IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකා බැංකුවෙන් රු.බි. 15 ක ණයකර නිකුතුවක්


භානුක අමරසිංහ


ලංකා බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 15ක අරමුදල් රැස් කරගැනීමකට සූදානමින් සිටින බව පවසයි. 

ඒ අනුව බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි පස් අවුරුදු ණයකර නිකුතුවක් ලෙස මෙම නිකුතුව සැලසුම් කර තිබේ. ලබන මැයි 15 වැනිදා මෙම ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා විවෘත කිරීමට නියමිතව ඇත. 

මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කරන බව ලංකා බැංකුව පවසයි. එහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 10 කි. 

මෙම නිකුතුවට හිමි වන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කිරීමටද බැංකුව සැලසුම් කර තිබේ. ඒ හරහා රැස් කරගන්නා මුදල රුපියල් බිලියන 5 කි.



අදහස් (0)

ලංකා බැංකුවෙන් රු.බි. 15 ක ණයකර නිකුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site