IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බිස්නස් හොඳට කෙරීගෙන යනවා

තේ කර්මාන්තය සමග සංචාරක කර්මාන්තයත් කළ හැකි බව මුළු ලොවටම හඬ නගා කීවේද ඔහුය. මේ නිසාම ඔහු සභාපතිත්වය දරණ තේ කර්මාන්ත ශාලාව පමණක් නොව තේ කර්මාන්ත ශාලා බිමෙහි ඉදිකළ සංචාරක නිවාඩු නිකේතනය ද මුළු ලෝකයේම දැන් ඉතා ප්‍රසිද්ධය. සිය තේ කර්මාන්තය නැරඹීමට එන සංචාරකයා ලවා තේ දලු‍ කඩවා එම සංචාරකයා ඉදිරියේම එම තේ දල්ල කර්මාන්ත ශාලාවේම අඹරා තේ බවට නිෂ්පාදනය කර සංචාරකයාටම පානය කිරීමට අවස්ථාව උදාකර දීමත් එසේ එන සංචාරකයන්ට නිවාඩුවක් ගත කිරීමට සිය තේ කර්මාන්ත ශාලා බිමෙහිම ඉතා මනරම් මනස්කාන්ත සංචාරක නිවාඩු නිකේතනයක් තිබීමත් එයට හේතුය.

පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා සමූහයේ විධායක අධ්‍යක්ෂ අනුර තිලක් අතුකෝරළ මහතාගෙන් මේ දිනවල බිස්නස් කොහොමදැයි අපි විමසුවෙමු. 

Q:  මේ දිනවල බිස්නස් කොහොමද?
වරදක් නැහැ. හොඳට කෙරීගෙන යනවා. අපි දැන් විදෙස් වෙළෙඳපොළත් තේ කර්මාන්තයෙන් සහ සංචාරක කර්මාන්තයෙන් අල්ලගෙනයි ඉන්නේ. වෙනදා අපිට දෙන්න බැරිවුණු රටවල් රැසකටම අපේ කර්මාන්ත ශාලාවෙන් තේ අපනයනය කරනවා. ඒ විතරක්ම නෙමෙයි ඒ රටවල පිරිස් අපේ තේ කර්මාන්ත ශාලාව නරඹන්න විතරක් නැව් පිටින් එනවා. එසේ එන විදෙස් පිරිස අපේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ඇවිදලා කාලා බීලා විනෝද වෙලා ඒ අයගේ රටට යන්නේ අපෙන් විශාල තේ ඇණවුමක්ද අරගෙන. තේ කර්මාන්ත ශාලාව විතරක් කළා නම් බොහෝ විට මෙය වෙනස් වීමට ඉඩ තිබුණා. එහෙත් අපේ අලු‍ත් යෝජනා නිසා තේ කර්මාන්තයත් එක්කම සංචාරක කර්මාන්තයත් දියුණු කරගන්න පුළුවන් වුණා. අපේ ව්‍යාපාර නිසා රටට එන්නේ ඩොලර්. ඒ ගැන මට අපේ සමූහයට ලොකු සතුටක් තියෙනවා.


Q: බිස්නස් වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
අවංකම කියනවා නම් ව්‍යාපාරයට නව අංගෝපාංග එකතු කිරීම, සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව අලු‍ත් ක්‍රමෝපාය ඔස්සේ අත්හදා බැලීම්, අපි කණ්ඩායමක් විදිහට වැඩ කිරීම, සේවක සේව්‍ය දෙපාර්ශවයම අතර ඇති කරගත් සම්බන්ධතාව, ඒ වගේම අපේ ප්‍රදේශයෙන් මේ ආයතනයට ලැබෙන ආශිර්වාදය ඒකට හේතු වී තිබෙනවා.. මම හිතනවා ඒ අයගේ ආශිර්වාදයත් අපේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න හේතුවක් වෙන්න ඇති. මම ළඟදී කවුරුවත්ම නොකරපු වැඩකට අත ගහන්නයි හිතාගෙන ඉන්නේ. අපේ කර්මාන්ත ශාලාව නැරඹීමට එන සංචාරකයන්ට අපේ ගමේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට අපේ කර්මාන්ත ශාලා භූමියේම වෙළෙඳ කුටි අපේ වියදමින්ම සකස් කර දෙනවා. මොකද අපි විතරක් දියුණු වෙලා හරියන්නේ නැහැ. අපේ ගමේ, අපේ නගරයේ පොඩි පොඩි අයත් දියුණු වෙන්න ඕන.
කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත සහ පිටිගල – ඩී.ජේ. විජේසිංහ



අදහස් (0)

බිස්නස් හොඳට කෙරීගෙන යනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site