ප්‍රමුඛ අලෙවිකරණ වෘත්තිකයකු වන සමිත හේමචන්ද්‍ර මහතා 2025 අප්‍රෙල් 1 වැනි දා සිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂකවරයකු ලෙස පත් කර ඇති බවත්, ඊට සමගාමීව ඒ මහතා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් තනතුරට උසස් කර ඇති බව සමාගම නිවේදනය කර ඇත.
2000 වසරේ දී සන්නාම කළමනාකරුවකු ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගමට සම්බන්ධ වූ හේමචන්ද්‍ර මහතා අධ්‍යක්ෂකවරයකු ලෙස පත් වීමට පෙර සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු රැසක් හොබවන ලදී. ජීවිත රක්ෂණ අංශයේ අලෙවිකරණය හා සන්නාමය ගොඩනැංවීමෙහිලා අවුරුදු 25කට වැඩි පළපුරුද්දක් ඔහුගෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට ලැබෙන අතර ඔහු සමාගමේ අලෙවිකරණය පිළිබඳ සාමාන්‍යාධිකාරීවරයකු ලෙස ද වසර ගණනාවක් සේවය කර තිබේ.
හේමචන්ද්‍ර මහතා 2004 දී සෙලින්කෝ ලයිෆ් සමාගම අත් කර ගත් වෙළෙඳපොළ නායකත්වය අද දක්වා අඛණ්ඩව අවුරුදු 21 පුරාවට පවත්වාගෙන යාමට දායක වූ කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයෙකි. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රී ලංකාවේ වසරේ වෙළෙද සන්නාමය ලෙස තුන් වතාවක් හා වසරේ සේවා වෙළෙඳ සන්නාමය ලෙස හය වතාවක් සම්මානයට පාත්‍ර කිරීමෙහි ලා ප්‍රධාන කාර්යභාර්යයක් ද ඔහු ඉටු කර ඇත.
එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) හි සාමාජිකයකු සහ වරලත් අලෙවිකරුවකු (FCIM) වන සමිත හේමචන්ද්‍ර මහතාට සන්නාම කළමනාකරණය, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය, අලෙවි-කරණ කළමනාකරණය, සහ උපායමාර්ගික සැලසුම්කරණය පිළිබඳ පුළුල් ප්‍රායෝගික අත්දැකීම් තිබේ. සෙලින්කෝ ලයිෆ් සඳහා ඒකාබද්ධ අලෙවිකරණ ව්‍යාපාර රාශියක් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු සෘජුවම සම්බන්ධ වී ඇත. හේමචන්ද්‍ර මහතා ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) ලබා ඇත. ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ (IASL) අලෙවිකරණ සහ විකුණුම් සංසදයේ හිටපු සභාපතිවරයකු වන අතර වසර ගණනාවක් පුරාවට SLIM සන්නාම විශිෂ්ඨතා සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත.
ඔහු දැනට සීමාසහිත සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන අතර සෙලින්කෝ ලයිෆ් හි අනුබද්ධ හා ආශ්‍රිත සමාගම් වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්.සී. (CDB) හි විධායක නොවන අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරයි.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමිත හේමචන්ද්‍ර සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට