IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සීසන් එකේ බිස්නස් සරුයි

කොටුව දුම්රිය ස්ථානයත් කොළඹ වරායට මැදිව අතීතයේ සුන්දර මල්වත්තක් වුණු අද මහ වීදිය දක්වා විහිදෙන මල්වත්ත පාර අද වන විට සපත්තු හා බෑග් වෙළෙඳාමට නම් දැරූ වීදියක් බවට පත්ව තිබේ. ඉංග්‍රීසි පාලන සමයේ කොළඹ කොටුවේ අලංකාර මල් යාය සහිත ප්‍රභූ නිවාස පෙළ පිළිබඳව කිසිදු නිමිත්තක් ඉතිරි නොවන සේ වළලා දමා ඇතත් තවමත් මල්වත්ත නම පමණක් ඉතිරිව තිබේ. මේ දිනවල මල්වත්ත පාරේ පාවහන් සහ බෑග් වෙළෙඳාමේ තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේදී පාවහන් සහ බෑග් අලෙවිකරුවකු වන සුනිල් ඒකනායක මහතා දැක්වූයේ මෙවන් අදහසකි.


Q: මේ දිනවල බිස්නස් කොහොමද?
නව පාසල් ආරම්භ කිරීමත් එක්ක සැලකිය යුතු මට්ටමකට බිස්නස් එකක් මේ කාලසීමාවේ තිබුණා. ගිය වසරට සාපේක්ෂව ගත්තොත් සාමාන්‍යයෙන් සියයට 15 ක් වගේ වැඩිපුර වෙළෙඳාමක් තිබුණා. මේ පාර සීසන් එකේ බිස්නස් සරුයි.


Q: බිස්නස් වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
මල්වත්ත වීදියේ වෙළෙඳාම පටන් ගත්තේ 1956 කාලේ ඉඳන්. මේ කඩවල් සෑහෙන පරණයි වගේම මේ වීදියෙන් බඩු ගන්න එදා ඉඳන් මේ දක්වාම විශාල පාරිභෝගික පිරිසක් එකතුවෙලා ඉන්නවා. පාරිභෝගිකයාට සෙරෙප්පු, බෑග් ගන්නම හදපු වීදිය නිසා පාරිභෝගිකයෝ භාණ්ඩ ගැන ඒ කාලේ ඉඳන් ගොඩනගා ගත්ත විශ්වාසයත් එක්ක තවමත් මල්වත්ත වීදියට එනවා. අද වෙද්දී බොහෝ තැන්වලින් භාණ්ඩ ගන්න පුළුවන් වුණත් මල්වත්තෙන් ගත්තොත් මීට වඩා අඩුවට හොඳ සෙරෙප්පු ජෝඩුවක්, බෑග් එකක් ගන්න පුළුවන් කියන විශ්වාසය පාරිභෝගිකයන් තුළ තිබෙනවා. අපිත් හැම වෙලාවෙම උත්සාහ කරනවා පාරිභෝගිකයන් එක්ක හොඳ සම්බන්ධතාවක් පවත්වා ගන්න. මේ පාර සීසන් එකට වෙළෙඳපොළට විවිධ මාදිලියේ පාවහන්, බෑග් උසස් මට්ටමේ සන්නාම යටතේ ගෙනත් තියෙනවා. ගිය වසරට වඩා භාණ්ඩවල මිල ගණන් අඩුවෙලා තියෙන්නේ. පාරිභෝගිකයන් මිලදී ගන්න හදන භාණ්ඩයේ සලකුණු කරලා තියෙන මිලට වඩා යම් මිල ගණන් අඩුකිරීමක් යටතේ තමා භාණ්ඩය විකුණන්නේ. ගුණාත්මක මට්ටමේ සහනදායී මිලකට භාණ්ඩ මිලදී ගන්න අවස්ථාවක් ලැබී තිබීම බිස්නස් වැඩි වෙන්න හේතුවෙලා තියෙනවා කියලා හිතනවා.

 



අදහස් (0)

සීසන් එකේ බිස්නස් සරුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site