ශ්රී ලංකාවේ කෘෂිකාර්මික අංශය දිගු කලක් තිස්සේ ජාතියේ ආර්ථිකයේ ස්ථම්භයක් වී ඇතත්, එහි පරිහානියෙන් පිළිබිඹු කරන්නේ, ආර්ථික වෙනස්කම්, ප්‍රතිපත්තිමය තීරණ සහ ඌන උපයෝජිත විභවය යන සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයයි.
ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයට කෘෂිකර්මාන්තයේ දායකත්වය කාලයත් සමඟ ක්‍රමයෙන් අඩු වී ඇති අතර, කෘෂිකාර්මික ශ්‍රම බලකාය මන්දගාමී අනුපාතයකින් හැකිළී ඇත. පහත වැටෙන අංශයක් සහ එකතැන පල්වෙන ශ්‍රම බලකායක් අතර ඇති මෙම විෂමතාව, ඉඩම් සහ ශ්‍රම ඵලදායිතාව වැඩිදියුණු කිරීමෙන් ව්‍යුහාත්මක වෙනස්කම් වලට විසඳුම් සෙවීමට අපොහොසත් වීම සමඟ, විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාව සහ ගොවිපොළ ආදායම අතින් ගත් කල, මෙම අංශයේ දුර්වල ක්‍රියාකාරිත්වයට හේතු වී තිබේ.
ඊට අමතරව, අකාර්යක්ෂම වෙන් කිරීම, කෙටිකාලීන සංකේන්ද්‍රණය සහ තීරණාත්මක ක්ෂේත්‍ර නොසලකා හැරීම වැනි ඵලදායී නොවන රාජ්‍ය වියදම් වැදගත් දායක සාධකයකි. මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් වෙන් කිරීම, ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය සංවර්ධනය ප්‍රවර්ධනය කරන අතරම, කෘෂිකාර්මික අංශයේ විභවය විවෘත කිරීම අරමුණු කරගත් සැලකිය යුතු වෙනස්කම් වලට භාජන වී ඇත්දැයි තක්සේරු කිරීම ඉතා වැදගත් වේ.
මාරුව නිරීක්ෂණය කිරීම: කෘෂිකර්මාන්තයට රාජ්‍ය වියදම්වල ප්‍රවණතා
පසුගිය දශකය තුළ, තරඟකාරී මූල්‍ය ගැටලු හේතුවෙන් කෘෂිකර්මාන්තය සඳහා ප්‍රමාණවත් ලෙස වියදම් කිරීමට ශ්‍රී ලංකාව අරගල කර ඇත. කොවිඞ් වසංගතයට පෙර, එනම් 2014 සහ 2020 අතර කාලය තුළ මුළු කෘෂිකාර්මික ආයෝජනය සැබෑ වශයෙන් ගත් කල රුපියල් බිලියන 112 ක් පමණ විය. කෙසේ වෙතත්, කොවිඞ් වසංගතයේ බලපෑම හේතුවෙන් එය 2021 දී රුපියල් බිලියන 88 දක්වා තියුණු ලෙස පහත වැටුණි. එතැන් සිට, කෘෂිකාර්මික ආයෝජන සුළු වශයෙන් වැඩි වී ඇති අතර, පසුගිය වසර දෙක තුළ (2022-2023) එය සාමාන්‍යයෙන් රුපියල් බිලියන 97 ක් විය. කෘෂිකර්මාන්තය සඳහා වන රාජ්‍ය වියදම් වැඩි වුවද, දළ දේශීය නිෂ්පාදිතයේ කොටස සහ මුළු අයවැයෙන් කෘෂිකර්මාන්තය සඳහා වෙන් කර ඇති ප්‍රතිශතය යන දෙකම පහත වැටෙමින් තිබේ.
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස කෘෂිකර්මාන්තය සඳහා වන රාජ්‍ය වියදම් 2014 දී සියයට 1.1 සිට 2023 වන විට සියයට 0.8 දක්වා පහත වැටී ඇත. ඒ හා සමානව, එම කාලය තුළ මුළු රජයේ වියදම්වල ප්‍රතිශතයක් ලෙස කෘෂිකර්මාන්තය සඳහා වන රාජ්‍ය වියදම් සියයට 6.4 සිට සියයට 2 දක්වා අඩු වී ඇත. විශේෂයෙන්, 2015, 2019 සහ 2020 දී පෙන්නුම් කරන පරිදි, රජයේ වෙනස්කම් හා සම්බන්ධ ආයතනික ව්‍යුහ වෙනස්කම් අතරතුර ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් අතර ශේෂය විස්මයජනක ලෙස වෙනස් වී ඇත.
කෘෂිකාර්මික ආයෝජන හැඩගස්වන්නේ කවුද?
රාජ්‍ය ආයෝජන වැඩසටහනේ දක්වා ඇති පරිදි, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ප්‍රධාන වශයෙන් කළමනාකරණය කරනු ලබන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ධීවර අමාත්‍යාංශය විසිනි.
ඉඩම් සහ වාරිමාර්ග අංශ කෘෂිකර්මාන්තයට සමීපව සම්බන්ධ වුවද, ඒවා පිළිවෙළින් ඉඩම් අමාත්‍යාංශය සහ වාරිමාර්ග අමාත්‍යාංශය යන වෙන වෙන අමාත්‍යාංශවල අධිකරණ බලයට යටත් වේ. අයවැය ප්‍රතිපාදන අතින් ගත් කල, කෘෂිකර්ම අමාත්‍යාංශය ඓතිහාසිකව විශාලතම කොටස ලබාගන්න අතර, එය කෘෂිකර්මාන්තය ආශ්‍රිත වියදම්වලින් සියයට 51 ක් නියෝජනය කරයි.
මෙයින් පසුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සියයට 23 ක් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සියයට 13 ක් අතර බෙදී යයි. පිළිවෙළින් සියයට 3 ක් සහ සියයට 4 ක් ලෙස කුඩා ප්‍රතිපාදන ලබා ගන්නේ ධීවර අමාත්‍යාංශය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයයි. නාමික කෘෂිකර්මාන්තය සඳහා වන රාජ්‍ය වියදම් ඉහළ යමින් පවතින අතර, සියලු අමාත්‍යාංශවල කෘෂිකර්මාන්තය සඳහා වන රාජ්‍ය වියදම්වල මූර්ත අගය පහත වැටී හෝ බොහෝ දුරට නොවෙනස්ව පවතී. කෙසේ වෙතත්, කෘෂිකාර්මික වියදම් ආංශික ප්‍රතිපත්ති සමඟ පෙළගැසී තිබේද යන්න මෙයින් අනිවාර්යයෙන්ම ඇඟවෙන්නේ නැත. එමඟින් අංශය තුළ තීරණාත්මක ගැටලු විසඳීමේදී වියදම්වල ඵලදායීතාව ඇගයීමට අභියෝගයක් එල්ල වෙයි.
අවශ්‍යතා සමග අරමුදල් පෙළගැස්වීම: අපගේ ප්‍රමුඛතා නිවැරදිද?
ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්තය එහි වර්ධනයට සහ තිරසාරභාවයට බාධා කරන අභියෝග රැසකට මුහුණ දෙයි. සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම සහ නවීන තාක්ෂණය මන්දගාමීව භාවිත කිරීම හේතුවෙන් ඵලදායිතාව පහත වැටීම ඒ අතරින් ඉදිරියෙන්ම පවතී.
මීට අමතරව, මෙම අංශය ජලය සහ පොහොර වැනි සම්පත් භාවිතයේ අකාර්යක්ෂමතාව සමග පොරබදමින් සිටින අතර, දේශගුණික විපර්යාස, පසු අස්වනු හානි සහ වෙෙළඳපොළට ඇති සීමිත ප්‍රවේශය හේතුවෙන් තවදුරටත් තර්ජනයට ලක්ව ඇත. අයවැය ප්‍රතිපාදන ප්‍රතිපත්ති ප්‍රමුඛතා සමඟ සමපාත වන බව සහතික කිරීම සඳහා විවිධ උප අංශ හරහා රාජ්‍ය වියදම් නිවැරදිව ඇස්තමේන්තු කිරීම ඉතා වැදගත් වේ.
කෘෂිකර්මාන්තය සඳහා වන රාජ්‍ය වියදම්වල තේමාත්මක අයවැයකරණයට අනුව, වාරිමාර්ග උප අංශයට කෘෂිකාර්මික වියදම්වලින් සියයට 41 ක් වැනි වැඩි ප්‍රමාණයක් ලැබෙන අතර, ඊට විස්මයජනක ලෙස දායක වන සහනාධාර අගය සියයට 26 කි. සහල් අංශය ප්‍රමුඛ වන දේශීය කෘෂිකාර්මික උප අංශය රාජ්‍ය කෘෂිකර්ම වියදම්වලින් සියයට 12 ක් පමණක් ලබාගන්නා අතර, පශු සම්පත්, වැවිලි, ධීවර, අලෙවිකරණය සහ නවෝත්පාදන, දේශගුණික විපර්යාස, පර්ෙ ය්ෂණ සහ සංවර්ධන සහ ගොවි රක්ෂණය ඇතුළු අනෙකුත් සියලුම අංශ ලබාගන්නේ සියයට 5 කට වඩා අඩු ප්‍රමාණයකි. රාජ්‍ය කෘෂිකර්ම වියදම් උප අංශ කිහිපයක් කෙරෙහි බෙදා හැරීමේ විකෘතිභාවය පෙන්නුම් කරන අතර අනෙකුත් වැදගත් උප අංශ නොසලකා හැර ඇත.
කෘෂිකාර්මික අයවැය ප්‍රතිසංස්කරණය කිරීම: ඉදිරි මාවත
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වියදම් ආහාර සුරක්ෂිතතාව වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා විසඳුම් ලබාදීමේදී ප්‍රගතියක් ලබා ඇති නමුත් දිගුකාලීන සමෘද්ධිය කෙරෙහි එහි බලපෑම සීමිතය. මෙයට බොහෝ දුරට හේතු වී ඇත්තේ සැබෑ ආයෝජන පහත වැටීම, තීරණාත්මක අංශ සඳහා අරමුදල් නොමැතිකම සහ රටේ පුළුල් කෘෂිකාර්මික ඉලක්ක සමඟ බොහෝ විට වැරදි ලෙස පෙළගැස්වූ අරමුණු ය.
පසුගිය දශකය තුළ කෘෂිකර්මාන්තය සඳහා වෙන්කළ මුදල රජයේ මුළු වියදමෙන් ආසන්න වශයෙන් සියයට 4 ක් පමණ විය. කෙසේ වෙතත්, මෙම කොටස සැබෑ වශයෙන් ක්‍රමයෙන් පහත වැටෙමින් තිබේ.
අරමුදල්වලින් විශාල කොටසක් වර්තමාන ප්‍රතිපත්ති ප්‍රමුඛතා සමඟ සමපාත වන දිගුකාලීන සංවර්ධන මුලපිරීම් සඳහා ආයෝජනය කිරීමට වඩා වාරිමාර්ග යටිතල පහසුකම් සහ සහනාධාර වැනි පුනරාවර්තන වියදම් සඳහා වැය කෙරේ. එබැවින්, ගොවිපල ඵලදායිතාව සහ ආදායම කෙරෙහි අවධානය යොමු කරමින් වත්මන් අයවැය නැවත සැලසුම් කිරීම සහ වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ.
ඉහළ වටිනාකමක් ඇති භෝග, අපනයන කේන්ද්‍රීය භාණ්ඩ හෝ වටිනාකම් දාම වර්ධනය සඳහා විවිධාංගීකරණය ඉතා අල්ප වීමත් සමඟ ආයෝජන බොහෝ විට ප්‍රමුඛත්වය ලබාදෙන්නේ සහල් වැනි ප්‍රධාන භෝග සඳහාය. එබැවින්, මෙම අංශය සමකාලීන අපේක්ෂාවලට ගැළපෙන බව සහතික කිරීම සහ කාර්යක්ෂමතාව, ඔරොත්තු දීමේ හැකියාව සහ ගෝලීය තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා, බෝග තෝරා ගැනීම මත පදනම් වූ අරමුදල් ප්‍රමුඛතාවල හිතාමතා වෙනසක් අවශ්‍ය වේ.
ජල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට යම් ප්‍රාග්ධන ආයෝජන මාරු කිරීම සඳහා වාරිමාර්ග වියදම් නැවත තක්සේරු කළ යුතුය. මෙයට ස්ථානීය ජල පරිභෝජන උපාය මාර්ග අනුගමනය කිරීම, ක්ෂුද්‍ර වාරිමාර්ග ශිල්පීය ක්‍රම ක්‍රියාත්මක කිරීම සහ සම්පත් භාවිතය ප්‍රශස්ත කිරීම සඳහා ජල ඉතිරි කිරීමේ උපාංග භාවිත කිරීම මීට ඇතුළත් විය යුතුය.
පොහොර සහනාධාරය කෙටි කාලීනව පමණක් ලබා දිය යුතු අතර “Geo Goviya”, වැනි අලුතින් එකතු කරන ලද ගොවි දත්ත සමුදායන් භාවිත කර ඉලක්ක ගත කළ යුතුය. පොහොර සහනාධාර වියදම්වලින් ඉතිරිකිරීම්, පොහොර භාවිතයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නැවත ආයෝජනය කළ යුතුය. ස්ථාන-විශේෂිත යෙදුම් ශිල්පීය ක්‍රම අනුගමනය කිරීම,තුන්වැනි පරම්පරාවේ උසස් පොහොර භාවිත කිරීම සහ වෙනත් නව්‍ය ක්‍රම ගවේෂණය කිරීම ඵලදායිතාව උපරිම කිරීමට උපකාරී වේ.
පර්ෙ ය්ෂණ සහ සංවර්ධන, අලෙවිකරණය සහ දේශගුණික විපර්යාස වැනි අඩු පහසුකම් සහිත ක්ෂේත්‍ර කෙරෙහි තවදුරටත් අවධානය යොමු කළ යුතුය. ජාතික කෘෂිකර්ම පර්ෙ ය්ෂණ පද්ධතිය යටතේ පර්ෙ ය්ෂණ සහ සංවර්ධන ආයතන සඳහා ප්‍රධාන කාර්ය සාධන දර්ශක හඳුන්වා දීමෙන් පවතින පර්ෙ ය්ෂණසහ සංවර්ධන භාවිතා කරමින් අයවැය කාර්යක්ෂමතාව උපරිම කළ යුතුය.
ගොවීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සම්බන්ධ කිරීම සඳහා “Geo Goviya” දත්ත සමුදාය මත ගොඩනගා ඇති මාර්ගගත ජාල පද්ධතියක් සංවර්ධනය කළ හැකිය. එවැනි වේදිකාවක් මඟින් තොරතුරු වෙළඳපොළේ හිඩැස් පියවා ගැනීමට, නාස්තිකාර අතිරික්ත සහ හිඟය අඩු කිරීමට, පසු අස්වනු පාඩු අවම කිරීමට සහ කෘෂිකාර්මික අංශය පුරා තාක්ෂණික භාවිතය ප්‍රවර්ධනය කිරීමට හැකිය.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය කිරීසට එම අංශය නවීකරණය කිරීම සඳහා උපායමාර්ගික ප්‍රාග්ධන ආයෝජන මෙන්ම මෙම ආයෝජනවල වාසි තිරසාරව පවත්වා ගැනීමට සහ ප්‍රශස්ත කිරීමට කාර්යක්ෂම පුනරාවර්තන වියදම් අවශ්‍ය වේ. පාලන තන්ත්‍ර වෙනස්කම් නොසලකා, ස්ථාවරත්වය සහ ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම්වල නිසි තුලනයක් සහතික කිරීම සඳහා නිශ්චිත බලතල සහිත අමාත්‍යාංශ සහ රාජ්‍ය සංවිධාන විධිමත් ලෙස ස්ථාපිත කිරීම ඉතා වැදගත් වේ.
(මනෝජ් තිබ්බොටුවාව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ කෘෂිකර්මාන්තය, කෘෂි ව්‍යාපාර වටිනාකම් දාමය, ආහාර සුරක්ෂිතතාව, දේශගුණික විපර්යාස සහ පාරිසරික හා ස්වාභාවික සම්පත් ආර්ථික විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන පර්ෙ ය්ෂණ සාමාජිකයෙකි. ඔහුට ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වසර 19 කට වැඩි පර්ෙ ය්ෂණ පළපුරුද්දක් ඇත. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක් (කෘෂිකර්මය) ද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනයෙන් පශ්චාත් උපාධියක් (කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව) ද, බටහිර ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ලබා ඇත. එසේම ඔහු හේග් හි ජාත්‍යන්තර සමාජ අධ්‍යයන ආයතනයෙන් තිරසාර සංවර්ධනය සඳහා ආකෘති නිර්මාණය සහ ගිණුම්කරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා ඇත. ආචාර්ය තිබ්බොටුවාව නෙදර්ලන්ත රජයෙන් කීර්තිමත් Nuffic Fellowship සහ ඕස්ට්‍රේලියානු රජයෙන් Endeavour සම්මානයද ලබා ඇත)
“ඩේලි මිරර්” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ අනිල් කරුණාරත්න
කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ශ්රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අයවැයෙන් කෘෂිකාර්මික අභියෝග විසඳුණාද ?