IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පෙබරවාරි දින දහතුනට සංචාරකයෝ 115,043 ක්

  • පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 17ක වර්ධනයක්
  • දෛනික පැමිණීම 8,849ක්

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් මේ මස පළමු දින 13 තුළ සංචාරකයන් 115,043 ක පිරිසක් මෙරටට පැමිණ ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 17 ක වර්ධනයක් බව සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව මෙම වසර ආරම්භයේ සිට පෙබරාවාරි මස 13 වැනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 370,000 පසුකර ඇති බවත්, එය පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් බවත් පැවැසෙයි. 

පසුගිය වසරේ මෙම කාලය සඳහා සංචාරකයන් මෙරටට පැමිණීමේ දෛනික සාමාන්‍ය 7,573 ක් වූ බවත්, එය මෙම වසරේදී 8,849 දක්වා වැඩිවී තිබෙන බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.

වත්මන් ප්‍රවණතාව අඛන්ඩව පැවතුණහොත් පෙබරවාරි මාසයේදී සංචාරකයන් 250,000 ක පිරිසක් මෙරටට පැමිණිය හැකි බව සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති. 

එහෙත් වත්මන් ප්‍රවණතාව අනුව සංචාරක සංවර්ධන අධිකාරිය මෙම මස සඳහා තීරණය කර ඇති ඉලක්කය වන 310,937 සංචාරකයන් පිරිස සපුරා ගැනීමට හැකියාවක් නොමැති බව ඔවූහු පෙන්වා දෙති. 

ඉලක්කය සපුරා ගැනීමට නම් දිනකට සාමාන්‍යයෙන් සංචාරකයන් 11,105 ක පිරිසක් මෙරටට පැමිණිය යුතුව ඇත.

මෙතෙක් ජනවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් පිරිස මෙම වසරේ ජනවාරි මාසයේදී වාර්තා කරමින් ශ්‍රී ලංකාව සුබවාදීව වසර ආරම්භ කළේය. 

මෙම වසරේ ජනවාරි මාසයේදී සංචාරකයන් 252,761ක පිරිසක් මෙරටට පැමිණ තිබූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 21.4 ක වර්ධනයක් විය. 



අදහස් (0)

පෙබරවාරි දින දහතුනට සංචාරකයෝ 115,043 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site