ඩයලොග් 4000 වැනි සන්නිවේදන කුලුන තිහව ගම්මානයේදී විවෘත කරයි: රුපියල් බිලියන 50ක වාර්තාගත ආයෝජනයක්
සෑම ශ්රී ලාංකිකයකු එකිනෙකා හා යා කරමින්, රටම ඩිජිටල් පහසුකම්වලින් බලගැන්වීමේ සිය දැක්මට අනුව, මෙරට පුළුල්තම ජාලයට හිමිකම් කියන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සිය 4000 වැනි දුරකථන කුලුන කුරුණෑගල තිහව ගම්මානයේදී විවෘත කරමින්, ප්රදේශයේ ජනතාව වෙනුවෙන් තවදුරටත් ආවරණය පුළුල් කිරීමට කටයුතු කළේය.