(මොරගොල්ලාගම සිසිර කැලේගම)
නීත්‍යනුකූල බිරිය අනියම් ප්‍රේම රංගනයක යෙදුණු සිය සැමියා ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට අනියම් බිරිය බාර ගැනීමට සිදුවීමේ පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
විවාහක නීත්‍යනුකූල සැමියාට හා බිරියට දරුවන් තිදෙනෙකි.
එම දරුවන් තිදෙනාමත් විවාහ වී ඔවුනට ද දරු මල්ලෝ සිටිති.
විවාහක සැමියා පෞද්ගලික රැකියාවක නිරතව සිටිය දී සිදු වූ අනතුරකින් පසුව පාදයේ කොටසක් කපා ඉවත් කිරීමට සිදු විය. එසේ වුවද සැමියාට අහිතක් නොකර ඔහු පණ මෙන් රැක ගත් බිරිය සමඟින් ඔවුහු සතුටින් වාසය කළහ.
ටික කලක් ගත වනවිට සැමියාගේ හැසිරීම් රටාවේ වෙනස්කම් දුටු බිරිය ඒ ගැන විමසිල්ලෙන් සිටියාය.
සිය සැමියා විවාහක තවත් කතක් සමඟ අනියම් ඇසුරක් පවත්වන බවට තොරතුරු අනාවරණය කර ගැනීමට ඇයට හැකි විය.
එය නවත්වන්නට කියා ඇය මෙන්ම ඔවුන්ගේ දරුවන්ද ආයාචනා කර ඇතත් එහි වර්ධනයක් මිස අත්හැරීමක් දක්නට නොලැබුණි.
ඒ පිළිබදව උකුසු ඇසින් පසු වු බිරිය ඔහු අනියම් කත සමඟ වාසය කරන අතරේ ඇය වහාම පොලිසියට පැමිණ ඒ ගැන පැමිණිලි කළාය. ඒ අනුව එම සැමියා හා අනියම් කත පොලිසියට කැඳවන ලදි.
සිද්ධිය ගැන මුල සිට අග දක්වාම අදාල පැමිණිලි අංශය මගින් විභාග කෙරුණි.
සැමියා යළි එවැනි වරදක් නොකරන බවටත්, අනියම් කත එම සම්බන්ධය අත හරින බවටත් පොරොන්දු වූහ. පැමිණිල්ල කළ නීත්‍යනුකූල බිරිය කකුළක් නොමැතිව සිටියදී පවා රැක බලා ගත් සැමියා ප්‍රතික්ෂේප කළාය. පොලිසිය සිද්ධිය සමථයකට පත් කිරීමට කොතෙක් උත්සාහ කළද සියල්ල නිශ්ඵල විය.
අවසානයේ හොර රහසේ ප්‍රේම රංගනයක යෙදුණු විවාහක කතට අන් අයකුගේ සැමියෙකු බාර ගැනීමට ඇයට සිදු වූවාය.
ගිය මඟ වැරදුණු බව දත් 47 වැනි වියේ පසු වු සිය සැමියා තනි කකුලකට වාරු දිදී අනියම් කත සමඟ අමුතු බත් කෑම සඳහා නව නිවහනක් කරා නික්ම යන දෙස 17 වසරක් තිස්සේ ඔහු හා එකට විසූ බිරිය පොලිසියේ රැඳී බලා සිටි නමුත් ඒ දසුන් දැකීමට ඔවුන්ගේ දරු මුණුපුරන් පවා පොලිසියට පැමිණ සිටියේ නැතිලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කියනවා ඔය විවාහක යුවලට ළමයි තිදෙනක් ඉන්නවා... එයලා බැඳලා කියලා. ඊට පස්සේ කියනවා බැඳලා වසර 17යි කියලා. එතකොට ඒවා බාල වයස්කාර විවාහද? අනෙක අනියම් සබඳතා තිබ්බා කියලා දඬුවම් දෙන්න පොලිසියට බෑ... කරන්න පුළුවන් එකම දේ දික්කසාදයට නිමිත්තක් කරගන්න පුළුවන්. ඒ නිසා මේ බිරිඳ පොලිසි ගිහින් සමථයට පත්වෙන්න කැමතිත් නැත්නම් දික්කසාද වෙනවා හැර වෙන වැඩක් නෑ.
අනාචාරය කියන විවාහක වරද යටතේ සාමාන්‍යයෙන් දික්කසාද නඩු පැවරීමක් කරන්න අපහසුයි... මේක ද්වේශ සහගත අත්හැර යාමක්... හෝ අනුමිත ද්වේෂ සහගත හැරයාමක් පේන්න නැහැ... ඒ නිසා දික්කසාදයක් ලබාගන්න පහසු නෑ... තියෙන කරුණු අනුව...
මේවා බොරු කතා....