යොහාන් භාසුර
මෙම වසර (2025) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය ලේඛනය මුදල් අමාතවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පතට අනුව මෙම වසරේ ආණ්ඩුවේ වියදම රුපියල් කෝටි 461,600 ක් ලෙස ඇස්තුමේන්තු කර තිබෙන අතර එහිදී වැඩිම වැය ශීර්ෂය ලෙස මුදල්, ක්‍රමපම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශ සඳහා රුපියල් කෝටි 71,300 ක් වෙන්කර තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට රුපියල් කෝටි 49,600 බැගින් ද, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට රුපියල් කෝටි 47,300 ක්, ආරක්‍ෂක අමාත්‍යංශයට රුපියල් කෝටි 44,200 ක්, කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයට රුපියල් කෝටි 20,700ක් සහ මහජන ආරක්‍ෂාක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට රුපියල් කෝටි 17,500 ක් මෙවර වෙන්කර තිබේ. ජනාධිපතිවරයාගේ මෙහෙයුම් වැඩසටහන් වෙනුවෙන් රුපියල් කෝටි 35,650 ක් සහ සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් රුපියල් කෝටි 12 ක් මෙවර අයවැයෙන් වෙන්කිරීම කැපී පෙනේ.
බලශක්ති අමාත්‍යංශයට සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයට රුපියල් කෝටි 2,100 බැගින් ද, බුද්ධ ශාසන, අගාමික, සංස්කෘතික අමාත්‍යංශයට රුපියල් කෝටි 1,270 ක් ද, කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට රුපියල් කෝටි 1,200 ක් ද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයට සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයට රුපියල් කෝටි 1,100 බැගින් ද, වෙන්කර තිබේ.
අධිකරණ අමාතයංශයට රුපියල් කෝටි 5,400 ක්, කම්කරු අමාත්‍යංශයට රුපියල් කෝටි 600 ක්, විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශයට රුපියල් කෝටි 500 ක් සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයට රුපියල් කෝටි 242 ක් වෙන්කිරීමට පියවර ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 වසරේ අයවැය අද