IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොරෝනා බතට හොර ජෝඩුවක් මාට්ටු

(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
අනියම් පෙමක පැටලී සිටි රජයේ සේවක යුවළකට කොවිඩ් වයිරසය හේතුවෙන් මුහුණපෑමට සිදු වූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ.


විවාහක තරුණ නිලධාරි දෙපළක් එකම කාර්යාලයේ රාජකාරි කරමින් සිටියදී අසම්මත පෙම් හබයක් පටන් ගත්හ. 


පෙම්වතියගේ සැමියා රජයේ සේවකයකු නොවන අතර පෙම්වතාගේ බිරිය එම ආයතනයේ වෙනත් කාර්යාලයක සේවය කරයි. දෙදෙනාටම දූ දරුවන් ද සිටින අතර ඒ අයගේ කටයුතු නොපිරිහෙලා ඉටුකිරීමට ද දෙදෙනාම වගබලා ගත්හ.


පෙම්වතිය දිනපතා සිය පෙම්වතාට ද උදේ සහ දිවා ආහාරය රැගෙන එන අතර දෙදෙනාම ආපනශාලාවේ තබාගෙන අාහාර ගන්නා බව එම කාර්යාලයේ කා අතරත් නොරහසකි.


සංචරණ සීමා පැනවීමත් සමග දෙදෙනාටම සිය අවශ්‍යතා සිත්සේ සපුරා ගැනීමට අවස්ථාව උදා වී ඇති අතර, ආහාරපාන ගැනීම ද එකටම සිදු කළහ. පෙම්වතියගේ සැමියා සිදුකරන රැකියාව අනුව ඔහු විශාල වශයෙන් ජනතාව සමග ගැටීම හේතුවෙන් කොවිඩ් ආසාදිතයකු බවට පත්විය. සැමියා කොරෝනා ආසාදිතයකු හේතුවෙන් පෙම්වතිය නිරෝධායනයට යොමු කළේය.


කාන්තාවට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඇය ද ආසාදිතයකු වීම හේතුවෙන් ඇයගේ සමීපතමයකු ලෙස පෙම්වතා ද නිරෝධායනය කළේය. ඔහුට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු ද අසාදිතයකු බවට පත්ව සිටියේය.


පෙම්වතාගේ බිරිය දැඩි ලෙස සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් දරුවන් සහ නිවෙසේ අය ආරක්ෂා කළ පසුබිමක සැමියාට කොවිඩ් වැළඳීම ගැටලුවක් වීම නිසා ඒ පිළිබඳව ඇය විපරම් කර බැලු‍වාය. තම සොයුරියක මාර්ගයෙන් සැමියාගේ කාර්යාලයේ ඒ පිළිබඳව සොයා බැලීමේදී ඇයට සියල්ල හෙළි විය.


සැමියා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට නිවෙසට පැමිණෙන විට බිරිය දරු දෙදෙනා සමග මහගෙදර ගොස්ය. මේ වෙද්දී පෙම්වතා තනිවම නිවෙසේ ජීවත්වන අතර සිද්ධිය පෙම් යුවළගේ කාර්යාලයට ආරංචි වීමත් සමග ආයතන ප්‍රධානියා දෙදෙනා අවස්ථා දෙකකට සේවයට කැඳවීමට ක්‍රියා කළේය.


කොරෝනා බත කෑවා නම් දිරවාපන් සුදෝ කියා කතාවක් කාර්යාලය තුළ නිර්මාණය වීම නිසා සිද්ධිය වැඩි කාලයක් නොගොස් ප්‍රදේශය පුරා පැතිර යාම සිදු වූ බව ද පැවැසේ. 

 



අදහස් (0)

කොරෝනා බතට හොර ජෝඩුවක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site