මුනුබුරා එක්ක දඩයමේ ගිහින් උපන් ඇඳුමෙන් ගෙදර ඇවිත්
තම මුනුබුරා සමග වන සතුන් දඩයමේ ගිය සීයාට, ඇඳ සිටි සරම අහිමි වී, උපන් ඇඳුමෙන්ම ගමට ඒමට වීමේ පුවතක් රජරට කැලෑබද ගමකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ගමේ ඉත්තෑවන් නිතර ගැවසෙන ගල් කන්දක් ආශ්රිතව මෙම සීයා සහ මුනුබුරා දඩයමේ යමින් සිටියහ. එක්වරම ඉත්තෑවකු ඔවුන්ගේ ඇස ගැටුණු අතර, ඔවුන් ඉත්තෑවා පසුපස ලුහුබැන්දේ අසල ගල් කන්දේ ගල් ගුහාවකට රිංගනු ඇතැයි සිතාගෙනය.
ඔවුන්ගේ සිතුවිල්ල ටක්කෙටම හරි ගියේය. ඉත්තෑවා පණ බේරා ගැනීමට ගල් කන්දේ ගල් බෙණයකට ර