IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


“සහසක් නිමැවුම්” හි නිල බැංකු සහකරු NDB බැංකුව

NDB බැංකුව දේශීය නව නිපැයුම් සහ නවෝත්පාදන පෝෂණය කිරීම සඳහා ඔවුන්ගේ ඇති කැපවීම නැවත තහවුරු කරමින් සහසක් නිමැවුම්’ පස්වැනි ජාත්‍යන්තර නව නිපැයුම් සහ නවෝත්පාදන ප‍්‍රදර්ශනය සහ තරඟාවලිය සඳහා ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම ((SLIC) සමග හවුල් වීම පිළිබඳව නිවේදනය කර සිටී.  නිර්මාණශීලීත්වය, ගැටලු‍ නිරාකරණය සඳහා නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කිරීම සහ සියලු‍දෙනා ඇතුළත් වන ජාතික සංකේතයක් බවට පත්ව ඇති වැඩසටහනක් සඳහා නිල බැංකු හවුල්කරු ලෙස  NDB  බැංකුව සිය අඛණ්ඩ සහයෝගය මෙලෙස ලබා දෙයි.

මාස ගණනාවක් පුරා පැවති කලාපීය සහ පළාත් තරගවල කූටප‍්‍රාප්තිය වනිසහසක් නිමැවුම්’ ජාතික අදියර, 2025 අප්‍රේල් මස 25 සිට 27 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාව පුරා තෝරාගත් නව නිපැයුම් 1,000 කට අධික ගණනක් ප‍්‍රදර්ශනය කරන ලද අතර, පාසල්, විශ්ව විද්‍යාල, ත‍්‍රිවිධ හමුදා, වෘත්තීය ආයතන සහ ස්වාධීන නව නිපැයුම්කරුවන්ගේ විවිධ සහභාගීත්වයෙන් මෙය පැවැත්විණි. විශේෂ ජාත්‍යන්තර කාණ්ඩයක් රුමේනියාව, බෲනායි සහ ඉරානය යන රටවලින් පැමිණි නව නිපැයුම්කරුවන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වූ අතර, මෙම වසරේ වැඩසටහන සැබවින්ම ගෝලීය නව නිපැයුම් සමුළුවක් බවට පත් කළේය.

‘සහසක් නිමැවුම’ වැඩසටහනේ ඇති සුවිශේෂී ශක්තියක් වන්නේ එහි බිම් මට්ටමේ ප‍්‍රවේශයයි. සෑම පළාතකින්ම නව නිපැයුම්කරුවන් මේ සඳහා සහභාගී වීමට දිරිමත් කර ඇති අතර, සජීවී අත්දැකීම් සහ ප‍්‍රජාවගේ අදහස්වලට අනුව නිර්මාණය වූ පුළුල් පරාසයක විසඳුම් ඉදිරිපත් කරයි. මෙහි ඇති පුළුල් ප‍්‍රවේශය, ශක්තිමත් ව්‍යවසායක සංස්කෘතියක් බිහි කරන අතර එවැනි ව්‍යාපාර සඳහා සහය වීම සඳහා සියලු‍ දෙනාට ප‍්‍රවේශ වියහැකි මූල්‍ය විසඳුම් සඳහා ඇති අවශ්‍යතාව ඉස්මතු කරයි. මෙවැනි මුලපිරීම් සඳහා  NDB බැංකුව දැඩි ලෙස දායක වී ඇත.

NDB  බැංකුවේ ආයතනික තිරසාර කමිටුවේ ප‍්‍රධානී ලසන්ත දසනායක මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘ශ‍්‍රී ලාංකික නවෝත්පාදනයේ පරිවර්තනීය හැකියාව පිළිබඳ ගැඹුරු විශ්වාසයක් සහිත සහසක් නිමැවුම්’ වැඩසටහන සඳහා අපගේ සහභාගීත්වය ලබාදී තිබේ. මෙම නව නිපැයුම්කරුවන් යනු හුදු සිහින දකින්නන් පමණක් නොව, ඔවුන් ජාතිය ගොඩනඟන්නන්. තිරසාරභාවය සහ ප‍්‍රගතිය අගය කරන බැංකුවක් ලෙස, ඔවුන් සමඟ සම්බන්ධවීමට ලැබීම අපට ඉමහත් ගෞරවයක්’’.

 



අදහස් (0)

“සහසක් නිමැවුම්” හි නිල බැංකු සහකරු NDB බැංකුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site