IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මැල්ලු‍ම මාරැවී වැසිකිළි පෝලිමේ

හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන


පියාගේ පාදයක ඇතිවූ අස්ථි බිදීමකට බඳින්නට සාදන ලද බෙහෙත් මැල්ලු‍ම සහ නිවසේ ආහාරයට පිසින ලද පලා මැල්ලු‍ම මාරුවී අනුභව කිරීමෙන් අකරතැබ්බයකට මුහුණ පෑමට ලක්වු නිවැසියන් පිරිසක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
පියා මව පුතා ලේලිය සහ ඔවුන්ගේ දියණියන් තිදෙනා එකම නිවසේ ජීවත් වූ අතර, නැන්දණිය සහ ලේලි අතර ගැටුම්ද ඉදහිට හට ගෙන තිබිණි. මව සහ පියා විශ්‍රාම සුවයෙන් පසු වන අතර පුතා සහ ලේලිය රජයේ සේවකයෝ වූහ.
සරසවි අධ්‍යාපනය ලබන එම දෙපලගේ වැඩිමල් දියණියට ගැමිකම වහකදුරු වූ අතර දෙවැන්නා ආච්චි සහ සියාගේ කළණ මිතුරිය වූවාය. දිනක් යතුරු පැදියෙන් ගමනක් ගොස් පැමිණෙමින් සිටි පියා අනතුරකට ලක්වීම හේතුවෙන් පාදයක අස්ථියක් බිඳිමකට ලක්විය. අසල්වැසි ගමේ සිටින කැඩුම් බිදුම් වෙද මහතාගෙන් ප්‍රතිකාර ගැනීමට පියා කැටුව පුතා ගිය ගමනට ලේලියද එක් වූවාය.
වෙද මහතා ලබාදුන් වට්ටෝරුවට අනුව සැමියාගේ පාදයෙහි බැඳීමට අවශ්‍ය බෙහෙත් මැල්ලු‍ම බිරිඳ රෑ බෝ වීමට පෙරම පිළියෙළ කර කුස්සියේ ළිප අසලම තැබුවාය. බිරිඳ කුඩා දියණිය සමග එක්ව රාත්‍රී ආහාර පිළියෙළ කළ අතර ආහාරය සඳහා ඇය අගුණකොළ මැල්ලු‍මක්ද පිසුවාය. 


ආහාර සැකසීම නිමවා ඒවාද කුස්සියේම තබා සියලු‍ දෙනා රූපවාහිනිය නැරඹුහ. කෑම ටික මේසයට ගෙනවිත් තබන ලෙස වැඩිමල් දියණියට උපදෙස් දුන් මව කුඩා දියණියට පෙරහුරු ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියවීම සිදුකළාය. 
රාත්‍රී නවයට පමණ සියලු‍ම දෙනා ආහාර ගැනීම සිදුකළ අතර ඉන් පසුව ලේලිය විසින් කුස්සියේ සිට රැගෙන ආ බෙහෙත් මැල්ලු‍ම පුතා විසින් පියාගේ පාදයෙහි තබා බැන්දේය. බෙහෙත් මැල්ලු‍ම කකුලේ බැඳීමෙන් පැය කිහිපයක් ගත වෙද්දි කකුල කසන බව පියා පැවැසුවද එය සැලකිල්ලට ගතයුතු නොමැති බව පවසා නිදාගන්නා ලෙස පුතා පැවසීය.
පසු දිනට පහන් වනවිට කුඩා දියණිය හැර නිවසේ සියලු‍ දෙනා මාරුවෙන් මාරුවට නොකඩවා වැසිකිළි යාමට පටන් ගත්හ.
උදේ අට නවය වනවිට සියලු‍ම දෙනාගේ වැසිකිළි යාම උග්‍ර වූ අතර කාර්යාල මිතුරෙකු ගෙන්වා ගෙන සියල්ලෝම වෛද්‍යවරයෙකු මුණ ගැසුනහ. පාචනය වැඩිවීම නිසා වැඩිමල් දියණිය රෝහල් ගතකළාය. පෙර දින රාත්‍රියේ ලබාගත් ආහාරය විෂවීමෙන් පාචනය හටගෙන ඇති බවට වෛද්‍යවරයා පැවසූ අතර නිවසට පැමිණි පිරිස ඒ පිළිබඳව විපරම් කර බැලූහ.
කුස්සියේ තිබූ ආහාර පිසින ලද භාජන සේදීම සිදුකරන අවස්ථාවේ අගුණකොළ මැල්ලු‍ම පිසින ලද හට්ටිය නොමැති බව වටහාගත් බිරිඳ ඒ පිළිබඳව සොයා බැලු‍වාය.
දියණිය විසින් අගුණකොළ මැල්ලු‍ම වෙනුවට බෙහෙත් මැල්ලු‍ම කෑම මේසයට බෙදා ඇති බව අවබෝධ කර ගැනීමට වැඩි කාලයක් ගතනොවීය.
මිතුරා සිටින බව අමතක වූ බිරිඳ දියණියට බැණ වදිමින් සිදුවී ඇති පලහිලව්ව සැමියාට පැහැදිලි කළාය. බෙහෙත් මැල්ලු‍ම බත් සමග අනුභව කිරීමෙන් සියලු‍ දෙනාට පාචනය හටගෙන ඇති බව සියලු‍ දෙනාට අවබෝධ වු අතර නිවාඩු දවස් නිසා හොඳයි යැයි පවසා ඔවුහු නිහඬ වූහ. කොළ මැල්ලු‍මේ පලහිලව්ව මිතුරා මාර්ගයෙන් කාර්යාල මිතුරන් අතර ජනප්‍රිය මාතෘකාවක් වූ අතර ඇතැමුන් නිවසේ දුරකථනයට ඇමතුම් ගෙන මැල්ලු‍ම් ගැන විමසීම නිසා දුරකථනයේ වයරය ගලවා දමා ඇති බවද පැවසේ. 

 



අදහස් (0)

මැල්ලු‍ම මාරැවී වැසිකිළි පෝලිමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16919 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site