IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කොමර්ෂල් බැංකුව සහ මයික්‍රො සමාගමෙන් ආකර්ෂණීය ලීසිං ප්‍රවර්ධනයක්

කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - පෞද්ගලික බැංකුකරණ කපිල ලියනගේ මහතා, මයික්‍රෝ කාර්ස් ලිමිටඞ් සමූහයේ අධ්‍යක්ෂ අසේල ලිහිණිකඩුව මහතා සමඟ අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව.


මයික්‍රෝ කාර්ස් ලිමිටඩ් සමාගම දේශීයව එකලස් කරන හෝ නිෂ්පාදනය කරන සියලුම වාහන පරාස සඳහා ආකර්ෂණීය ලීසිං පහසුකම් ලබා දීමට කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ හවුල්කාරිත්වයකට එළඹී ඇත.

2026 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධනය යටතේ සමාගම් දෙකම ලීසිං ගනුදෙනුකරුවන්ට විශේෂ ප්‍රතිලාභ ලබා දෙන බව බැංකුව පවසයි.

මෙම ප්‍රතිලාභ මයික්‍රෝ සමාගම නියෝජනය කරන සියලුම වෙළෙඳ සන්නාම වන  MG, Chery, Proton, KGM – SUV  රථ සහ අධි සුඛෝපභෝගී බස් රථ සඳහා ද අදාළ වේ.

Chery Tiggo4Pro SUV රථ සඳහා රු. 50,000 ක වට්ටමක්, Proton Saga මෝටර් රථ සඳහා පළමු වසරේ පූර්ණ රක්ෂණ ආවරණයක් සහ වසර දෙකක හෝ කිලෝමීටර 40,000 ක සර්විස් පැකේජයක් නොමිලේ ලබා දීමට සහ Rexton Sports  පිකප් රථ සඳහා පළමු පාරිභෝගිකයන් 50 දෙනා සඳහා නොමිලේ වාහන ලියාපදිංචි කිරීමට මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ මයික්‍රෝ සමාගම කටයුතු කරනු ඇත.

මීට අමතරව, MG ZS MCE  පළමු පාරිභෝගිකයන් 300 දෙනාට විශේෂ හඳුන්වාදීමේ මිලක් සහ  MG ZS Hybrid+" MG HS PHEV, MG S5 Sedan" MG S5 - EV iy MG4 - EV  වාහන සඳහා විශේෂ මිලක් සමාගම ලබා දෙනු ඇත.

කොමර්ෂල් බැංකුව විසින් දැනට සිටින සහ නව ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය සහ දැරිය හැකි ලීසිං වාරික ගෙවීම් සහිත අභීරුචිකරණය කරන ලද ගෙවීම් සැලසුම් ලබා දෙන අතර මෙම ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනෙන් නව වාහනයක් මිලදී ගැනීමේ අවස්ථාව නිර්මාණය කරයි.

කොමර්ෂල් බැංකුවෙහි සුපර් ලීසිං පහසුකම යටතේ වසර හතක ලීසිං පහසුකමක් සඳහා සෑම රුපියල් 100,000 කටම රුපියල් 1,598.00 ක අඩු වාරික අය කරනු ලැබේ.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළෙදපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම සියයට 100ක් තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. 



අදහස් (0)

කොමර්ෂල් බැංකුව සහ මයික්‍රො සමාගමෙන් ආකර්ෂණීය ලීසිං ප්‍රවර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site