තිදෙනාම නිසි කලට දීග තල දීමෙන් පසු අවසන මහ ගෙදර හුදෙකලාව ජීවත් වූහ.


කොරෝනා වසංගතය හේතුවෙන් ගම් ප්‍රදේශය හුදෙකලා කිරීමත් ඔවුන්ටද ආරවුල් ගණනාවකට මුහුණ දෙන්නට සිදු විය. දෙදෙනා අතර වූ ආසන්නතම ආරාවුලට හේතුව කොරෝනා වසංගතයට රජයෙන් බෙදා හරිනු ලබන රුපියල් පන්දහසක් වටිනා සහන බඩු මල්ල ගැනීමට දෙදෙනාට එකවර යාමට හැඳුනුම්පත් දෙකෙහි අවසන් ඉලක්කම් ඔත්තේ හා ඉරට්ටේ වීම හරහට හිටීමෙන් බාධාවක් ඇතිවීමය.

මේ නිසා ඔවුන් දෙදෙනාගෙන් බිරිය සැමියා හොර ගමනක් යාමට සැරසෙතැයි සැක කළේ තමා ගෙදර දමා ඔහු යාමට ලක ලෑස්ති වූ බැවිනි. මෙම සැකය දුරදිග ගිය අතර ගෙදර නිතරම පාහේ අවුල් සහගත තත්ත්වයක්ද ඇතිවිය. මේ බව වසමේ ග්‍රාම නිලධාරිටද ආරංචි විය. අඹුසැමි යුවළ සමගි සම්පන්නව එමෙන්ම සමාජයට කිසිදු කරදරයක් නොමැතිවූ ඉතා ආදර්ශවත් පවුල් ජීවිතයක් ගත කර ඇති බව මැනවින් පසක් කර ගෙන සිටි ග්‍රාම නිලධාරිවරයා මොවුන් අතර හට ගෙන ඇති ආරවුල දෙදෙනා වයෝවෘද්ධ තත්ත්වයට පත්ව සිටීමත්, එමගින් ඔවුනොවුන්ගේ කල්පනා ශක්තියේ දුර්වලතා ඇතිවීම මෙන්ම කොරෝනා වසංගතය නිසාවෙන් රජයෙන් පනවා ඇති නීති රීති හරි හැටි අවබෝධ නොවීම යන කරුණු මත පදනම් වී ඇති බව වටහා ගෙන තිබුණි.


පනවා ඇති සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් මාර්ගෝපදේශවලට අනුගත වෙමින් කටයුතු කිරීමෙන් කොරෝනා වසංගතයෙන් බේරීමට හැකි බවත් වසංගත රෝග තත්ත්වය පැණවීමෙන් පසු හුදෙකලා බව හා සංචරණ සීමා ඉවත් කරන බව ග්‍රාම නිලධාරීවරයා තේරෙන භාෂාවෙන් වටහා දීමට කටයුතු කිරීමෙන් ඔවුන්ගේ විවාහය ද සුරක්‍ෂිත විය.

 



අදහස් (0)

ඔත්තේ ඉරට්ටේ පටලැවිලා කසාදයත් කැඩෙන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 144 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 43 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 741 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site