
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරු අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි මහා සෑ රඳුන් පසුගියදා වැඳපුදාගත් අතර, අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් සහ රුවන්වැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී, ඊතලවැටුනුවැවේ ඤාණතිලක නාහිමියන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගත්හ.
මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාර තිස්ස තෙන්නකෝන් යන මහත්වරුන් හා සහකාර ප්‍රාදේශිය කළමනාකාර කළමනාකාරිනියන් ඇතු`ඵ බැංකු නිලධාරින් සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd