කුරුණෑගල ර.මු.වී.ර.බණ්ඩාර
කොළඹ සිට මහනුවර ගමනාන්තය දක්වා ධාවනය වෙමින් තිබු අතුරු සිදුරු නැතුව මගී ජනතාව පිරී සිටි ශ්‍රී ලංගම බස්රථයට අතරමඟදී අරුමෝසම් ඇඳුමකින් සැරසී සිටි කෙසඟ පෙනුමක් සහිත තරුණ කාන්තාවක් ගොඩවුණාය.
බස්රථයේ පිරී සිටි මගී ජනතාව අතරින් ”අපට වෙන්කළ සීට් එක දෙන්න” යැයි ඇය ගැබිනියන් සඳහා වෙන්කළ අසුනේ මහනුවර ගමනාන්තය දක්වා ප්‍රවේශපත්‍රයක් මිලදී ගත් මගීයාට පැවසුවාය.
.”මම බබෙක් හම්බවෙන්න ඉන්නේ යැයි ඇය නැවතත් පැවසුවාය. ඇගේ වදන් කනවැකුන මගීන් එකිනෙකාගේ මුහුණු බලමින් කටකොනකින් සිනාසී ඔවුහු නිහඬ වූහ.
බස්රථය ඉදිරියට ධාවනය වෙමින් පවතී.” අපේ සීට් එක අපට දෙන්නෙ නෑනේ මේක ඩ්‍රයිවර්ටවත් කියන්න ඕනෑ යැයි ඇය නැවතත් පැවසුවාය. මඟී ජනතාව නිහඬය. ඇයට කිසිවකු අසුනක් පරිත්‍යාග නොකළාය.
කාන්තාවක ගැබිනියක වීමෙන් පසු ඇගේ ශාරීරික අවයව බාහිර ලක්ෂණ මේ ගැබිනියක යැයි කියාගන්නා කාන්තාව සතු නොවීය.
බස් රථයක් තුළ හෝ වෙනත් කිසියම් ස්ථානයකදී ගැබිනි මාතාවන්ට සෑම සමාජයකම තරාතිරම නොබලා ඒ මොහොතේම පහසුකම් සපයති. බස්රථයේ අසුනක් ලබාගැනීමේ අරමුණෙන් තමන් ගැබිනියක් යැයි පවසමින් අපූරු රංගනයක යෙදුණු ”ඩෙනිම් කලිසමකින් සැරසී අරුමෝසම් විලාසිතාවකින් සැරසී සිටි මෙම කාන්තාව බස් රථයේ මඟී ජනතාවගේ සමච්චලයට බඳුන් වූවාය.
අතරමඟදී බස්රථයෙන් බැසගත් තමන් ගැබිනියක් යැයි කියාගන්නා කාන්තාව” මට බබෙක් හම්බවෙන්න සිටියත් කවුරුත් සීට් එකක් දුන්නේ නෑ යැයි පවසමින් තමන්ගේ උදරය අතින් පිරිමදිමින් පැවසීය. බස්රථයේ සිටි මගී ජනතාව සිනාසී ඇය දෙසම බලාසිටියහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගැබිනි වෙසින් සීට් ගන්න ගිහින් රෙදි ගැලවිලා