පපුවට තුරුලු කරගත් කුරුලු කූඩුවෙන් සර්පයෙක් එළියට ඇවිත් බිමට වැටී තිබී හමුවූ කුරුලු කූඩුවක් සිය අතට ගෙන කුරුලු කූඩුව සිය පපුවට තුරුලු කර ගෙන ගමන් කරමින් සිටින අතරතුර එයින් දරුණු සර්පයකු මතුවීමේ සිද්ධියක් ඉකුත් දිනක වලපනේ ප්‍රදේශයෙන් වාර්තා විය. සුන්දර පරිසරය දැක බලා ගැනීම සඳහා වලපනේ නගරයට ආසන්න ප්‍රදේශයක ඥාතීහු පිරිසක් ඉකුත් දිනක පාරක ගමන් කරමින් සිටියහ. මෙම පිරිසට ගමන් කරමින් සිටි මාර්ගයේ වැටී තිබුණු කුරුලු කූඩුවක් හමුවීයේ අහම්බයෙන් මෙනි. හමුවූ කුරුලු කූඩුව ගමන් ගත් ඥාතීන් පිරිසේ අයකු කුරුලු ක 31 October 2023
රට ඉන්න සැමියා නෝනාට පෙම් කරන්නත් සල්ලි දීලා සිය සැමියා ගොනාටම අන්දවා ඔහුගේම මුදලින් කොල්ලකු සමග වෙනම සුදි දිවියක් ගත කරමින් සිටියදී පොලීසියට මාට්ටුවූ අපූරු මවක පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ පැත්තෙන් ඇසෙයි. අනේ මගේ නෝනා කවුද කොල්ලෙක් යාළු කරගෙන ගිහිල්ලා අම්බලන්ගොඩ ගේක ඉන්නවායැයි පිටරටක සිට අම්බලන්ගොඩ පොලීසියට දුරකතනයෙන් දැනුම් දුන්නේය. එයා අර කොල්ලාට රැවටිලා ගිහිල්ලා තියෙන්නේ.. අනේ මට එයා සොයලා දෙන්නයැයි ද ඔහු දුරකතනය ඔස්සේ බැගෑපත් වන්නට විය. මේ දුරකතන ඇමතුම දිනකට වරක් පාහේ අම්බලන්ගොඩ පොලීසියට ල 30 October 2023
චාරිකාවේ මිතුරියන් අතර කරවල මාරුවී අලකලංචියක් ඉකුත් දීර්ඝ සති අන්තයේ චාරිකාවක යෙදුණු පිරිසක සිටි කාන්තාවන් දෙදෙනකු චාරිකාව අතරතුර මිලදීගත් කරවල පාර්සල් දෙකක් මාරුවීමෙන් සිදුවූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. ප්‍රදේශයේ සුබසාධක සංගමයක් මගින් සංවිධාන කර තිබූ මෙම චාරිකාව සඳහා අසල ගම් දෙක තුනක පිරිසක් සහභාගි වූහ. චාරිකාවේ පළමු දින අනුරපුර ප්‍රදේශයේ වන්දනාමාන කරගත් පිරිස දෙවන දිනයේ ත්‍රිකුණාමලය බලා පිටත් වූහ. ත්‍රිකුණාමලයට යන අතරමග මුත්තූර් ප්‍රද 28 October 2023
කහඹිලියා බෙහෙත වැරදී වෙදයි ගෝලයයි දෙන්නම රෝහලේ ගෝලයාගේ අත්වැරදීමකින් රෝගියකුගේ ඇඟේ කහඹිලියා තැවරී රෝගියාත්, වෙද මහතාත් රෝහල් ගත වූ පුවතක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. එම වෙද මහතා ගමේ කැඩුම්බිඳුම් සුව කිරීම සම්බන්ධයෙන් නම ගිය පුද්ගලයකි. ඔහුගේ ජනප්‍රිය බව නිසාම බොහෝ ඈත පළාත්වල රෝගීන් පවා ඔහු සොයාගෙන පැමිණෙති. ඉතා ඉහළ මිලක් අය කළත් වෙදකම හොඳ නිසාත් ඔහුගේ නිවස රෝගීන්ගෙන් පිරී පවතී. මෙම වෙද මහතා ළඟ සිටින අත්උදව්කරුවා එතරම් උගත් පුද්ගලයකු නොවන අතර උදේ සිට නිදා ගන්නා 28 October 2023
තරුනියගේ උදව්වට ආ යතුරුපැදිකරු උගුලේ හිරවෙලා ඇය උසස් පෙළ විභාගය ලියා ප්‍රතිඵල එන තෙක් වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලාවක් හැදෑරීමට නගරයේ මධ්‍යස්ථානයකට ගියාය. පදිංචි නිවසේ සිට බස් රථ ධාවනය වන ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 5 ක පමණ දුරක් පයින් පැමිණීමට ඇති නිසා දිනපතා පයින් හෝ අඳුනන අයෙකුගේ යතුරුපැදියක හෝ ත්‍රී වීලර් රථයකින් බස් පාරට පැමිණීමට මැය පුරුදුව සිටියාය. ගමන් මාර්ගය කඳු සහිත වූ අතර, මගතොට පයින් යන අය සුළු පිරිසක් වූ අතර පාර පාළු ස්වරූපයක් ගත්තේය. කඳු ප්‍රදේශයක් වූ මෙම ගම්මානය 28 October 2023
කැන්දා ගෙන යන්න වගක් නැති පෙම්වතාට පොල්ල තියා පෙම්වතිය මාරු වෙලා කැන්දාගෙන යන්න වගේ වගක් නැතැයි පවසා පරණ යකඩ බඩු වෙළෙන්දකු සමග පැන ගිය හිටපු පෙම්වතියගේ උපන් දිනයකට දී තිබුණු බලු පැටවා සොරාගෙන ගොස් ඇතැයි කියන තරුණයෙක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. කෑගල්ල ප්‍රදේශයේ දුෂ්කර ග්‍රාමයක 26 හැවිරිදි තරුණයෙක් සිටී. මෙම තරුණයා තමාටම කියා සමාන්‍ය වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ද යයි. මව්පියන් සහෝදර සහෝදරියන් සමග මහ ගෙදර නිවසේ පදිංචිව සිටින මෙම තරුණයා තමාටම 28 October 2023
මගුල් දා පෙනී පෙනී ජෝඩුව හොරෙන් පැන ගිහින් මංගල දිනය පෙනි පෙනී තිබිය දී මනාලයා මනාලිය හොරරහසේ කැන්දාගෙන යාමේ සිද්ධියක් හේතුවෙන් දෙපාර්ශ්වයේම ඥාතීන් බලවත් පීඩාවට පත්වීමේ සිදුවීමක් පසුගියදා මා ඔය අසබඩ ගම්මානයකින් වාර්තා විය. සමීප ගම්මාන දෙකක තරුණයකුගේ හා තරුණියකගේ මංගල්‍යය කතිකා කෙරුණේ කපු මහතකු හරහා ය . දෙපක්ෂයේ ඥාතීන් කළ සොයා බැලීම්වලින් අනතුරු ව මනාල යුවළ හමුවී කතාබස් කරගත් අතර මංගල්‍යයට දින නියම විය. මංගල්‍යයට ඇත්තේ දින කිහිපයකි . දෙපාර්ශ්වයම එකම දවසක එකම ස්ථානයක උත්සවය පැවැත්වීමට 28 October 2023
කුරක්කන් ගුලියයි තුනපහ ගුලියයි පටලැවී ජංජාලයක් මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට කුරක්කන් තලප සූදානම් කර තිබිණි. නිවසේ සිටින්නේ වයෝවෘද්ධ අඹුසැමි යුවළ පමණි. රාත්‍රියේ මෙම යුවළ කුරක්කන් ගුලිය බැගින් ආහාරයට ගෙන තිබුණු අතර, එක් කුරක්කන් ගුලියක් ඉතිරි වී තිබිණි. එය මැටි කෝප්පයකින් වසා තැබූ ගෘහණිය කියා සිටියේ හෙට එය ආහාරයට ගත හැකි බවයි. පසුදා ස්වාමිපුරුෂයා කුඹුරේ වැඩට ගියේය. දහවල් වනවිට කුසගිනි දැනුණු නිසා නිවසට පැමිණියේය. මැටි කෝප්පය දෙස බැලූ ඔහ 28 October 2023
ලයිට් බිල බේරා ගන්න අම්මයි තාත්තයි අඳුරේ තියලා වයෝවෘද්ධ මව්පියන්ට තම නිවෙසින් ඇද දී තිබුණු බල්බය විදුලි බිල වැඩියැයි පවසා ගලවා දමා ඇතැයි කියන පුතකු හා ලේලියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 31 හැවිරිදි පුද්ගලයෙක් බිරිය දරුවා සමග මහ ගෙදර නිවෙසේ පදිංචිව සිටියේය. ඔහුගේ මව්පියන් ද කලක් මහ ගෙදර නිවෙසේ පදිංචිව සිටි අතර ලේලිය සමග ඇති කර ගත් ආරවුලක් හේතුවෙන් ඔවුහු අසල්වැසියකු ලවා මහගෙට අල්ලා කටුමැටි පැලක් තනා ගත්හ. පසුව මෙම වියපත 27 October 2023
මගුල් ගෙයි නටද්දී කොණ්ඩෙ කැඩී මනාලියට අමුතු රැග් එකක් ලැබිලා මේකප් නොමැතිව මනමාල මහතාගේ නිවෙසට කැන්දන් ආ මනාලියක දැක ඥාතීන් වික්ෂිප්ත වූ කතාවක් දකුණු පළාතේ බටහිර ගිරුවාපත්තුවේ ගමකින් වාර්තාවේ. සිද්ධිය මෙසේය. ඔහු ගැමි පරිසරයක ජීවත් වූ විවාහක වයස මුහුකුරා යමින් සිටි තරුණයෙකි. පාසල් අධ්‍යාපනය 11 වසරෙන් නිමා කළ හෙතෙම ඉඩමේ ඇති තේ වගාවෙන් සහ කිතුල් මල් මැදීමෙන් නිපදවන කිතුල් පැණි වෙළෙදාමෙන් ලබන ආදායමෙන් ජීවන වෘත්තිය ගෙන ගියේය. කල වයස ඉක්ම යන නිසා සුදුසු විවාහයක් කර දෙන ලෙස මොහුගේ මව, ඇයගේ මල්ලීගෙන් කළ ඉල්ලී 26 October 2023
හොරාට කලින් ගෙහිමියා වැට පැන ලක්ෂ ගානක බඩු බේරාගෙන හොරාට කලින් ගෙහිමියාට ගණදෙවි නුවණ පහළවී නිවෙසේ අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා රන් ආභරණ බේරාගෙන බිරිය හමුවේ වීරයකු වූ සැමියකු පිළිබඳ පුවතක් බටපොළෙන් අසන්නට ලැබේ. ඔවුහු යමක් කමක් ඇත්තෝය. රථ වාහන හිමිකරුවකු වූ සැමියා පාසල් ළමයින් ප්‍රවාහන සේවාවක්ද පවත්වාගෙන යන්නේය. බිරිය පුස්තකාලයාධිපතිනියකි. දරුවෝ පාසල් යති. එදා ඉරිදාවකි. බිරිය අතිකාල සේවයට ගියාය. දරුවෝ දහම් පාසල් ගියෝය. නිවෙසින් අන්තිමට ගියේ සැමියාය. ඒ මිතුරකු සමග අවශ්‍යතාවකට කොළඹ යාමටය. 25 October 2023
හාමුදුරුවන්ගේ සෙරෙප්පු ඉස්සූ උපාසකගේ රෙදි ගැලවිලා අසල්වැසි නිවසක පැවැති තෙමස් පූර්ණ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා පැමිණි උපාසක මහතෙකු ධර්ම දේශනය සඳහා වැඩම කළ ස්වාමීන් වහන්සේගේ පාවහන් යුගල සොරකම් කරන්නට ගොස් ධර්ම දේශනාව සඳහා වැඩම කළ ස්වාමීන් වහන්සේටම හසුවීමේ පුවතකි. සිද්ධිය මෙසේය. එය වියළුව ප්‍රදේශයේ තරමක් ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි නිවසකි. නිවැසියන් ගේ පියා මිය යාම නිසා ඔහුගේ දූ දරුවෝ සිය පියාගේ තෙමස් පූර්ණ දානමය පිංකම හැකි අයුරින් සංවිධානය කරනු ලැබුවේ ගමේ කාටත් ඒ සඳහා සහභාගී වන්නැයි ආරාධනා කර 24 October 2023
අතට ආ වාසනාවෙන් ඇඟ රත්කර ගන්න ගිහින් කන රත් කරගෙන ඇහිලූ ජංගම දුරකතනය ලබාදී අඩියක් ගසා රත්වීමට සිහින මැවූ අයකුට සිය කන් අඩිය පමණක් රත් කරගන්නට සිදුවූ අපූරු පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. නගරයේ වාණිජ බැංකුවක් අසල බිම වැටී තිබුණු වටිනා ජංගම දුරකතනයක් ඔහු අසුලා ගත්තේය. තමා වටිනා ජංගම දුරකතනයක් අහුලා ගත් බව ඔහු එසැණින්ම වාගේ මිතුරකුට පෙන්වා කීවේය. “මේක මාර වටින ජංගම දුරකතනයක්. අයිති එක්කෙනාට මේක නම් නිකන් දෙන්න හොඳ නැහැ. මේ ජංගම දුරකතනය දෙන්න නම් හවසට අඩියක් පුඩියක් ගහන්න ගානක් ඉල්ලගමු” යැයි මිත 23 October 2023
පොල් ගෙඩියක් ගන්න දෙහි ගෙඩියක් කඩේට හිලව් කරලා පොල් ගෙඩියකට වඩා දෙහි ගෙඩියක මිල ඉහළ ගොස් ඇති නිසා දෙහි ගෙඩියක් දී පොල්ගෙඩියක් ගැනීමට ගැමියකුට සිදුවූ පුවතක් හසලක නගරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය. තිස්හය වැනි වියේ පසුවෙන ඔහු තිදරු පියෙකි. එදිනෙදා කුලියෙන් ජීවිකාව ගෙන යන මොහුට පෙර මෙන් කුලී වැඩ ද ප්‍රදේශයේ නොමැති හෙයින් දෛනික ජීවන ගමන ගෙන යෑමේදී සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය දෑ සපයා දීමේදී ද ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇත. දිනක් ඔහුට කුලී වැඩක් නොලැබුණු හෙයින් නිවෙසට වී කාලය ගත කි 21 October 2023
ගංවතුරෙන් හම්බ කරන්න යද්දී ඉබේම අපුරු දඩුවමක් ලැබිලා ගංවතුර ගැලීමෙන් පසු වැඩි ලාබයක් ලබා ගැනීමේ අරමුණින් ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් ගබඩාකර සඟවා වෙළෙඳසල වසා තැබූ ව්‍යාපාරිකයකුට සොබාදහමෙන්ම දඬුවමක් දීමේ පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. මැදිවියේ පසුවන මුදලාලිත් බිරියත් සිය ලාබය පමණක් ඉලක්ක කරගෙන වෙළෙඳාම සිදුකළහ. රජයේ රැකියාවල නියුතු තරුණ දියණියන් දෙදෙනා මව්පියන්ගේ මෙම ක්‍රියා කලාපය සෑමවිටම ප්‍රතික්ෂේප කළත් මුදලාලිත් බිරිඳත් ඔවුන්ගේ කරුණු පැහැදිලි කිරීම් තඹ සතේකට ගණන් නොගත්හ. මාසයකට වැ 20 October 2023
පැන්ෂන් රියදුරාගේ හොර ගමන ෆාමසියෙන් එළිවෙලා ඔහු රජයේ විශ්රාමිකයෙකි. සේවය කළේ අගනුවර පළාත් පාලන ආයතනයකය. ඒ රියදුරකු ලෙසය. හැට පැන්නත් ආශ්‍රය කළේ කොල්ලන්ය. දිනක් ඔහුට හොර ගමනක් යාමට සිත්විය. හරහට හිටියේ වයසය. කොල්ලෙක් ඊට අවශ්‍ය උපදෙසක් දුන්නේය. ඒ සඳහා යායුතු තැන පිළිබඳව ද ඔහු දැනුම්වත් කළේය. සියල්ල සූදානම්ය. ඔහු එළියට බැස්සේය. මිනිහා ගියේ කෙළින්ම ෆාමසියටය. ෆාමසියට ගිය ඔහුට කොල්ලා කිවූ බෙහෙත් පෙත්තේ නම අමතකවී ගියේය. කෙතරම් මතක් කළත් මතක් නොවීය. ෆාමසියේ ඇතුළේ සිටම ඔහු කොල්ලාට සිය ජංගම දුර 19 October 2023
ශිෂ්‍යත්වය අමාරුද? ලේසිද? ප්‍රශ්නයට සිසුවකුගෙන් අපූරු උත්තරයක් පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගය අවසන් වීමත් සමග විභාගය අමාරුද ලේසිදැයි කියා වැඩිහිටියෝ බොහෝ දෙනෙක් දරුවන්ගෙන් ප්‍රශ්න කරති. මෙසේ ප්‍රශ්න කරන සියලුම දෙනාට දැනගනු පිරිස පහේ හපනෙක් අපූරු දැන්වීමක් නිර්මාණය කර ඇත. “මම විභාගය ලිව්වා. ප්‍රතිඵල ගැන මගෙන් අහන්න එපා. විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් අහන්න” යැයි නිවෙස ඉදිරිපිට දැන්වීමක් එල්ලූ පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගයට ලියූ දරුවකු පිළිබඳ පුවතක් සියනෑවේ ගම්මානයකින් ඉකුත් 15 වැනිදා සවස වාර්තා විය. මෙම දරුවා ප 18 October 2023
හොරෙකුට ගහලා අතත් කඩාගෙන තමා නැති අතරේ තම රූමත් බිරිඳ බැලීමට කිසියම් පුද්ගලයකු පැමිණ ඇතැයි සිතා විශාල අකරතැබ්බයකට මුහුණ පෑ සැමියකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි. හෙතෙම නිවෙසේ සිට දුර බැහැර ප්‍රදේශයක කාර්යාලයක සේවය කරන්නෙකි. විවාහකයකු වන ඔහුගේ එකම පුතා 18 හැවිරිදි වියේ පසුවිය. හෙතෙම තම ගෙවත්ත අලංකාර අන්දමින් පවත්වාගෙන යාමට දැඩි උනන්දුවක් දැක්වූ අතර මවගෙන් ද ඊට නොමද සහයක් ලැබිණි. ඇය වයසට වඩා ළාබාල පෙනුමෙන් යුත් රූමත් කාන්තාවක් වූවාය. මේ නිසාම දකින කියන බොහෝ අයගේ 17 October 2023
බීලා වැඩිවුණාම ඉබේම ගෑනු දෙන්නෙක් ළඟට පාවෙලා නැන්දණිය සහ ලේලිය පමණක් රැඳී සිටි නිවෙසකට නාන කාමරයේ හුළං කවුළුවෙන් රාත්‍රී කාලයේ ඇතුළු වූ පුද්ගලයකු පොලීසියට හසුවීමෙන් පසුව අමුතුම ආකාරයේ උත්තරයක් දී ඇතැයි කියයි. මෙම නිවසේ සැමියා විදේශගතව සිටි අතර අලුතින් ඉදිකරනු ලැබූ නිවෙසේ බිරිඳ සහ සැමියාගේ මව පමණක් රැඳී සිට තිබේ. මෙසේ සිටිය දී ඉකුත්දා රාත්‍රී කාලයේ නිවෙසේ නාන කාමරයේ හුළං කවුළුව තුළින් නිවස තුළට ඇතුළුවී ඇති අතර එය දුටු නිවෙසේ කාන්තාවන් දෙදෙනා කෑ ගසද්දී සැකකරු පලා ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් ප 16 October 2023
ලේලියගේ පැටිකිරියෙන් පුතාගේ රෙදි ගැලවිලා සිය ලේලියගේ පැටිකිරිය සොයන්නට ගොස් පුතාගේ පැටිකිරියද අනාවරණය වීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අකුරැස්ස පැත්තේ උපනගරයක් ආශ්රිත නිවෙසකිනි. මේ පුතා අගනුවර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක මාණ්ඩලික නිලධාරියෙකි. එහි සේවය කරමින් සිටියදී දැනහඳුනාගත් වෙනත් ආයතනයක ලිපිකාරිණියක සමග දිගු කලක් ඇසුරු කර විවාහ වී තම නිවසේ පදිංචියට ආවේ මෑතකය. බිරිඳ දකුණු පළාතේ උපනගරයකට සිය සේවා මාරුව ලබා ගත්තත් ඔහු අගනුවරම සේවය කරමින් සති අන්ත නිවාඩුවල ගමට ආවේය. ඔහුගේ මවට මද 14 October 2023
ලාබෙට මාළු කන්න ගිහින් මුදලාලි පාඩමක් උගන්වලා අඩු මුදලකට ලොකු මාළු කුට්ටියක් මිලදී ගැනීමට ගිය ගුරුවරියකට ලාබ අලාබ පිළිබඳ අලුත් පාඩමක් මාළු මුදලාලිගෙන් ඉගෙන ගැනීමේ පුවතක් ගාලු දිසාවෙන් වාර්තා වේ. ඇය ගුරුවරියකි. ලෝබකම ඉහවහටත් උඩින්ය. මේ නිසා අලාබ විඳින්නට සිදු වූ අවස්ථා බොහෝය. එහෙත් මසුරුකමේ නම් අඩුවක් නොවීය. පසුගිය දිනෙක ඇය බල මාළු ලොකු කුට්ටියක් මිලදී ගැනීමට මාළු වෙළෙඳසලකට ගියාය. මාළුවාගේ ඔළුව සහ වලිගය නැතිව මැද කොටස පමණක් ඇයට වුවමනා වූයේ ඔළුව සහ වලිගය සමග මාළු කූරියකු මිලදී ගතහොත් වැඩි ම 13 October 2023
අලුත් ලේලියගේ කීමට පුතා අම්මාටත් කොලේ වහලා හිතවතකුගේ විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගී වීමට බිරිඳට පැලැඳ ගෙන යාමට වයෝවෘද්ධ මවගෙන් ඉල්ලා ගෙන ගොස් ඇතැයි කියන රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගය සඟවාගෙන ව්‍යාජ රන් භාණ්ඩ ආපසු ගිහින් දී ඇතැයි කියන පුතකු පිළිබඳව කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. ඔහු කෑගල්ල ප්‍රදේශයේ තරමක් දුෂ්කර ගම්මානයක 29 හැවිරිදි තරුණයෙකි. ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරන්නට යන එන අතරේ එම ඇඟලුම් ආයතනයේ සේවය කරන තරුණියක සමග ඇති ක 12 October 2023
කරාතේ ගුරුගේ කෙරුවාව ටෙස්ට් කරන්න ගිහින් චන්ඩියා හොම්බෙන් යයි කරාතේ උපදේශකගේ හැකියාව පරීක්ෂා කිරීමට අනවසරයෙන් පාසලකට ගිය බීමත් චණ්ඩියකු කරාතේ ගුරාගෙන් පහර කා රෝහල්ගතව පොලිස් කුඩුවේ ගත කිරීමට සිදු වූ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ ගම් ප්‍රදේශයකින් වාර්තා විය. රජයේ පාසල් කරාතේ සම්මේලනයේ ලියාපදිංචි උපදේශකවරයකු පාසලේ සිසු සිසුවියන් හැටකට ආසන්න පිරිසකට පසුගියදාක සන්ධ්‍යාවේ කරාතේ ඉගැන්වීම සිදු කරමින් සිටියදී මෙය සිදු වී ඇත. එදින සන්ධ්‍යාවේ මෙම උපදේශකවරයා කරාතේ පන්තිය පවත්වමින් සිටියදී ගමේ නම ගිය චණ්ඩියකු ලෙස හඳුන් 11 October 2023
කතකගේ පින්තූරයට බිරිය වල්ගේ පාගාගෙන කාර්යාලයීය මිතුරියකගේ ජන්ම දිනය සැමරීමට ගොස් සිය විවාහ දිවිය අනූනවයෙන් බේරාගත් කාර්යාල සේවකයකු ගැන දකුණේ නගරයකින් අසන්නට ලැබෙයි. රැකියාවක් නොකරන මේ කත සැමියා සැක කිරීමට පටන් ගත්තේ ඔහු හා අතිනත ගත් දා පටන්මය. සැක කිරීමේ රෝගය එන්න එන්නම වැඩි වූවා මිස අඩුවක් නොවිණි. බොහෝ භාර්යාවන්ට මෙන්ම සැමියා සැක කිරීමේ රෝගය නිසා ඇය මහත්සේ පීඩා වින්දාය. සැකයෙන් නිතරම බැලූ ඇය සැමියාගෙන් සැක කටයුතු යමක් අල්ලා ගැනීමට නිරන්තර උත්සාහයක ද යෙදුණාය. මේ නිසාම දෙන්නා දෙමහ 10 October 2023
ගුරු දිනයේදී ගුරුතුමියගේ දුවට මනාලයෙක් තෑගි ලැබිලා ගුරු දිනය දා පන්ති භාර ගුරු මහත්මියගේ කනිටු දියණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට අවසර ඉල්ලා ඇතැයි කියන උසස් පෙළ ශිෂ්‍යයකු පිළිබඳ පුවතක් සබරගමුවේ පාසලකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. ඔහු 19 හැවිරිදි, උසස් පෙළ සිසුවෙකි. ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටීමට නියමිත ඔහු පවුලේ එකම දරුවාය. මව්පියෝ ද රජයේ උසස් රැකියාවල නිරතව සිටිති. සුවිසල් නිවෙසක් යානවාහන වටිනා ඉඩකඩම් ද සතුය. 19 හැවි 09 October 2023
අලුත ආ ගුරුවරියට විලාසිතා ගෙඩියෙන් පාසල එපාවෙලා ‘‘ විලාසිතා ගෙඩියක්’’ පාසලේ සිට ගෙදර යාමේ අපූරු සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ මෙරට වියළි කලාපයේ දුෂ්කර පාසලකිනි. මේ පාසලේ දිගු කලක පටන් ඉංග්‍රීසි ගුරුවරයකු නොවීම නිසා විදුහල්පතිවරයා ගුරුවරයකු ලබා ගැනීමට දැඩි වෙහෙසක් දැරුවත් එය සාර්ථක නොවීය. මේ පිළිබඳව ප්‍රාදේශීය දේශපාලකයකු දැනුම්වත් කළ විට ඔහු තම බිරිඳගේ බාල නැගනියක අගනුවර ඉංග්‍රීසි අධ්‍යාපනය ලද හෙයින් තාවකාලිකව ඇය මෙම පාසලේ ගුරු සේවයට යෙදවීය. ඇගේ සේවය පාසලට ලබා ගත්තත් එහි ගුරු මණ්ඩලය එතරම් කැ 07 October 2023
පෙම්වතියෙග් ජීවිතය බේරාදුන්නාට පෙම්වතාගෙන් කනේ පහරක් වැසිබර සැන්දෑවක් වූ එදිනද නගරයේ සති පොළ දිනයක් වූ බැවින් නගරාන්තර මගී සේවා බස්රථවල පොල් පැටවූවාක් මෙන් අතුරුසිදුරු නොමැතිව මගීහු පිරී ඉතිරී සිටියහ. නගරයට ආසන්න ගම් නියම්ගම්වල වෙසෙන ජනයා නගරයේ සතිපොළ කරා පැමිණ තම තමන්ට අවැසි කරන බඩු බාහිරාදිය රැගෙන යාම කවදත් කෙරෙන සිරිතක් බැවින් දෑතින්ම බඩුමළු රැගත් මගී ජනයා බස්රියට ගොඩවී වහින්නට පෙර තම නිවෙස් කරා යාමට යුහුසුළු වූ බවක් දක්නට ලැබුණි. බස්රථයේ පාපුවරුවේ පවා තදබද වී සිටි මගීන් රිය තුළට නංවා ගත් කොන්දො 07 October 2023
මඟුලේදී අන්දමන්දවූ මුදලාලි තෑගි කවරය ත්‍රීවිලරයට දීලා කාලයකට පසු නොමිලේ ලැබුණ නිසා කරටිය කැඩෙන්නම ගහලා මඟුල් ගෙදරට දීමට ගෙනගිය මුදල වෙනත් වාහනයකටදී යන්තම් අතපය බේරාගෙන ගෙදරට පැමිණි මුදලාලි කෙනෙකු ගැන ගාල්ල දිසාවේ ගමකින් අසන්නට ලැබේ. මොහු කලක් නගරයේ වෙළහෙළඳාම් කළ අතර දැන් ටිකක් වයස නිසා ත්‍රිරෝද රථයක් මිලට ගෙන එය කුලියට දුවමින් කීයක් හෝ සොයාගෙන ගෙදරට වී දිවි ගෙවන්නෙකි. පසුගියදා ඔහුගේ මිතුරකුගේ දියණියකගේ විවාහ මංගල උත්සවයකට ආරධනයක් ලැබුණි. ඔහු කවදත් මුදල් ගෙවා මධුවිත රස බලන්නකු නොවේ. එහෙත් නොමිලේ 07 October 2023
කන්තෝරු මාරුවූ නිලධාරින් පිළිගන්න මනමාල රැග් එකක් දීලා නිලධාරියකු ස්ථාන මාරුවක් ලැබ යන විට ඒ කාර්යාලයේ තවත් නිලධාරි පිරිසක් විසින් රථ පෙරහරකින් මනාලියක කැන්දාගෙන යන ආකාරයට කැන්දා ගොස් බාර දීමේ අලුත්ම සෙල්ලමක් දකුණු පළාතේ ප්‍රාදේශීය පරිපාලන කටයුතු කරන රජයේ ප්‍රධාන කාර්යාල දෙකකින් වාර්තා වේ. කාර්යාල දෙකක ප්‍රධාන නිලධාරියාගේ සහයක නිලධාරීනි දෙදෙනකුට මෙසේ ස්ථාන මාරුවක් ලැබිණි. නිලධාරියකු මාරුවීම ලැබ යන විට එම කාර්යාලයෙන්ම සමුදීමේ පාටියක් ලබාදීම සිරිතකි. එහෙත් මෙම කාර්යාලයේ නිලධාරි පිරිස ස්ථාන මාරුව ලැබ ය 07 October 2023
පට්ටම් ගැලවුණු ආරාධිතයා උත්සවයේදී මාරුවෙලා ගමේ පැවැති ලොකු උත්සවයකදී නිවේදකයා විසින් පොල්තෙල් පහන දල්වන්නට ආරාධනා කළ ආරාධිතයෙකුගේ තනතුරු පට්ටම් අඩුවෙන් නිවේදනය කිරීම නිසා එම ආරාධිතයා උත්සවයේ සංවිධායකයන්ට බැණ වදිමින් උත්සවශාලාවෙන් පිටව ගිය පුවතක් දකුණු පළාතේ ඈත ගමකින් වාර්තාවේ. මේ ආරාධිතයා ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකි. ඔහුට පසුගියදා ප්‍රදේශයේ දේශපාලනඥයකු විසින් මුළු දිවයිනටම සාමදාන විනිසුරු පදවියක් ලබාදී තිබුණේය. එහි දිවුරුම් දුන් ඔහු පසුදිනම ඒ බව සඳහන් දැන්වීම් පුවරුවක් නිවසේ බිත්තියේ එල්ලු 07 October 2023
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026