IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


​ෙචක්පත ඉරුවාට උරණ වී බලුපැටියාගේ කට ගිනි පෙනෙල්ලෙන් පුච්චලා

 (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
 මුදල් චෙක් පත සුරතල් බලු‍ පැටියා ඉරුවා යයි උරණවී ඌට අපූරු දඬුවමක් ලබාදුන් අපූරු අයෙක් පිළිබඳව දකුණේ ගමකින් අසන්නට ලැබේ.


    රුපියල් හතළිස් පන්දහසකට බලු‍ පැටියෙක් මේ නිවැසියන් ගෙන ආවේ සුරතලයට ඇති කිරීමටය. මේ බලු‍ පැටියාට කඩදාසි පෙන්නන්නම බැරිය. කඩදාසි කොළයක් දුටුවිට ඌ එය කීතු කීතු වනසේ කටින් හා දෙපාවල නියපොතුවලින් ඉරා දැමීමට ගනුයේ තත්පර කිහිපයකි.


 මෙවන් පසු බිමක තමන්ගේ නමට තැපෑලෙන් ආ වටිනා මුදල් චෙක් පතක් ඔහු පුටු සැටිය මත තබා වැසිකිළියට ගොස් එනවිට සුරතල් බලු‍ පැටියා චෙක් පත කීතු කීතු වෙන්න ඉරා හමාරය. චෙක් පතේ වටිනා කමත් ඒ අවස්ථාවේදී  තිබූ මුදල් අවශ්‍යතාවත් නිසාම ඔහුට බලු‍ පැටියා සමග ආවේ පුදුම කේන්තියකි.


 මේ වගේ නොහොඹිනා බලු‍ වැඩ ආයෙමත් නොකරන්න බලු‍ පැටියාට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ යයි කියමින් ඔහු ගියේ මුළුතැන්ගෙටය. එහි ගිය ඔහු ගිනි පෙනෙල්ලක් රැගෙන ආවේය. චෙක් පත ඉරා දැමූ තැනට බලු‍ පැටියා ගෙන ගිය ඔහු උගේ කට ගිනි පෙනෙල්ලෙන් පිච්චුවේ ආයෙමත් මේ වගේ වැඩ කළොත් බලා ගෙනයි කියමිනි.


 කට පිච්චීමෙන් ඇතිවූ වේදනාවෙන් බලු‍ පැටියාගේ මර හඩ මැද්දේ එතනට පැමිණි භාර්යාව විනාශවූ චෙක් පතේ කෑලි පෙන්වා අදාළ ආයතනයෙන් අලු‍තින් චෙක් පතක් ලියවා ගත හැකි  බව ඔහුට පසක් කළේ බලු‍ පැටියාට පාඩමක් උගන්වන්න කලින් සිය සැමියාට මේ කළ  වැඩේට පාඩමක් ඉගැන්විය යුතු යයි කියමිනි.

 



අදහස් (0)

​ෙචක්පත ඉරුවාට උරණ වී බලුපැටියාගේ කට ගිනි පෙනෙල්ලෙන් පුච්චලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site