මේ වසරේදී ආර්ථිකය සියයට 1.5 කින් වර්ධනය වේවි මේ වසරේදී මෙරට ආර්ථිකය සියයට 1.5කින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා අද (22) පැවැසීය. 22 May 2020
කොළඹ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික පිබිදීමක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඊයේ (21) ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළේය. 22 May 2020
අයි.ඕ.සී. පෙට්‍රල් ලීටරයක් රුපියල් 142යි ලංකා අයි.ඕ.සී. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කිරීම යළි සංශෝධනය කරන බව ලංකා-ඉන්දියන් ඔයිල් සමාගම (ලංකා අයි.ඕ.සී) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 20 May 2020
සංචාරක කර්මාන්තයට යූරෝ මිලියන 3.5 ක ප්‍රදානයක් කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා යුරෝ මිලියන 3.5ක් ප්‍රදානයක් ලබා දීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශය කියා සිටී. 20 May 2020
බදු සහන පැකේජයේ ආදීනව මාරාන්තික කොරෝනා වයිරසය සමඟ ජාතිය පොර බදන අතරතුර ආණ්ඩුවත් විපක්ෂයත් අතර ඒකාබද්ධ අරමුදල් පාලනය සම්බන්ධයෙන් රුදුරු සංග්‍රාමයක් හටගෙන ඇත. මාස දෙකකට පෙර එය සාමාන්‍ය මහජනතාවට දුරස්ථ වූ විෂයයක් වූයේය. එහෙත් අද වනවිට එය සෑම නිවසකටම හුරුපුරුදු නාමයක් වී ඇත්තේ ඒ ගැන විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් අතර සිදුවන උණුසුම් වාද විවාද මාධ්‍ය මගින් හෙළිදරව් වන නිසාය. 20 May 2020
තේ කම්හල් හිමියෝ මිල සූත්‍රයට කටු ගහති තේ කම්හල්වලට අමු දළු සපයන්නන්ට කම්හල් හිමියන් විසින් අමුදළු කිලෝවක් සඳහා ගෙවිය යුතු මිල වෙනුවට රුපියල් 20 ත් 30 ත් අතර මුදලක් අඩුවෙන් ගෙවන බව තේ දළු සපයන්නෝ පවසති. 18 May 2020
මේ වසරේදී රුපියල සියයට 3.4 කින් අවප්‍රමාණය වෙලා මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.4කින් අවප්‍රමාණය වී ඇත. 17 May 2020
කොරෝනා මැද පහතරට තේ කිලෝවක් 2600ට අලෙවි වෙයි කොළඹ තේ වෙන්දේසියේදී පහතරට නිමි තේ සදහා ඉහළ මිලක් ලැබුණ අතර බී ඕපී 1 ^BOP 1) වර්ගයේ තේ කිලෝවකට රුපියල් 2600ක වාර්තා සහගත මිලක් ලැබුණු බව නිවිතිගල විතානකන්ද තේ කර්මාන්ත ශාලා පුද්ගලික සමාගමේ සභාපතිනී නිර්මලී පිලපිටිය මහත්මිය අද(17) දා පැවසුවාය. 17 May 2020
තේ කර්මාන්තය යළි යථා තත්වයට කඩා වැටී තිබු තේ කර්මාන්තය කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමෙන් පසුව යළි නඟා සිටවු බව බගවන්තලාව වැවිලි සමාගමේ හැටන් කලාප භාර මෙහෙයුම් අධ්‍යක්ෂක සහ නොර්වුඩ් තේ වත්තේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසීය. ෆෙරොස් මජිත් මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානම සමග පනවා තිබු ඇදිරි නිතිය හමුවේ සෞඛ්‍යය සහ ආරක්ෂක අංශ වල උපදෙස් පරිදි, තේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන පැමිණි බවයි. 17 May 2020
රුපියලට හොඳ කලක් මාස එකහාමාරකට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලට ගෙවන අගය අද (15) 190න් මෙපිටට පැමිණියේ ය. 15 May 2020
සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයක් කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (15) තෙවැනි දිනයටත් වර්ධනයක් පෙන්නුම් කළේය. 15 May 2020
බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය අරඹයි ඇමරිකාවට අපනයනය කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංකේතාත්මකව බාර දෙන ලදි. 15 May 2020
කොළඹ කොටස් වෙළෙඳපොළ - සියලු කොටස් මිල දර්ශකය ඉහළට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) ඒකක 26.29කින් ඉහළ ගියේය. 14 May 2020
ශ්‍රී ලංකා ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රයට ලොව පුරා ගුවන් මගී ප්‍රවාහන සේවා අඩාල වීමත් සමග , ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රය වෙත පිවිසී සිටී . 14 May 2020
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලෝක ආර්ථිකය සියයට 3.2 කින් පහළට නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මේ වසරේදී ලෝක ආර්ථිකය සියයට 3.2කින් පහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කරයි. 14 May 2020
එමිරේට්ස් යානා 21 වැනිදා සිට යළිත් උඩු ගුවනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘එමිරේට්ස්’ ගුවන් සේවය මැයි 21 වැනිදා සිට ලොවපුරා නගර නවයකට ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත. 13 May 2020
කොටස් වෙළෙදපොල සැළකියයුතු වර්ධනයක් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වසා දමා තිබී සඳුඳා (11) විවෘත කළ කොළඹ කොටස් වෙළෙඳපොළ අද (13) සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය. 13 May 2020
සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචිය වසරකට නොමිලේ සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු වසරක කාලයක් සදහා අය නොකිරීමට එම අධිකාරිය අද (13) තීරණය කර ඇත. 13 May 2020
කොරෝනාවෙන් පසුබැස්ස සංචාරක කර්මාන්තය නංවාලීමේ යෝජනා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටී ඇති සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා වු යෝජනා ලබන සතිය වන විට ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා කඩිනම් පියවර ගන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා එම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත. 13 May 2020
ප්‍රධාන ගමනාන්ත 4 කට ශ්‍රී ලන්කන් ගමන් ඇරඹෙයි ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරිමෙන් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සේවය ලන්ඩන්, ටෝකියෝ (නරීටා) මෙල්බර්න් සහහොංකොං යන නගරවලට, සංචාරක උපදේශ යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට හෙට (13) සිට සේවා සැපයීමට කටයුතු යොදා ඇත. 12 May 2020
මිනිත්තුවක් යාමටත් මත්තෙන් කොටස් වෙළෙඳපොල කඩාවැටෙයි මාස එකහාමාරකට පසු අද (11) විවෘත කළ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් පෙරකඩා වැටිණි. 11 May 2020
කොටස් වෙළඳපොළ කටයුතු සඳුදායින් ඇරඹේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සඳුඳා (11) සිට විවෘත කිරීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ද හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත 09 May 2020
මහබැංකු පොලි අනුපාතය පහළට උද්ධමන පීඩා අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ අවශ්‍යතාව සලකා බලමින් බැංකු පොළී අනුපාත තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 07 May 2020
සූරියවැව පවුල් 300 කට කීල්ස් වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩ පාර්සල් සූරියවැව ප්‍රදේශයේ හුදෙකලා කර ඇති ගම්බද ප්‍රදේශ වල පවුල් 300කට පමණ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් කීල්ස් ආයතනය පසුගිය 2 වැනිදා සංවිධානය කර තිබිණි. 06 May 2020
ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කරයි ගෝලීය භාණ්ඩ ප්‍රවාහනය බරපතල අනතුරකට පත් වී ඇති මොහොතක ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට නව පණක් ලබා දීමට මෙරට අපනයන කර්මාන්තය නගා සිටුවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතියකට ලොව පුරා ගමනාන්ත 27 ක් වෙත සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් දියත් කිරීමට තීරණය කර තිබේ 05 May 2020
ඇදිරිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථිකයට එළවළු කිලෝ ලක්ෂ 50 ක් ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද(04) දීන විශාල එළවළු තොග ප්‍රමාණයක් ලැබී තිබිණි . 04 May 2020
සහන ඉල්ලීමේ කාලය මැයි 15 දක්වා දීර්ඝ කරයි ‘කොවිඩ්-19’ ව්‍යවසනයෙන් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන ලබාගැනීම සඳහා අයඳුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලසීමාව ලබන 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 01 May 2020
රුපියල පහළට මේ වසරේ මුල් මාස හතරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 5.8% කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 May 2020
වියළි කාලගුණය හේතුවෙන් තේ පඳුරු විශාල ප්‍රමාණයක් විනාශ වෙලා කුඩා තේ ඉඩම්වල තේ පඳුරු එක්කෝටි දහතුන් ලක්ෂයක් ඉකුත් ජනවාරි සිට මාර්තු දක්වා පැවැති පෑවිල්ල හේතුවෙන් විනාශ වී ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි. 01 May 2020
අප්‍රේල් මාසයේ උද්ධමනය පහළට අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 5.2ක දක්වා පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 May 2020
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026