කොමර්ෂල් බැංකුවෙන් ප්‍රභූ ගනුදෙනුකරුවන් සඳහා වෙන් වූ නව සේවා සහ පහසුවක් අත්විඳීමට සලස්වමින් කොම්බෑන්ක් Visa Signature Elite ඩෙබිට් කාඩ්පත හඳුන්වා දී ඇත.
කොළඹ 7, ආර්. ජී. සේනානායක මාවතේ (ග්‍රෙගරි පාර), අංක 7, දරන ස්ථානයෙහි පිහිටි බැංකුවේ එලීට් බැංකු ශාඛාව ප්‍රතිසංස්කරණය කිරීමට සමගාමීව එළිදැක්වූ වීසා සිග්නේචර් එලීට් ඩෙබිට් කාඩ්පත කොමර්ෂල් බැංකුවේ ගෝල්ඩ් ඩෙබිට් කාඩ්පත් හිමියන්ට හිමිවනු ඇත.
මෙම නවීකරණය හරහා මෙම පාරිභෝගික පිරිස නව ප්‍රමිතියෙන් යුත් සුවිශේෂී වරප්‍රසාද හා සේවා සඳහා හිමිකම් කියන බව බැංකුව පවසයි.
සමස්ත කොමර්ෂල් බැංකු ශාඛා ජාලය හරහා ප්‍රමුඛතා සේවාවවලට හිමිකම් ලැබීමට අමතරව මෙම කාඩ්පත් හිමියන්ට විදේශ සංචාර වලදී අසමසම සේවා ලබා දීම වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක ගුවන් තොටුපොළ විවේකාගාර 1000 ක් සඳහා නොමිලේ අනුපූරක ප්‍රවේශය ලැබෙන අතර අනුපූරක සංචාරක රක්ෂණයක් ද හිමි වනු ඇත. Max Rewards ත්‍යාග ලකුණු වේගයෙන් රැස් කර ගැනීමට හැකි වන පරිදි වියදම් කරන සෑම රුපියල් 400කට ම එක් ලකුණක් බැගින් ද ඔවුනට රැස් කර ගත හැකි වේ.
හඳුන්වා දුන් නව වීසා සිග්නේචර් එලීට් ඩෙබිට් කාඩ්පත පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “මෙය අපගේ ගනුදෙනුකරුවන්ගේ විශේෂිත වූ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති අපගේ ඩෙබිට් කාඩ්පත් පෙළට තවත් සුවිශේෂි එකතුවක් වනු ඇත. එමගින් ඔවුන් යන එන ඕනෑම තැනක සුඛෝපභෝගී සහ සුවපහසු බැංකු අත්දැකීමක් සහතික කරන අතර ම එමගින් ඔවුන් වෙනුවෙන් ම කැපවූ අවධානයක් ද ලබා දෙනු ඇත. අපගේ සියලුම වටිනා ගනුදෙනුකරුවන් ගේ ජීවන රටාවට ගැළපෙන විසඳුම් ලබාදීමට කොමර්ෂල් බැංකුවේ කැපවීම මෙම කාඩ්පත හඳුන්වා දීමෙන් පිළිඹිඹු වේ.”
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොමර්ෂල් බැංකුවෙන් නව Visa Elite ඩෙබිට් කාඩ්පතක්