IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගමට වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන සම්මාන


ඇමෙරිකන් ප්ලාස්ටික්ස් පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

එම සමාගම 2024 ජූනි මස පැවැත්වුණු ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුවේදී තත්ව පාලනය පිළිබඳ රන් සම්මානයකුත්, 2024 නොවැම්බර් මස පැවැත්වුණු තත්ව පාලනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ගුණාත්මකභාවය, ඵලදායිතාව සහ නව්‍යකරණය සඳහා ජාත්‍යන්තර රන් සම්මානයකුත් දිනා ගත්තේය. 2022 සැප්තැම්බර් මස ආරම්භ වූ ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම 2023 නොවැම්බර් මස අංක 273, පුත්තලම පාර, කුරුණෑගල යන ස්ථානයේ දැවැන්ත ශාඛාවක්ද විවෘත කර තිබේ. ෆ්‍රැන්චයිස් පදනම මත දිවයින පුරා තවත් එවැනි අලෙවිසැල් රැසක් පිහිටුවීමට ඔවුන් සැලසුම් කර ඇත.  

Injection, Blow සහ Parison ඇතුළු ප්ලාස්ටික් නිෂ්පාදන යන්ත්‍ර මාදිලි රැසක් එම සමාගමට අයත් ආටිගල පානළුව පිහිටි කර්මාන්තශාලාවේ ක්‍රියාත්මක වේ. ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම සිය පාරිභෝගිකයන්ට ආකර්ෂණීය වර්ණ රැසකින් යුතු උසස් තත්වයේ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන රැසක් සපයයි.



අදහස් (0)

ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගමට වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site