ඊයේ ගනුදෙනු අවසානයේ දී (මැයි 08) ලැයිස්තුගත සමාගම් දහ තුනක කොටස් මිල සති පනස් දෙකක් ඇතුලත ඉහළම මිලට ළඟා වූ අතර සමාගම් තුනක පමණක් කොටස් මිල සති පනස් දෙකක කාලයේ අවම අගයට ප්‍රවේශ වී තිබුණි. දිනයේ ආරම්භයේ සිට ප්‍රමාණවත් වර්ධනයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.
ලංකා බැංකුව රු.මිලියන සියයක සහ රු. මිලියන පනහක වශයෙන් ණයකර දෙකක් නිකුත් කිරීම සඳහා සූදානම් වන අතර අවම වශයෙන් සියයට 11.25 ක පොලියක් පිරිනැමේ මෙම ණයකර සඳහා ඉල්ලුම අනුව රුපියල් බිලියන පහක් දක්වා ණයකරය තවත් වටයකින් නිකත් කරනු ඇති බව දැක්වේ. ෆස්ට් කැපිටල් මිලියන තුන්දහසක ණයකරයක් නිකුත් කර ඇත. මර්චන්ට් බෑංක් ඔෆ් ශ්‍රී ලංකා තවත් ණයකරයක් නිකුත් කර ඇති අතර එය රු. මිලියන පන්සියයකි. ඉල්ලුම අනුව රු.බිලියනයක් දක්වා වැඩිකරනු ඇත. මෙම පැති සඳහා ආයෝජන යොමුවුවහොත් දෛනික ගනුදෙනු සීමාවීමට ඉඩ තිබේ.
සියළු කොටස් මිල දර්ශකය ඒකක 15,925.92 ක් ව අතර එය දර්ශක 84.32 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,655.15 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 21.01 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 14,414 ක් වාර්තා වූ අතර සමාගම් 158 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 53 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 1,674.56 කි.
රීල් රු. මිලියන 170 ක්, ලංකෙම් ඩිවෙලොප්මන්ට් රු. මිලියන 87 ක්, ඩිස්ටිලරීස් රු. මිලියන 57 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 55 ක්, එල්. බී. ෆිනෑන්ස් රු. මිලියන 51 ක්, මෙල්ස්ට්‍රාක්‍රොප් රු. මිලියන 50 ක්, පෑන් ඒෂියා පවර් රු. මිලියන 42 ක්, එල්.වී.එල් එනර්ජි රු. මිලියන 37 ක්, ග්‍රේන් එලිවේටර්ස් රු. මිලියන 32 ක්, ලයන් බෲවරි රු. මිලියන 31 ක් සිංගර් ෆිනෑන්ස් රු. මිලියන 29 ක් සහ වැලිබල් ෆිනෑන්ස් රු. මිලියන 25 ක්, වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ණයකර සඳහා ඉල්ලුමක් ඇතිවිය හැකි ලකුණු