(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල පිවිසුමේදී රියැදුරන්  පරික්ෂා කිරීම සඳහා නැවතු මෝටර් රථයක රියදුරු මෝටර් රථය දමා  පලා ගොස් ඇති අතර දමා ගිය මෝර් රථයේ තිබී  මත්ද්‍රව‍ය තොගයක් සොයාගත් බව අධිවේගී මර්ග පොලිසිය කියයි.  

එම මෝටර් රථය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 200 ක් හොරෙයින් මත්ද්‍රව‍ය ගෑම් 84 මිලි ගෑම් 44 ක් පොලිස් භාරයට ගෙන ඇත.

අධිවේගී මාර්ග කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සැරයන් 819 මහින්ද  ඇතුළු පොලිස් කණ්ඩායමක් කඩුවෙල කඩවත ඇතුළුවීමේ හා පිටවීමේ ස්ථානයන්හි මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටියදී කඩවත සිට අධිවේගි මාර්ගයට ඇතුළු වීමට පැමිණි කුඩා මෝටර් රථයක් නවත්වා එහි රියැදුරා මත්පැන් පානය කර සිටින්නේදැයි පරික්ෂා කිරීමට මෝටර් රථයෙන් බැස පැමිණෙන ලෙස නිලධාරීන්  දැනුම් දුන් බව තිබූ බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී රියදුරු  මෝටර් රථය මඳක් ඈතින් නතර මෝටර් රථයෙන් බැස බියගම දෙසට පළා ගොස් ඇති අතර පොලිසිය ඔහු පසුපස හඹා ගියද සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

අනතුරුව මෝටර් රථය පරික්ෂා කිරීමේදී එහි තිබී එම මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය කියයි.