භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ජෙගදීසන් දුරෙයිරත්නම් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 

ඒ අනුව මැයි 06 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමෙහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් රැසක් සහිත දුරෙයිරත්නම් මහතා වසර 36ක කාලයක්   කොමර්ෂල් බැංකුවේ සේවය කර තිබේ. 2018 වසරේදී ඒ මහතා බැංකුවෙන් විශ්‍රාම යන විට එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක  නිලධාරීවරයා ලෙස කටයුතු කළේය. වර්තමානයේදී ඒ මහතා ඒෂියන් හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙසත්, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමෙහි සහ ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ  විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු   කරයි.