IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මෝචරියේ සේවකයන් වාට්ටුවට යද්දී මිනිය නැගිටලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවාආරච්චි)
මළ සිරුර යැයි වැරදී තද නින්දේ සිටි කාන්තාවක මිනී කාමරයට ගෙන යාමට උත්සාහ කිරීමේදී බියට පත්වූ රෝහල් සේවක දෙපළක් පණ එපා කියා දිව ගිය පුවතක් ප්‍රධාන පෙළේ රෝහලකින් වාර්තා විය.


මුල් පෙළේ රෝහලකි. එහි කාන්තා වාට්ටුවක ප්‍රතිකාර ලැබූ කාන්තාවක රාත්‍රි කාලයේ මියගියාය. මරණයෙන් දෙපැයක් ගතවූ පසු දේහය මිනී කාමරයට දැමීම සිරිතක් බැවින් වාට්ටු භාර නිලධාරීහු ඒ බව මිනී කාමරයේ සේවක පිරිසට දැනුම් දීමට පියවර ගත්හ.


මිය ගිය කාන්තාවගේ සිරුර වාට්ටුවේ කෙළවරක ඇඳේ තබා වසා තිබිණි. එක් අයෙකුගේ මරණය නිසා වාට්ටුවේ සිටි සෙසු රෝගී කාන්තාවන්ද සිටියේ තරමක් බිය පත්වය. වැඩිදෙනා හිස වැසෙන සේ රෙදි පොරවා ගෙන නින්දට ගියේ වාට්ටුවේ කෙළවරක මළ මිනියක් තිබෙන බව දන්නා නිසාවෙනි.


මේ අතර මිනී කාමරයේ සේවකයන් දෙදෙනා ට්‍රොලියද තල්ලු කරගෙන වාට්ටුවට ආවේ දේහය රැගෙන යාමටය. වාට්ටුවට ඇතුළුවන ස්ථානයේ සුදු රෙද්දකින් වසා දැමූ මළ සිරුර දුටු ඔවුහු කිසිවක් නොවිමසාම දේහය ට්‍රොලියට දමා ගැනීමට කටයුතු කළෝය.


ඒ සමගම තද නින්දේ සිටි කාන්තාව අවදි වූවාය. ඇගේ අවදි වීමත් සමඟ සේවක දෙපළට ඇතිවූයේ මර බියකි. මිනිය නැගිටලායි ළතෝනි දුන් දෙදෙනා දුවන්නට වූහ.


පසුව කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ දේහය තිබුණේ වෙනත් කෙළවරක බවත් මරණය නිසා ඇති වූ බිය හේතුවෙන් සෙසු රෝගී කාන්තාවන් හිසේ සිට දෙපතුල දක්වා රෙදි පොරවාගෙන නිදා සිටියදී මෙම කාන්තාව පමණක් සුදු රෙද්දක් පොරවාගෙන තිබීම නිසා සේවක දෙපළට වරදක් සිදුවී ඇති බවය. පසුව සෙසු රෝගීන්ගේ අවඥාව මැද්දේ සේවක දෙපළ නියමිත මළ සිරුර රැගෙන ගිය බවද දැනගන්නට ලැබුණි.



අදහස් (1)

මෝචරියේ සේවකයන් වාට්ටුවට යද්දී මිනිය නැගිටලා

ganegoda Sunday, 20 June 2021 02:25 PM

හදිස්සියකින් හෝ රෝහල්ගත වුණොත් නිදාගන්න නම් එපා...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site