භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන වැලිබල් වන් පීඑල්සීහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ජොනතන් අලස් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව පෙබරවාරි 14 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ.
වසර 37කට අධික කාලයක් පුරා බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත අලස් මහතා, මීට පෙර හැටන් නැෂනල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.
එසේම හැටන් නැෂනල් බැංකුව වෙත සම්බන්ධවීමට පෙර ඒ මහතා අබුඩාබි ජාතික බැංකුව, රියාද්හි සෞදි බ්‍රිතාන්‍ය බැංකුව, මැදපෙරදිග බ්‍රිතාන්‍ය බැංකුව සහ ඩුබායි සහ කොළඹ HSBC බැංකුව යන බැංකුවල සේවය කර තිබේ.
ශ්‍රී ලංකා බැංකු සංගමයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා, 2014-16 කාලසීමාවේදී එහි සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබේ. 2018 සිට 2021 දක්වා වසර තුනක කාලයක් ඔහු ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ සභාපතිවරයාද විය.
වර්තමානයේදී ජොනතන් අලස් මහතා හේලීස් පීඑල්සී, ඇලුමෙක්ස් පීඑල්සී සහ සිංගර් පීඑල්සී සමාගම්හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි. එසේම ඔහු යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමේ, සිලෝන් බෙවරේජර්ස් හෝල්ඩිංගස් පීඑල්සී සහ ලයන් බෘවරි සිලෝන් පීඑල්සී යන සමාගම්හිද අධ්‍යක්ෂ මණඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජොනතන් අලස් වැලිබල් වන් අධ්‍යක්ෂ මණ්ඩලයට