IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බුරියානි වෙනුවට ගෙදර කෑම දී ඉල්ලන් කාලා

හේවාහැට-එම්. දසනායක 


මැතිවරණ තරඟ බිමේ සිටින ප්‍රධාන පෙළේ අපේක්ෂකයකු වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදුකරන ගමේ ආධාරකරුවන්ට ඉස්තරම්ම තත්වයෙන් සංග්‍රහ කිරීමට ලබාදුන් උපදෙස් පිළි නොගෙන තම නිවසේ ආහාරපාන සකස් කර දී ආපනශාලා වලින් බිල්පත් ලබාගෙන ඉදිරිපත් කර මුදල් ලබා ගැනීමට ගොස් තම දේශපාලන ලොක්කාගේ උදහසට ලක්වූ කන්ද උඩරට ප්‍රදේශයේ පුංචි මන්ත්‍රීවරයකු පිළිබඳව පුවතක් ලංකාදීපයට වාර්තා වේ.


සිද්ධියට මුහුණ දුන් පුංචි ආණ්ඩුවේ මන්ත්‍රීවරයා ක්‍රියාවට වඩා කයිවාරුවෙන් වැඩ පෙන්වන අයෙකි. මුහුණු පොතේ නිතර දෙවේලේ සැරි සරමින් තම වැඩ කටයුතු පිළිබඳව මහ ඉහළින් ප්‍රචාරක කටයුතු සිදුකරන මොහුට මෙවර තමන් සහාය දක්වන අපේක්‍ෂකයා වෙනුවෙන් ගමේ කැන්වසින් යන පිරිසට අාහාරපාන ලබාදී ඉහළම තත්වයෙන් සංග්‍රහ කිරීමට ප්‍රදේශය භාරව කටයුතු කරන ඇමතිවරයාගෙන් උපදෙස් ලැබී ඇත.
කෙසේ නමුත් ඇමැතිවරයාට නොදැනෙන්නට මොහු සිය බිරිඳ සමග නිවසේදීම ආහාරපාන සකස් කර කැන්වසින් යන පිරිසට සංග්‍රහ කර පසුව නගරයේ ඇති ආපනශාලා වලින් බිල්පත් ලබාගෙන එම බිල්පත් ඉදිරිපත් කර මුදල් ලබාගෙන ඇත.
තම ආපනශාලාවලින් ආහාරපාන ලබා නොගෙන අවස්ථා ගණනාවකදීම මෙලෙස බිල්පත් පමණක් ලබා ගැනීම පිළිබඳව සැක සිතූ එහි හිමිකරුවන් මේ පිළිබඳව ඇමැතිවරයාගේ ගෝල බාලයන් දැනුවත් කිරීමෙන් පසුව ඔවුන් හොර රහසේ ආධාරකරුවන්ගෙන් මේ පිළිබඳව විමසා ඇත.
ඉස්තරම් වර්ගයේ බුරියානි ප්‍රයිඩ් රයිස් වෙනුවට ප්‍රචාරක කටයුතු සිදුකළ මේ දින කිහිපය පුරාවටම සාමාන්‍ය පන්නයේ අාහාර වේලක් පමණක් තමන්ට ලැබුණු බවත් ආධාරකරුවන් පිරිස ඇමතිවරයාගේ ගෝලයන්ට පවසා ඇත.
මේ සිද්ධිය සැලවීමත් සමග මාරාවේශවූ ඇමැතිවරයා අදාළ මන්ත්‍රීවරයා තම ප්‍රචාරක කාර්යාලයට ගෙන්වා මේ පිළිබඳව විමසා දෝෂාරෝපණය එල්ල කර පහරදීමට පවා උත්සාහ කරන විට එම අවස්ථාවේ කාර්යාලයේ රැඳී සිටි පිරිසක් මැදිහත් වීමෙන් පුංචි මන්ත්‍රීවරයා බේරාගෙන එම ස්ථානයෙන් පිටමං කර ඇත.



අදහස් (0)

බුරියානි වෙනුවට ගෙදර කෑම දී ඉල්ලන් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 440 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site