IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පුද්ගල මූල්‍ය ණය දීමට HNB, Expo Property ගිවිසුමක

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව Expo Grand  සහාධිපත්‍ය ව්‍යාපෘතියේ සුඛෝපභෝගී නිවාස මිලදී ගනු ලබන ගැනුම්කරුවන් සඳහා විශේෂ නිවාස ණය ප්‍රතිලාභ ලබා දීමට Expo Property Developers සමාගම සමග පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. 

මෙම හවුල්කාරිත්වය හරහා අනාගතයේදී තමන්ගේම සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමට බලපොරොත්තුවෙන් සිටින ගැනුම්කරුවන්ට ඔවුන්ගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති නිවාස මූල්‍යකරණ විසඳුම් සමග විශේෂ ප්‍රතිලාභ 2025 දෙසැම්බර් 31 දක්වා ලබා ගත හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB සහකාර සාමාන්‍යාධිකාරී/සිල්ලර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසීය. “පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ නව්‍ය මූල්‍ය විසඳුම් සමඟින් පුද්ගලයන්ගේ නිවාස සිහිනය සැබෑ කරගැනීමට HNB  අප නිරන්තරයෙන් උත්සාහ කරනවා. Expo Property Developers සමඟින් ඇති කරගත් මෙම හවුල්කාරිත්වය මගින් අපට Expo Grand සහාධිපත්‍ය ව්‍යාපෘතියෙහි අනාගතයේදී තමන්ගේම සුඛෝපභෝගී නිවසක් හිමි කරගැනීමට බලපොරොත්තුවෙන් සිටින ගැනුම්කරුවන්ට තරඟකාරී පොලී අනුපාත, නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම් සහ බාධාවකින් තොරව නිවසක් මිලදී ගැනීමේ අත්දැකීමක් ලබා දීමට එක් එක් පුද්ගල අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ සේවා ලබා දීමට ඉඩ සලසනවා.”

මෙම ප්‍රවර්ධන කාලය තුළ HNB විසින් ආකර්ෂණීය පොලී අනුපාත, නම්‍යශීලී ගෙවීම් විකල්ප ලබා දීමට අමතරව ණය ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ මග පෙන්වීම සඳහා HNB නියෝජිතයන් ගනුදෙනුකරුවන්ගේ නිවෙස් වෙතට පැමිණෙනු ඇත. එපමණක් නොව ණය ක්‍රියාවලිය වේගවත් හා පහසු කරමින් අවශ්‍ය සියලු‍ම ලිපි ලේඛන සඳහා බැංකුව සහාය වනු ඇත. 

මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් Expo Property Developers (පුද්) සමාගමේ අධ්‍යක්ෂ ග්‍රේෂන් ප්‍රනාන්දු මහතා මෙසේ සඳහන් කළේය. “මෙම හවුල්කාරිත්වය හරහා ප්‍රවේශ විය හැකි මූල්‍ය විසඳුම් සමඟින් ආරක්ෂාව, උසස් තත්වය හා සුවපහසු නිවසක් ලබා දීමට අප ආයතන දෙකෙහි ඒකායන කැපවීම මැනවින් පෙන්නුම් කරනවා. Expo Grand සහාධිපත්‍ය ව්‍යාපෘතිය සුඛෝපභෝගීත්වය සහ පහසුව ලබා දීමේ අරමුණින් නිර්මාණ කර තිබෙන අතර මෙම සහයෝගීතාව හරහා අනාගත නිවාස හිමියන්ට තම නිවාස සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය මූල්‍ය සහාය ලබා ගැනීමට උපකාරී වනවා.” 

2008 දී ස්ථාපිත කරන ලද Expo Property Developers  සමාගම කොළඹ සුඛෝපභෝගී සහාධිපත්‍ය ව්‍යාපෘති ඉදිකිරීම සඳහා වැඩි අවධානයක් දක්වයි. මෙම සමාගම විවිධ කර්මාන්ත සඳහා ඉංජිනේරු විසඳුම්, අමතර කොටස්, යන්ත්‍රෝපකරණ, මෙවලම් සහ විශේෂ අවශ්‍යතා සපයනExpo Industrial Engineering (පුද්) සමාගමට අනුබද්ධිත සමාගමකි.

 



අදහස් (0)

පුද්ගල මූල්‍ය ණය දීමට HNB, Expo Property ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site