(මතුගම, පියසේන දොඩන්ගොඩ)
පසුගිය වැසි සුළං සමයේදී මතුගම ප්‍රදේශයේ සිදු වූ රසවත් සිදුවීමක් මෙසේය.
අගිදක්කාගේ ගෙමිදුලේ සරුවට වැඩී තිබුණ කතුරුමුරුංගා ගස ඇය රැක බලා ගත්තේ දැඩි උනන්දුවෙනි. අහල පහළ කාන්තාවක මැල්ලුමකට කොළ අහුරක් ඉල්ලුවත් පාත් වූ අතු කැබැල්ලකින් මේරු කොළ ටිකක් කඩා දී ඇඟ බේරා ගැනීම ඇගේ සිරිතක් විය.
පසුගිය දිනක ඇති වූ මහා සුළං සහිත අනෝරා වැසි දිනක කතුරුමුරුංගා අත්තක් කඩාවැටී බිම පතිත විය. වැස්ස තුරුල් වෙන තුරු සිටි අගිදක්කා ‘‘අපරාදෙනෙ වුණේ, මේ කොළ අතුරිකිලි ටික කඩා විකුණා ගැනීමට සිතූ ඇය, වැටුණ අත්තේ දළු, කොළ, අතු, රිකිලි කඩා මිටි දහයක් තනා ගත්තාය. අල්ලපු වැටේ සිටි ත්‍රීවිල් මල්ලි කැඳවාගෙන ඇය ටවුමට ගියේ කොල මිටි දහය විකුණා මුදල් ලබා ගැනීම සඳහාය. සෑහෙන්න එළවළු ගොඩගසා තිබුණ එළවළු මැහිවල ඇගේ කතුරු මුරුංගා කොළ මිටි ගැනීමට කිසිවෙක් කැමති නොවුණේ එදිනම විකුණා ගැනීමට නොහැකි වුවහොත් පසුවදා කොළ ඉදී හැලෙන බැවිනි. කෙසේ හෝ එක් වෙළෙන්දකු කැමැති කරවා ගෙන කොළ මිටි දහය දුන්නත් ඔහුගෙන් ලැබුණේ රුපියල් සියයක් පමණි. අහල පහළ ගමේ උදවියට කොළ ටික නිකම් නොදී වැඩි තණ්හාවට ගිය අගිදක්කාට ත්‍රිරෝද ගාස්තුව වූ රුපියල් දෙසීය අතිනුත් රුපියල් සියයක් දමා ගෙවා දමන්නට සිදුවිය.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
මුරුංගා අත්තෙන් සල්ලි හොයන්න ගිහින් අතිනුත් කාලා
himal Tuesday, 29 June 2021 11:03 AM
ඒ මනුස්සයාට පොළට කතුරුමුරුංගා අරන් යන්න බස් එකක් හෝ බයිසිකලයක් තිබ්බා නම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑනේ. තමන්ගේ වත්තේ වැවෙන දෙයකින් කීයක් හරි නීත්‍යානුකූල විදිහට හම්බ කරගන්න හදපු උත්සාහයක් ලියුම්කරුට වහකදුරු වෙලා.