කොටස් වෙළෙඳ පොළ ඊයේ ගනුදෙනු ආරම්භයේ දී වාර්තාගත ලෙස ප්‍රගතියක් කරා ගමන් කරමින් සිටි නමුත්, අවසානයේ දී වර්ධනයක් සනිටුහන් කරමින් අවසන් කෙරිණ. ගනුදෙනු ආරම්භ වී පළමු පැය භාගය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,318 ක් දක්වා වූ අතර ගනු දෙනු අවසන් වනවිට එය දර්ශක 17,193.79 ක ස්ථාවර විය. දර්ශක 37.74 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,139.63 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 33.23 ක වර්ධනයක් සේ දැක්විය හැකිය.
සම්පත් බැංකුව කොටසක් සඳහා රු. 9.35 ක ලාභාංශ ගෙවන අතර එය සඳහා අප්‍රියෙල් 02 කොටස් අයිතිය සෑහේ. මෙදින සම්පත් බැංකුවේ කොටස් වැඩිම ප්‍රමාණයක් හුවමාරු විය. හේමාස් කොටස් වෙන්කරන ලද අතර එක කොටසක් කොටස් පහකට අයිතිකාරීත්වයට කොටස් වනු ඇත. ඩිස්ටිලරීස් කොටසකට ගෙවන ලාභාංශය රුපියලකි. පෑන් ඒෂියා බැංකුවේ කොටසකට ද රුපියලක ලාභාංශ ප්‍රකාශයට පත්ව ඇති අතර ආගරපතන වැවිලි සමාගම කොටසක් සඳහා ශත පහක ලාභාංශ ප්‍රකාශයට පත්කර තිබේ. 2025 අයවැය ප්‍රකාශයට පත්වන අතරතුර වැවිලි සමාගම්වල සේවක වැටුප් වැඩිකිරීම ගැන කරුණු සඳහන් වූ අතර එම වැටුප් ගෙවීම ඉදිරියේ වැවිලි සමාගම්වල මෙහෙයුම් සලකා බලන ගනුදෙනුකරුවන් තෝරාගත් වැවිලි සමාගම්වල කොටස් කෙරෙහි අඩු අවධානයක් දක්වනු ඇතැයි සැලකිය හැකිය.
මෙදින මෙහෙයවන ලද ගනුදෙනු 27,372 ක් වාර්තා වූ අතර එහි දී සමාගම් 108 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහතට වැටුණ සමාගම් ගණන 133 කි. දිනයේ පිරිවැටුම රු. බිලියන 5.49 ක් විය. වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 6,062.1 ක් විය. පෙබ. 17 වැනිදා අයවැය අතරතුර විදේශ මිල දී ගැනීම් රුපියල් බිලියන 1,150 ක් දක්වා ඉහළ ගොස් තිබීම වාර්තාගත සිද්ධියකි. එදින විදේශ ආයෝජකයන්ගේ විකිණීම් රු. මිලියන 413 කට සීමා විය.
සම්පත් රු. මිලියන 517 ක්, සියෙරා කේබල් රු. මිලියන 369 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 274 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 216 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 186 ක් සහ හේමාස් හෝල්ඩිං රු. මිලියන 180 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටස් ගනුදෙනු තවදුරටත් වර්ධනයක