
මේ දිනවල බිස්නස් කටයුතු පිළිබඳව දැන ගැනීමට අපි නාවල බලා ගියෙමු. නාන කාමර උපාංග සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය උපාංග අලෙවිසැලක් වු නිව් ටොප් සෙරමික් වෙත අපි ගොඩ වූයෙමු. එහිදී අලෙවිකරුවකු වූ ජී ස්ටැන්ලි මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි.
|
මිනිස්සු ළග හැමදේටම හොඳට වියදම් කරන්න සල්ලි නෑ. මිනිස්සුන්ට තම එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වියදම් කරනවා ඇරෙන්න අමතර ඉදිකිරීම් වැඩ කටයුතු කරන්නේ හරිම අඩුවෙන්. ඒකත් අපිට බිස්නස් අඩු වෙන්න හේතුවක්. නිව් ටොප් සෙරමික්හි
|
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
බිස්නස් නම් අඩුයි. කවුරුත් කියනවනේ අවුරුදු සීසන් එකේ බිස්නස් හොඳයි කියලා. ඒවුණාට මෙදාපාර අවුරුදු සීසන් එකෙත් බිස්නස් අඩුයි. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ බිස්නස් එකකට එකක් අඩුයි. අවුරුද්දෙන් පස්සේ බිස්නස් ගැන කියනවා නම් බිස්නස් ගොඩක්ම අඩුයි. ඇත්තෙම නැති තරම්.
Q:බිස්නස් අඩුවීමට හෝ වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
මම මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 15 ක් වගේ වෙනවා. ඒත් මෙහෙම බිස්නස් අඩු කාලයක් එන්නේ කලාතුරකින්. අවුරුදු සීසන් එකෙත් බිස්නස් තිබ්බේ නෑ කියන්නේ මේ දවස්වල බිස්නස් අඩු වෙන එක සාධාරණයි.
බිස්නස් අඩු වෙන්න බලපාන හේතු මොනවද කියලත් හරියට කියන්න බෑ. එක හේතුවක් තමයි බඩු මිල වැඩි වීම. අපි ළඟ තිබෙන නාන කාමර උපාංග, ටයිල් සහ ඉදිකිරීම් ද්‍රව්‍ය කියන්නේ අඩු මුදලට මිලදී ගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ බඩුවල මිල ගණන් වැඩියි. ඒකත් හේතුවක් බිස්නස් අඩු වෙන්න. අනිත් දේ තමයි මිනිස්සුන්ගේ ආර්ථික තත්වය. මිනිස්සු ළග හැමදේටම හොඳට වියදම් කරන්න සල්ලි නෑ. මිනිස්සුන්ට තම එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වියදම් කරනවා ඇරෙන්න අමතර ඉදිකිරීම් වැඩ කටයුතු කරන්නේ හරිම අඩුවෙන්. ඒකත් අපිට බිස්නස් අඩු වෙන්න හේතුවක්.
තව හේතුවක් තමයි දැන් හැමතැනම නාන කාමර උපාංග සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය උපාංග අලෙවිසැල්. නාවල වුණත් මෙම අලෙවිසැල් කීයක්නම් තිෙයනවද. ඒ නිසාත් බිස්නස් එක අඩු වෙනවා. පාරිභෝගිකයෝ හැම කඩේකින්ම ගණන් අහලා අඩුම තැනින් තමයි බඩු ගන්නේ. ඔය වගේ හේතු නිසා බිස්නස් අඩුයි.
ශෂිකා අබේරත්න
ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බිස්නස් නම් ගොඩක් අඩුයි