IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ආධාරකරුවන් අන්දවන්න ගිහින් අතින් තට්ටු වෙලා

හේවාහැට - එම්. දසනායක


දේශපාලන රැස්වීමකට ආධාරකරුවන් පිරිසක් රැගෙන ගොස් ඔවුන්ට සංග්‍රහ කළයුතු බව පවසා ආසන සංවිධායකවරයාගෙන් මුදල් ලබාගෙන ආධාරකරුවන් පිරිස මගහැර සිටි කාන්තාවකට ලබාගත් මුදලට වඩා දෙගුණයක මුදලක් අතින් ගෙවන්නට සිදුවූ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වේ.
සිද්ධියට මුහුණ දුන් මෙම කාන්තාව හා ඇයගේ සැමියාට ජීවත්වීමට ස්ථීර ආදායම් මාර්ගයක් නොතිබිණි. මැතිවරණ කාලයේදී කුමන පක්ෂයක ඡන්ද ප්‍රචාරක කාර්යාලයක් හෝ දැන්වීම් පුවරුවක් සිය නිවසේ  ප්‍රදර්ශනයට තබාගෙන ඡන්ද කාලෙට පමණක් ගම් වදින නමගිය දේශපාලනඥයන්ගේ ගෝලබාලයන් සමග එක්වී දවසේ වියදම සොයා ගැනීම ඔවුන්ගේ පුරුද්දක් වී තිබිණ.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙකු  සහභාගි වන රැස්වීමකට ද මෙම යුවළ, පිරිස එක්රැස් කරගෙන බස් රථයකින් ගොස් තමන් සමග පැමිණි පිරිස මගහැර ආසන සංවිධායකවරයාගේ ගෝලයෙකු වෙත ගොස් පැමිණි පිරිසට සංග්‍රහ කිරීමට අවශ්‍ය බව පවසා මුදල් ලබාගෙන ඇත.


කාටත් හොර රහසේ සිදුකළ මෙම ගනුදෙනුව පිළිබඳව බස්රථයේ ගමන්ගත් පිරිසට දැන ගන්නට ලැබී ඇති අතර තමන්ට කුසගින්නේ රැස්වීමට සහභාගි විය නොහැකි බව පවසමින් දිවා ආහාරය ලබාගත යුතු බවත් සංවිධායකවරයාගෙන් ලබාගත් මුදලින් තමන්ට ආහාරපාන සපයා දෙන ලෙස කාන්තාවගෙන් ඉල්ලීමක් කර ඇත.
 නමුත් තමන් අත මුදල් නොමැති බවත් සංවිධායකවරයා තමන්ට මුදල් ලබා නොදුන් බව පවසා පිරිස මගහැරීමට උත්සාහ කරන අතරතුර පිරිස සමග ගමන්ගත් ව්‍යාපාරිකයෙකු පැමිණ පිරිසට කුසගින්න නිවා ගැනීමට ආහාර පාන ලබාගැනීමට තමන් මුදල් ලබාදෙන බවත් පසුදින උදෑසන එම මුදල පියවීමට කටයුතු කළ යුතු බව කාන්තාවට පවසා ඇත.
ව්‍යාපාරිකයා ලබාදුන් මුදලින් කුසගින්න නිවාගත් පිරිස ආහාර පාන ලබාගැනීමට වැයවූ මුදලට හෝටල් හිමියාගෙන් රිසිට්පතක් ලබාගෙන කාන්තාවට ලබාදී ඇත.
පිරිසට සංග්‍රහ කිරීමට ආසන සංවිධායකවරයා තමන්ට ලබාදුන් මුදලට වඩා දෙගුණයක මුදලක් බිල්පතේ සඳහන්ව ඇති බව දුටු කාන්තාවට හීන් දහඩිය දමා ඇති අතර ඉතිරි මුදල සොයාගැනීමට නොහැකිව කාන්තාව හා ඇයගේ සැමියා මේ දිනවල ණයට මුදල් සොයමින් සිටින බවට වාර්තා වේ.

 



අදහස් (0)

ආධාරකරුවන් අන්දවන්න ගිහින් අතින් තට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 440 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site