IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි
වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට පත්විය නොහැකියි

  • සාමාජික රටවල් 69 න් 50ක් ආසියා කලාපයට අයත්
  • ආයෝජන ගලා ඒම සහතික කර ගැනීමට ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි
  • ආසියා සහ ශාන්තිකර කලාපයේ ආහාර පද්ධතිය පරිවර්තනය කිරීම කලාපයට බලපාන තවත් දැඩි ගැටලු‍වක්
  • කලාපයේ ආහාර සුරක්ෂිතතාව සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙම වසර අවසානය වනවිට ඩො. බි. 14 ක සහායක්
  • 2030 වසර වනවිට තවත් ඩො. බි. 26 ක සහායක්
  • පෞද්ගලික අංශය සංවර්ධනය කිරීමට ලබාදෙන ණය සිව් ගුණයකින් ඩො. බි. 13 දක්වා ඉහළට

නිස්තාර් කසීම් - මිලානෝ නුවර සිට

දීර්ඝ කාලීන ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයක් ළඟා කර ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජික රටවල් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු යැයි එම බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි බොහෝ අවිනිශ්චිත තිබෙන බව කන්ඩා මහතා පැවැසුවේය. ඒ හේතුවෙන් වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට පත්විය නොහැකි බවද ඔහු පැවැසුවේය. ඉතාලියේ මිලානෝ නුවර පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 58 වැනි වාර්ෂික රැස්වීම්වල පළමු දිනයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් අමතමින් මසාටෝ කන්ඩා මහතා මෙම අදහස් පළ කළේය.

මෙම මාධ්‍ය හමුවට ඩේලි එෆ්.ටී පුවත්පත ඇතුළුව 5000 අධික මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වූහ. අත්දැකීම් බෙදා ගනිමින් හෙට දවස ගොඩනැගීම යන තේමාව යටතේ පැවැති මෙම සමුළුව, කලාපයේ සංකීර්ණ අභියෝග එක්ව විසඳිය හැකි ආකාරය පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජික රටවල් 69 ට සිය අත්දැකීම් බෙදාහදා ගැනීමට වාර්ෂිකව ලැබෙන අවස්ථාවකි. සාමාජික රටවල් 69 න් 50ක් ආසියා කලාපයට අයත් වේ.

සංවර්ධනය වෙමින් පවතින සාමාජික රටවල් මුහුණ දෙන නව අවිනිශ්චිතතා හමුවේ ඒවාට නව විසඳුම් සොයාගෙන යෑමේ අවශ්‍යතාවද මසාටෝ කන්ඩා මහතා එහිදී පෙන්වා දුන්නේය. මෙම අභියෝගාත්මක කාලයේදී ස්ථිර හවුල්කරුවකු ලෙස සිටීමට ආසියානු සංවර්ධන බැංකුවේ කැපවීම ඔහු නැවත වරක් අවධාරණය කළේය.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සාමාජික රටවලට එල්ලවන ආර්ථික පීඩනවලට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ගොඩ නැගීම, තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට, රැකියා උත්පාදනය කිරීමට සහ දුප්පත්, දැඩි අවදානමට ලක්වූවන්ගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමට සභාපතිවරයා ලෙස තමන් කැපවී සිටින බවයි. පසුගිය පෙබරවාරි මාසයේදී මසාටෝ කන්ඩා මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට පත්විය.

නව අභියෝග හමුවේ දීර්ඝ කාලීන ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයක් ළඟා කරගැනීමට ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් කන්ඩා මහතා ප්‍රධාන උපාය මාර්ග දෙකක් ඒ සඳහා සාමාජික රටවල් හඹා යායුතු යැයි ප්‍රකාශ කළේය. පළමු උපාය මාර්ගය වන්නේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට සහ ආයෝජන ගලා ඒම සහතික කර ගැනීමට ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයැයි කන්ඩා මහතා පැවැසුවේය. දෙවැනි උපාය මාර්ගය වන්නේ කලාපයක් ලෙස ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහා සාමාජික රටවල් අතර අන්තර් සබඳතාව වැඩි දියුණු කිරීම බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
නැගී එන වෙළෙඳපොළවල් පෞද්ගලික අංශය සමග වැඩිදුරටත් යටිතල පහසුකම් සංවර්ධනය කර ගත යුතු බවත් ලිබරල්කරණය හරහා සිය ආර්ථිකයන් විවෘත කළ යුතු බවත් කන්ඩා මහතා පැවැසුවේය. එසේම නැගී එන වෙ​ෙළඳපොළවල් තරඟකාරීත්වය වැඩි දියුණු කරගත යුතු බවත් මානව සම්පත් කළමනාකරණ මුලපිරිම් ආරම්භ කළ යුතු බවත් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. තරඟකාරීත්වයෙන් නව විසඳුම් සොයාගත හැකි බව ඔහු පැවැසුවේය.

එම ආතතීන් කුසගින්න හා මන්දපෝෂණය ඉහළ දමන බවත් ජීවනෝපාය අවදානමට ලක් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. 

කලාපයේ ආහාර සුරක්ෂිතතාව සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මෙම වසර අවසානය වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 14 ක සහායක් ලබාදී තිබෙන බවත් 2030 වසර වනවිට තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 26 ක සහායක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

කලාපයේ ආහාර සුරක්ෂිතතාව සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබාදී ඇති මුළු සහාය ඇමෙරිකානු ඩොලර් බිලියන 40 දක්වා ඉහළ යනු ඇතැයිද ඔහු පැවැසුවේය. ඉන් සියයට 27 කට වඩාවැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට සිදු කරන ආයෝජන වනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. එසේම ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ස්වභාවික ප්‍රාග්ධන අරමුදලක් පිහිටුවන බවද සභාපතිවරයා පැවැසුවේය.

එසේම 2027 වසරේ සිට ආසියානු සංවර්ධන බැංකුව පෞද්ගලික අංශය සංවර්ධනය කිරීම සඳහා ලබාදෙන ණය සිව් ගුණයකින් ඇමෙරිකානු ඩොලර් බිලියන 13 දක්වා ඉහළ දමනු ඇතැයිද කන්ඩා මහතා ප්‍රකාශ කළේය. 



අදහස් (0)

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site