
(අංජුල මහික වීරරත්න)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 අද (07) ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතාගේ ප්‍රධානත්වයෙන් න ආරම්භ විය.
දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම කලාපීය සෞඛ්‍ය සැසිවාරයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙරට නියෝජිත කණ්ඩායමක් ද සහභාගී විය.
2025 වසරේ කොළඹදී පැවති 78 වන කලාපීය කමිටු සැසිවාරයේදී සභාපති ධුරයට පත් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරයේ සමාරම්භක උත්සවය අමතමින් කලාපීය සෞඛ්‍ය පද්ධතීන් ශක්තිමත් කිරීම සඳහා ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති සහ සාමූහික ක්‍රියාමාර්ගවල ඇති වැදගත්කම අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd