බස්නාහිර පළාතේ දකුණු පළාතට මායිම් වූ ගමක පිහිටි නිවසකි. නව යුවළක් නිවසේ වාසය කරන අතර සැමියා ත්රිරෝද රථ රියදුරෙකි. අගනුවර ප්රදේශයට හයර් එකක් ගිය අවස්ථාවක හඳුනාගත් යුවතිය සමග විවාහවී වැඩි දවසක් ද නැත.
කලක් වසා දමා තිබුණු මේ නිවසේ මීයන්ගේ කරදරය ඉතා අධිකය. බිරිඳ මීයන්ට දක්වන බිය හේතුවෙන් ගැටලුවක් ඇතිවිය හැකි බව වටහා ගත් සැමියා මීයන් ඇල්ලීමට වෙළෙඳ පොළෙන් කූඩුවක් ගෙනාවේය. බිරිඳ සමග එකතුවී එදින හැන්දැවේ මී කූඩුව ඇටවූහ.
උදෑසන බලද්දී මීයන් දෙදෙනෙකු එයට අසුවී සිටීම දෙදෙනාගේම සතුටට හේතුවිය. ‘‘අපි දැන් මොකද කරන්නේ මේ දෙන්නට,? අනේ මරන්න නම් එපා.’’ බිරිඳ පින්සෙන්ඩුවූවාය. නෑ, නෑ. අපි මේ දෙන්නා ඈත කැළයකට ගිහින් දාමු. කොහොමද ගෙනියන්නේ.?‘‘ ත්රිරෝද රථයේ පටවාගෙන අරන් යමු.
ත්රිරෝද රථයේ පිටු පස අසුනේ දකුණු පැත්තට වන්නට ඇති පැති දොර අයිනෙ බිරිඳ ගුලිවී ඉඳගත් අතර වම් පස අයිනේ මීයන් සමග කූඩුව තැබුවේ බිරිඳගේ ඉල්ලීමටය. කිලෝමීටර් දෙකක් පමණ ගිය තැන හමුවූ කැලෑ ප්රදේශයේ රථය නතර කර සැමියා මීයන් සිටි කූඩුවේ දොර කැලෑව පැත්තට හරවා විවෘත කළේය.
එක් මීයෙක් කැළයට පැන දිව්වත් අනෙක් මීයා බියවී කුඩුව දිගේ දුවවිත් ත්රිරෝද රථයේ ඇතුළට පැන්නේය. ඒ සමගම කලබල වූ බිරිඳ ත්රිරෝද රථයේ පැති දොරත් ගලවාගෙන හැඳ සිටි ඇඳුමත් ඉරාගෙන කකුලත් තුවාල කරගෙන පාරට පැන ඇද වැටුණාය.
සැමියාට තරු පෙනුණි. මී කූඩුව ද විසි කර දැමූ සැමියා බිරිඳ ත්රිරෝද රථයේ පටවා වහා රෝහලට ගියේය.
(සුමති කුඩලිගම)
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මීයන්ගෙ වදෙන් මිදෙන්න ගිය බිරිඳ රෝහලේ