IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බඩු මල්ලේ උදව්වෙන් කසිප්පුවා ගජරාමෙට වැඩ

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
සංචරණ සීමා හමුවේ එහෙ මෙහෙ යන්න බඩු මල්ලක් පිහිට වී අන්තිමේදී වැඩේ අසුවී නඩු දමා ගත් පුද්ගලයකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.  


පැවති සංචරණ සීමා හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් පුද්ගලයන්ට නිකරුණේ සංචරණය කිරීම තහනම් විය. මේ හේතුවෙන්  ඉහත සඳහන් ගමේ නිතර තනි වෙරියෙන් සිටින පිරිසක් මහත් අපහසුතාවට පත්වූහ. ඔවුන් දස අතේ කල්පනා කළේ කසිප්පු මුදලාලි වෙත යා ගන්නේ කෙසේද කියාය.


 ඒ අතර එකෙකු ආච්චිගේ බෙහෙත් තුන්ඩුව ගැන සිහි කර බෙහෙත් ගේන්න ගිය ලෙස යා හැකි බව ප්‍රකාශ කළේය. එහෙත් කසිප්පු මුදලාලි සිටින ප්‍රදේශයේ ෆාමසියක් නොමැති හෙයින් එම යෝජනාව ප්‍රතික්ෂේප විය. 


මේ අතර එක් අයෙක් කදිම යෝජනාවක් ඉදිරිපත් කළේය. එනම් බඩු මල්ලක් සකසා එය රැගෙන ගොස් කසිප්පු රැගෙන නැවත පැමිණිය හැකි බවය. මේ දිනවල පොලිසිය මානුෂිකව සිතන බවද ඉන් ප්‍රයෝජන ගත හැකි බවද ඔහු පවසා තිබේ. 


”‍මචං බඩු මල්ලක් හදා ගත්තොත් කසිප්පු ගේන්න යන උන්ට ගානකට රෙන්ට් කරලා සල්ලි හොයන්නත් පුලු‍වන් තව එකෙක් යෝජනා කළේය. පසුව ඔවුන් හාල්, පොල් ඇතුළු ද්‍රව්‍ය දමා කුඩා බඩු මල්ලක් හදා සිය අවශ්‍යතාව ඉටුකර ගෙන ඇත.


මේ අතර දිනක් ගමේ මාමා කෙනකු පැමිණ බඩු මල්ල කුලියට රැගෙන කසිප්පු මුදලාලි වෙත ගොස් කසිප්පු රැගෙන පැමිණෙන අතර පොලිසියට හසුව ඇත. 


”‍කොහෙද ගියේ”‍ යැයි පොලිසිය විමසු විට ඔහු ‘අනේ සර් හාල් තුනපහ ටිකක් ගේන්න ගියා යැයි පවසා ඇත. එහෙත් හැමදාම යන එකම බඩු මල්ල ගැන සැක සිතුනු පොලිසිය ඔහුගේ මල්ල පරීක්ෂා කිරීමේදී කසිප්පු හසුව ඇත.


 ”‍ආ මේකයි එහෙනම් කාරනේ තමුසේ කසිප්පු බීලා යට ඇඳුම් එකතු කරනවා නේද”‍ යැයි පොලිසිය විමසා ඇත්තේ ඔහු අන්දුන් කුන්දුන් කරමිනි.  පොලිසිය ඔහු රැගෙන ගොස් චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා ඇත. පසුව පැමිණ බඩු මල්ල කුලියට ගත් තරුණයාගෙන් ඒ පිළිබඳව විමසද්දී ‘‘සොරි වෙන්න ඕනි අංකල් ඔර්ජිනල් බඩු පාර්සලය වෙන කෙනෙක් අරන් ගියා. ඕක ඇදුම් වගයක් දාලා කලබලේට හදපු ඒ වගේම වෙනත් පාර්සලයක්’’ යැයි තරුණයා පැවසූ විට පොලිසිය ගැන සිහිවී ඔහුට පොළව පලාගෙන යන්නට සිතුණාලු‍.

 



අදහස් (0)

බඩු මල්ලේ උදව්වෙන් කසිප්පුවා ගජරාමෙට වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site