ආසියාව විරුද්ධාභාසයකට මුහුණ දී ඇත. ඒ ආසියාව යනු ලෝකයේ මන්දපෝෂණයෙන් පෙළෙන අයගෙන් අඩකට වඩා ජීවත් වන අතරම, කෘෂි ආහාර පද්ධති ශ්‍රම බලකායෙන් සියයට 40 ක් සේවය කරන වඩාත් ප්‍රබල ආර්ථික සහිත කලාපයක් වීමයි.
2021 වසරේදී, බිලියන 1.9 ක ජනතාවකට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ප්‍රවේශය නොමැති වූ අතර, ඔවුහු දරිද්‍රතාව සහ අහස උසට නැගෙන ආහාර මිල ගණන් අතර සිරවී සිටියහ. දැන් සම්පත් පිරිහීම සහ ආර්ථික කම්පන දශක ගණනාවක ප්‍රගතිය හෙළිදරව් කිරීමට තර්ජනය කරයි.
එහෙත් මෙම අභියෝගය තුළ ආහාර නිෂ්පාදනයේ නීති නැවත ලිවීමට පෙර නොවූ විරූ අවස්ථාවක් ලැබී තිබේ.
ගෝලීය කෘෂි ආහාර පද්ධති පාරිසරික, සමාජීය සහ සෞඛ්‍ය ආශ්‍රිත දැවැන්ත සැඟවුණු පිරිවැයක් ජනනය කරන අතර, ආහාර පද්ධති ආර්ථික කොමිසම විසින් 2023 දී ඇස්තමේන්තු කර ඇති ආකාරයට එය ඩොලර් ට්‍රිලියන 13 ක් හෝ ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 කි. මෙම පිරිවැය පැන නගින්නේ හරිතාගාර වායු සහ නයිට්‍රජන් විමෝචනය, ඉඩම් පරිහරණ වෙනස්කම්, ජල ක්ෂය වීම, කෘෂි ආහාර සේවකයන් අතර දරිද්‍රතාව සහ ආහාර මගින් මෙහෙයවනු ලබන සෞඛ්‍ය ගැටලු හරහාය.
2016 වසරේ සිට ගෝලීය වශයෙන් දුර්වල ආහාර වේල නිසා ඇතිවන ඵලදායිතා පාඩු සියයට 14 කින් ඉහළ ගොස් ඇති අතර, දකුණු ආසියාවේ එය සියයට 20 ක වැඩිවීමක් පෙන්නුම් කරයි. හදිසි ප්‍රතිසංස්කරණ නොමැති වුවහොත් මෙම සැඟවුණු පිරිවැය අනාගත ආර්ථික වර්ධනය අඩාළ කරනු ඇති අතර, සාම්ප්‍රදායික නිෂ්පාදන කේන්ද්‍රීය උපාය මාර්ගවලින් ඔබ්බට ගොස් කෘෂි ආහාර ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ට සිදුවෙයි.
පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විශාල විභවයක් ඇත. ණය ඇපකර, පළමු පාඩු පහසුකම් සහ පරාමිතික රක්ෂණය වැනි දෑ හරහා අවදානම් ගැනීමට අකැමැත්තෙන් සිටින ආයෝජකයන් සඳහා වන පරතරය පියවයි. ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සමඟ ඒකාබද්ධව, මෙම උපකරණ කුඩා වතු හිමියන්ගේ ණය දීම ශක්‍ය කරන අතර, පවුල් ගොවිපොළ ආධිපත්‍යය දරන අංශයකට එය ඉතා වැදගත් වේ.
ඩිජිටල් පාලම්
කුඩා වතු හිමියන් සඳහා ඩිජිටල් පාලම් ද ඇත. ආසියාවේ, ගොවීන්ගෙන් සැලකිය යුතු කොටසක් කුඩා වතු හිමියන් වන අතර, ඇස්තමේන්තුවලට අනුව කලාපයේ පරිභෝජනය කරන ආහාර වලින් සියයට 80 ක් වගා කෙරෙන්නේ කුඩා ගොවිපොළවලය.
ජංගම වේදිකා හරහා දැන් ගොවීන් “ඩිජිටල් සමුපකාර” බවට ඒකාබද්ධ කරන අතර, ඔවුන් ගැනුම්කරුවන්, මූල්‍ය තාක්ෂණ සේවා සහ තත්‍ය කාලීන දත්ත සමඟ සම්බන්ධ කරවයි. මින් මූල්‍ය සේවා බෙදා හැරීමේ පිරිවැය සියයට 90 කින් අඩු කරන අතර, කලින් බැහැර කරන ලද මිලියන ගණනක් සඳහා ණය ඉතිහාස ගොඩනඟයි.
ආසියාවේ ආහාර පද්ධති නැවත සිතා බැලීමට, අපි පහත උපාය මාර්ග අනුගමනය කළ යුතුය.
නිරවද්‍යතාව හරහා ඵලදායිතාව ලුහුබැඳීම. ආසියාවේ ගොවිපොළවලට පළිබෝධ පැතිරීම් නිරීක්ෂණය කරන ඩ්‍රෝන යානා, වාරිමාර්ග ප්‍රශස්ත කරන සංවේදක සහ කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් කාලගුණික මාරුවීම් පිළිබඳව ගොවීන්ට අනතුරු අඟවන උපදේශන වැනි තාක්ෂණික එකතු කිරීමක් අවශ්‍ය වේ. එහෙත් තාක්ෂණය පමණක් ප්‍රමාණවත් නොවේ.
නරක් වීමේ පාඩු සියයට 30 කින් අඩු කරන සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ශීතාගාර වැනි පශ්චාත්-අස්වනු නවෝත්පාදනයේ සිට ඊ-වාණිජ්‍ය යෙදුම් හරහා ගොවීන්ට සූරාකෑමේ අතරමැදියන් මඟ හැරීමට හැකි වන පරිදි පාරිභෝගිකයන්ට ඍජු වේදිකා ලබාදීම සහ ඩිජිටල් සාක්ෂරතා වැඩසටහන් හරහා ආදායම දෙගුණ කර ඇති ඉන්දියාවේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන සමුපකාර වැනි කුසලතා පුහුණු මුලපිරීම් දක්වා වූ සමස්ත වටිනාකම් දාමය තුළම අප ආයෝජනය කළ යුතුයි.
දශක ගණනාවක් තිස්සේ අධික ලෙස සූරාකෑම නිසා ආසියාවේ පසෙන් සියයට 40 ක් හායනය වී ඇත, එහෙත් විසඳුම පවතින්නේ පරිසර පද්ධති සුව කිරීම සඳහා ගොවීන්ට ගෙවීමක් සිදුකිරීමෙන්, ස්වභාවධර්මය යනු කැප කිරීමට වඩා මිතුරකු ලෙස සැලකීමෙනි. වියට්නාමයේ, කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති මගින් කුණාටුවලින් ගොවිපොළ ආරක්ෂා කරන අතරම, වේලි නඩත්තු කිරීමේ පිරිවැය වාර්ෂිකව ඩොලර් මිලියන 7.3 කින් අඩු කරයි. පිලිපීනයේ, තාරාවන් සහ මත්ස්‍යයන් ඒකාබද්ධ පද්ධති භාවිත කරන වී වගාබිම්වල කෘත්‍රිම යෙදවුම් නොමැතිව සියයට 20 ක ඉහළ අස්වැන්නක් ලබා ගනී. මේ අතර, ඉන්දුනීසියාවේ “හුටාන් දේසා” (ගම්මාන වනාන්තර) වැඩසටහන මගින් ඉඩම් හිමිකම ඇති ප්‍රජාවට නීති විරෝධී දැව කැපීමට එරෙහිව සටන් කිරීමට ප්‍රතිලාභ ලබා දෙයි.
අනාගතයට ඔරොත්තු දෙන යටිතල පහසුකම් ප්‍රමුඛතා
කාන්දුවීම් හේතුවෙන් ආසියාවේ වාරිමාර්ග ඇළ මාර්ගවල ජලයෙන් සියයට 50 ක් අහිමි වන නමුත්, සංවේදක පාදක කරගත් වෙන් කිරීම් මගින් ඒවා නවීකරණය කිරීමෙන් වාර්ෂිකව ජලය ලීටර් බිලියන 300 ක් ඉතිරි කර ගත හැකිය. අනාගතයට ඔරොත්තු දෙන යටිතල පහසුකම් ප්‍රමුඛතා අතරට බංග්ලාදේශයේ ජල භාවිතය සියයට 30 කින් අඩු කරන සූර්ය පොම්ප සහ බිංදු පද්ධති වැනි සුහුරු ජල ජාල, පිරිවැයෙන් අඩකට දිරාපත් වන ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ නාස්තිය අඩු කරන ඉන්දියාවේ කිසාන් දුම්රිය ජාලය වැනි දේශගුණික-ප්‍රතිරෝධී ප්‍රවාහන ක්‍රම සහ ගොවීන්ට ඔවුන්ගේ බෝග බේරා ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් පැය 72 කට පෙර ගංවතුර අනතුරු ඇඟවීම් සපයන මියන්මාරයේ ගොවි යෙදුම් මගින් නිරූපණය කරන ඩිජිටල් ආරක්ෂිත දැල් වැනි ක්‍රියාමාර්ග ඇතුළත් වෙයි. ආසියාව ප්‍රමාණවත් කැලරි ප්‍රමාණයක් නිපදවුවද, මිලියන 600 ක ජනතාවක් තවමත් ක්ෂුද්‍ර පෝෂක ඌනතාවලින් පීඩා විඳිති. පෝෂණය ප්‍රතිපත්තිමය මූලිකාංගයක් බවට පත් කිරීම සඳහා අමුද්‍රව්‍යවලින් සියයට 30 ක් දේශීය කාබනික ගොවිපොළවලින් ලබාගන්නා තායිලන්තයේ පාසල් ආහාර වැඩසටහන, රක්තහීනතාව සියයට 24 කින් අඩු කර ඇති ඉන්දුනීසියාවේ යකඩ බහුල සහල් වැනි ප්‍රධාන ආහාර ශක්තිමත් කිරීම සහ 2022 ගෝලීය ධාන්‍ය අර්බුදය තුළ මිල ස්ථාවර කිරීමට උපකාරී වූ වියට්නාමයේ ජාතික සහල් සංචිතය වැනි අර්බුදකාරී අවරෝධ ස්ථාපිත කිරීම ඇතුළත් විවිධත්ව සහනාධාර ලබාදීම ඇතුළත් වේ.
ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකවල අවිධිමත් අංශයේ සේවය කරන මිලියන සංඛ්‍යාත තරුණ තරුණියන්ට සහ මධ්‍යස්ථ හෝ අතිශයින් දුප්පත් තරුණ සේවකයන් හතර දෙනකුගෙන් එක් අයකුට යහපත් රැකියා සැපයීමට පරිවර්තනය කරන ලද කෘෂි ආහාර පද්ධති උපකාරී වේ.
කෘෂි ආහාර මගින් ඩ්‍රෝන ක්‍රියාකරුවන් සහ ජෛව ඉංජිනේරුවන් වැනි තාක්ෂණික රැකියා උත්පාදනය කළ හැකි අතර ඒ සඳහා වෘත්තීය පුහුණුව අවශ්‍ය වේ. 2020 සිට ආරම්භක ව්‍යාපාර 200 කට වඩා දියත් කර ඇති පිලිපීනයේ කෘෂි තාක්ෂණික ඉහළ නැංවීම වැනි ව්‍යවසායක පරිසර පද්ධති නිර්මාණය කිරීමට එයට හැකිය. එසේම මහජන චීන සමූහාණ්ඩුව සහ තායිලන්තයේ “ඩිජිටල් ගම්මාන” වැඩසටහන් මගින් නිදර්ශනය කරන ලද නාගරික-ග්‍රාමීය සමතුලිතතා මුලපිරීම් හරහා ගොවිපොළ නවීකරණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික කුසලතා ආකර්ෂණය කර ගත හැකිය.
ආසියාව වැළඳගත යුත්තේ ඵලදායිතාව සමග තිරසාරභාවය සම්බන්ධ කරන ආහාර විප්ලවයක්ය. කුඩා වතු හිමියන් කොටස්කරුවන් බවටත් කුසගින්න ඉතිහාසය බවටත් පත් කිරීම සඳහා අවශ්‍ය කරන මූල්‍ය, ඩිජිටල් පරිවර්තනය සහ සහයෝගීතා ආකෘති වැනි මෙවලම් පවතී.
අවදානමට ලක්ව ඇත්තේ බිලියන 4.7 ක ජනතාවගේ සෞඛ්‍යය සහ ග්‍රහලෝකයේ වඩාත්ම ගතික ආර්ථිකවල ස්ථාවරත්වයට වඩා අඩු දෙයක් නොවේ.
(මෙම ලියුම්කරු ආසියානු සංවර්ධන බැංකුවේ කෘෂිකර්ම, ආහාර, සොබාදහම සහ ග්‍රාමීය සංවර්ධන පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා වේ. ප්‍රකාශිත අදහස් ලේඛකයාගේ අදහස් වන අතර, ඒවායින් ආසියානු සංවර්ධන බැංකුවේ, එහි කළමනාකාරිත්වයේ, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ එහි සාමාජිකයන්ගේ අදහස් පිළිබිඹු නොකරයි)
“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ අනිල් කරුණාරත්න
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආසියාවේ ආහාර පද්ධති විප්ලවීයකරණය කළ හැක්කේ කෙසේද?