(යොහාන් භාසුර)
කොළඹ රාජකීය විදුහලේ සිසුවකුට එම විදුහලේ ගුරුවරුන් දෙදෙනෙක් පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලකට අනුව එම විදුහලේ විදුහල්පතිවරයා සහ අදාල ගුරුවරු දෙදෙනා කැඳවා ප්‍රකාශ ලබාගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
එම විදුහලේ 11 වැනි ශ්‍රේණියේ සිසුවකුට ගුරුවරු දෙදෙනෙක් අමානුෂික ලෙස පරාදීමක් කර ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බවත් පහර කෑමට ලක්වූ සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත්වී ප්‍රතිකාර ලබා ඇති බවත් එම කොමිෂම වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ඉගෙන ගත්තේ ඔය ඉස්කෝලෙ තමයි.. අපි ගුටි කාපු තරමට මානව කොමිෂන් ගියා නම් ගුරුවරුන් තාමත් හිරෙ...අපිත් ඉතින් හිරේම තමා
මම අද හිරේ නොයා දොස්තර කෙනෙක් වෙලා ඉන්නෙ ඒකාලෙ ගුරුවරු මට හොඳටම ගහපු නිසා. ඒ කාලෙ ගුරුවරු මට ගැහුවෙ නැත්නම් මම අද දරුණු අපරාධකාරයෙක්.
ගුරවරයෙකු පාරක් හෝ දෙකක් දඬුවමක් වශයෙන් පාරක් දෙකක් ගසන එක එක් කතාවක්. නමුත් ගුරුවරුන් දෙදෙනෙක් එක්කාසු වී රෝහල් ගතවීමට සිදුවන තරමට පහර දීම දණ්ඩ නීති සංග්රහයට අනුව දඬුවම් ලැබිය යුතු වරදක්. මානව හිමිකම් උල්ලංගනය කිරීමක්. ගුරුවරයෙකු විසින් නොකල යුතු වරදක්. තේරුමි ගන්න, ගහල තිෙන්නෙ ලමයා දොස්තර කෙනෙක් කරන්නට නම් ලමයාට දොස්තරලාගෙන් ප්රතිකාර ගන්ට සිද්ධ වෙලානෙ තියෙන්නෙ. බහු භූත කතා.
පන්සිය පනස් ජාතක පොතේ තියෙනවා කතාවක් වරදක් කල රජ පුතෙකුට ගුරුතුමා පහරක් ගැසුවා කියලා කේන්ති ගත් සිසුවෙක් කරපු වැඩක් ගැන .අතීතයේ කියමනක් තිබුනා දඩුවම් නොකර හදන ළමයාත් හැදිනොගා හදන හොද්දත් එකවගේ කියලා .කොහොම වුනත් අතීතයේ පැවති කුලභේදය නොසලකා හැම එකාමත් නොහැදුනු පවුල් වල එවුනුත් ගැනීමේ වරද තමයි වෙලා තියෙන්නෙ මම දන්න කුඹල් කුලේ එකෙක් ......... නිළධාරි වෙලා හිටියා උගේ ළමයත් ඔය විද්‍යාලයට ගියා පියා ඉතාමත් පහත් ක්‍රියා කරන කෙනෙක් .ඉතින් ගහේ කටු උල්කරන්න අවශ්‍ය නැහැනේ
ඔයගොල්ලෝ ඉස්කෝලෙ ගිය කාලෙට වඩා රට ලෝකෙ වෙනස් වෙලා.
ඔය පාසල මහා ජරා වලක්
රාජකීය විදුහලේ සිදුවීමක් නිසා අපේ ජනාදිපති තුමාත් අද හෙටම ඔය ගැන විශේෂ ප්‍රකාශයක් කරයි.
පාසැලට ළමයින් ඇතුළත් කරන විට දෙමාපියන්ගේ සමාජ තත්වයද සලකා බලනවා නම් මෙහෙම තත්වයක් ඇති වෙන්නෙ නැහැ .දැන් තියෙන තත්වය අනුව කුඩ්ඩෙකුගේ මංකොල්ල කාරයෙකුගේ ළමයෙක්ට ලකුණු මත ඕනෑම පාසැලකට යන්න පුළුවන් .එයින් පාසැලේ කීර්තිය නැතුව යනවා. මම කියන ආකාරය සමාජය යහමගට ගැනීමටත් හේතුවක් වෙනවා .මම කියන්නෙ අත් දැකීමක් ඇතුව .එක් පුද්ගලයෙක් රජයේ සේවයේ හිටියත් නිතරම බීමත්ව සිටියා ..එම ආයතනයේ හිටපු දෙවැනි තනතුර දැරුවේ තරුණ කාන්තාවක් .ඇය දරුවෙක් ලැබෙන්න සිටියදී බඩ කපා දරුවා එළියට ගන්නවා කියන්න තරම් ඒ නරුමයා දරුණුම එකෙක් .ඉතින් උගේ ළමයෙක් සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත් වුනා. එහිදී එම ලමයා සහ අනෙක් අය කිව්වා දරුවගේ අනාගතය ගැන හිතලා දැන්වත් හැදියන් කියලා .කොහොම හරි මිනිහා දරුවා විභාගය සමත්වීමෙන් පසුව යහපත් කෙනෙක් වුනා. එනිසා දැන්වත් තීරණයක් ගන්න දෙමාපියන්ගේ චර්‍යාවන් සලකා දරුවො පාසැලට ගන්නවා කියලා .මම හිතන්නේ නැහැ ගුරුවරු දෙදෙනෙක් දරුවෙකුට ගැහුවා කියන්නෙ සත්‍යයක් කියලා
ගුරුවරු වුණත් ගැහුවනම් ඒක පිළිගන්න ඕනි. ගැහුවෙ සද් භාවයෙන් කියලනෙ කියන්නේ. ඉතින් උසාවියේදී ඒක කියන්න පුවන්නේ. ගුරුවරුන්ට කියලා වෙනම නීතියක් නෑ. මානව හිමිකම් නීතිය හැමෝටම එකයි. ගුරුවරු හිතාගෙන ඉන්නේ සිසුන්ට ගහන්න අයිතියක් තියනවා කියලා. මේ සිසුසුවා ප්‍රබල දෙමාපියන්ගේ දරුවෙක් වෙන්නැති. ගුරු සංගම් මේ ගැන මොකවත් කියලා නැද්ද?
ඔය මානව හිමිකම් කොමිසම තියෙන්නේ අමනකම ගොඩනැගීම හා පවත්වාගැනීමට පමණයි. අහිංසක සිරකරුවන් වෙනුවෙන් මීක් හඬක් නැති කොමිසම මහා පරිමාණ කුඩු ජාවාරම් කරුවන් වෙනුවෙන් හඬා වැටේ. පාසලට කුඩු, ගංජා, අයිස්, අසැබි දර්ශන ගේන තක්කඩි සිසුන් පුනරුත්ථාපනයට හා එම ක්‍රියා කාරකම් මර්ධනයට කිසිම ක්‍රියාමාර්ගයක් නැති කොමිසමට, ඒ තක්කඩින්ට වේවැල් පාරක් ලැබුනු විට මානව ප්‍රේමය උතුරන්න ගන්නේය. බිග් මැච් කියා පාසල් පිටින් බීමත්ව මහපාරේ ගහ මරා ගන්නා විට නිහඬ මේ මානව කොමිසම උන්ට දඬුවම් හෝ තරවටුවක් වත් නොකරයි. අපේ රටේ සාමාන්‍ය ගොන් ජනයාද කොමිසමට හුරේ දමන අතර තමන්ගේ දරුවාට කෙලවූ විට ගලේ පැහැරූ බලළා මෙන් නිහඬව සිටී. ඊට පසු ඒ තක්කඩි ළමයි ලොකු වී දේශපාලනය කරන්න ගත් විට ජනතාව සතුටින්ම ගෝල්ෆේස් එකේ අරගල කර කර ගුටි කකා දුක් විඳින්නද එක් වේ..