IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කේක් වෙනුවට රෙජිෆෝම් කපලා

කරාපිටිය – ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා


දකුණේ මාතරට නුදුරු නියම් ගමකි. මෙහි වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන යන තරමක් මෝඩ පහේ පුද්ගලයෙකි. දැන් වයස තිස් ගණන් ද ඉක්මවීමට ආසන්නය. පෙළවහක් කර ගැනීමට තවමත් නොහැකි වී ඇත්තේ බලන්නට යන සෑම මනාලියකගේ පාහේ යම් නුහුරක් දකින මෙම පුද්ගලයාගේ උද්දච්ච කම නිසාවෙනි.
කෙසේ වෙතත් අන්තිමේදී එක් මනාලියකට මෙම පුද්ගලයාගේ සිත ඇදි ගියේය. මගුල තීරණය විය. කාලය කෙමෙන් ගොස් මංගල උත්සවය පැවැත්වෙන දිනය උදාවිය. මනාලිය කැටුව ඒම සඳහා පිටත්වූ මනාලයා ඇතුළු පිරිස එදින මනාලියගේ නිවසේ පැවැත්වෙන මංගල කටයුත්තට එක්වූහ. පෝරුවේ චාරිත්‍රය වැනි කටයුතු අවසන්විය.
පසුව මංගල කේක් එක කැපීමේ අවස්ථාව උදාවිය. මනාලයා කේක් එක කැපීමට සූදානම්වී ඒ සඳහා සුදානම් කර තිබූ හුරුබුහුටි පිහිය අතට ගත්තේය. දැන් මංගල කේක් කැපීමේ අවස්ථාව බව චාරිත්‍ර කිරීමේ කටයුතු මෙහෙයවූ පුද්ගලයා කිවේය. පසුව මෙම මනාලයා පෙරකී පිහිය අතට ගෙන කේක් ගෙඩියේ කෑල්ලක් කැපීමට පටන් ගත්තේය.


දැන් මංගල සභාවේ සියලු‍ දෙනාගේම නෙත් මෙදෙසට එක්ව තිබිණි. මංගල කේක් එක කැපීමට බොහෝ වේලාවක් ගතවන බව පෙණිනි. කෙසේ වෙතත් කේක් කැබැල්ලක් කපා ගැනීමට මනාලයා අපොහොසත් වීම ගැන පිරිසේ ඇතිවූයේ කුතුහලයකි.
පසුව කාරණය අනාවරණය විය. මනාලයා මෙතෙක් කපා ඇත්තේ අයිසින් වලින් සරසා තිබූ කේක් ගෙඩිය වටා තිබූ රිජිෆෝම් කැබැල්ලක් බව කාටත් පෙණිනි. මේ අවස්ථාවේ ලැජ්ජාවට පත් මනාලිය මනාලයා අතේ වු පිහිය ඉල්ලා ගෙන රිජිෆෝම්වලට ඉහළින් සරසා තිබූ කේක් ගෙඩියෙන් කැල්ලක් කපා මනාලයාටද අනුභව කිරීමට සලස්වා වූ ලැජ්ජාවෙන් බේරීමට කටයුතු කළාය. 
මේ අවස්ථාවේදි මංගල උත්සවයට එක්ව සිටි දෙපාර්ශවයේ ඥාතින් සියලු‍ දෙනා එකිනෙකාගේ මුහුණට මුහුණ බලා ගන්නවා පෙනුණි.



අදහස් (0)

කේක් වෙනුවට රෙජිෆෝම් කපලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site