IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ලංකාවේ එක් පවුලක වියදම රුපියල් 7,490 කින් අඩු වෙලා

  • ආහාර සහ මද්‍යසාර නොවන පාන වර්ගවල මිල රුපියල් 1545 කින් සහප්‍රවාහන ගාස්තු රු. 926කින් අඩු වෙලා

විමුක්ති එස් රුද්‍රිගු
උද්ධමනය පහළ ගියත් බඩු මිල පහළ ගොස් නොමැති බවට බොහෝ දෙනා ප්‍රකාශ කරනු අසන්නට ලැබෙන නමුත් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ එක් පවුලක වියදම සමස්තයක් ලෙස රුපියල් 7490 කින් අඩු වී තිබෙන බවත් අවධමනය යන්නෙන් අදහස් කරන්නේ එය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්‌යේෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ලසිත පත්බේරිය මහතා ප්‍රකාශ කළේය.
 
කෙසේ නමුත් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසය වන විට උද්ධමනය මනිනු ලබන ඇතැම් කාණ්ඩවල මිල පහළ යනවිට ඇතැම් කාණ්ඩවල මිල ඉහළ ගොස් තිබෙන බව පත්බේරිය මහතා පැවැසුවේය. මිල ඉහළ ගිය කාණ්ඩවල භාණ්ඩ වැඩිපුර භාවිත කරන පවුල්වලට තවමත් උද්ධමනය වැඩි යැයි දැනෙන බවත් උද්ධමනය යනු පොදු මිනුම් දණ්ඩක් බවත් පත්බේරිය මහතා ප්‍රකාශ කළේය.
 
ජීවන වියදමට සහනයක් ලැබී තිබෙන බවට ජනතාවට නොදැනීමට කරුණු කීපයක් හේතුවිය හැකි බවද ඔහු පැවැසුවේය. 2022 වසරේදී භාණ්ඩ මිල විශාල වශයෙන් ඉහළ යෑම එක හේතුවක් විය හැකි බවත් අදායම් මට්ටම වර්තමාන ජීවන වියදමට ගැළපී නොතිබීම තවත් එක් හේතුවක් විය හැකි බවත් පත්බේරිය මහතා ප්‍රකාශ කළේය.
 
හාල්, පොල් මිල පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසය වනවිට ඉහළ ගොස් තිබෙන බවත් හාල්, පොල් යනු දිනපතා පරිභෝජනයට ගන්නා භාණ්ඩයක් බැවින් එය ජනතාවට වැඩි වශයෙන් දැනෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
 
නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන වල මිල පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසය වනවිට රුපියල් 6,794 කින් අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. ආහාර සහ මද්‍යසාර නොවන පාන වර්ග වල මිල රුපියල් 1545 කින් සහ ප්‍රවාහන ගාස්තු රුපියල් රුපියල් 926 කින් ඉහත කාලයේදී අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය.



අදහස් (0)

ලංකාවේ එක් පවුලක වියදම රුපියල් 7,490 කින් අඩු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site