2025 වසරේ පිට පිට දෙවැනි මාසයටත් මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය පසු බැසීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි. 

අනුව අප්‍රේල් මාසය සඳහා වන ජාතික දේ අලෙවියේ සාමාන්‍යය තේ කිලෝවක් සඳහා රුපියල් 1,116.75 (ඩොලර් 3.9ක්) ලෙස පහත වැටී තිබේ. මෙය මාර්තු මාසයේදී වාර්තා කළ රුපියල් 1,183.76 (ඩොලර් 4.02) හා සැසඳීමේදී රුපියල් 17.01ක් (ඩොලර් 0.11ක) අඩුවීමකි. 

මේ අතර 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ ජාතික තේ අලෙවියේ සාමාන්‍යය අගය වූ තේ කිලෝග්‍රෑමයක් සඳහා වන රුපියල් 1,216.85 (ඩොලර් 4.06) හා සැසඳීමේදී මෙම අලෙවිය රුපියල් 50.10කින් එනම් ඩොලර් 0.15කින් අඩුවීමකි.