ප්‍රියාමාලි 24දා යළි බන්ධනාගාර විනිශ්ච මණ්ඩලයට
ජංගම දුරකථන සන්තකයේ තබාගැනිමේ චෝදනා එල්ල වී සිටින මහපරිමාණ මුදල් වංචාවකට සැකකාරියක් ලෙස වැලිකඩ බන්ධනාගාරගත තිළිණි ප්‍රියාමාලි නැමැත්තිය බන්ධනාගාර විනිශ්ච මණ්ඩලයට නැවත මේ මස 24 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.