IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘විපක්ෂ නායක විහිළුකාරයෙක් වෙලා‘‘

(උපුල් හේරත්)

විපක්ෂ නායකවරයා කියන චරිතය විහිළු කාරයකු වෙලා, විහිළු සපයන වැඩ කටයුතු කිරීම කාලෝචිත නෑ ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

ජනාධිපතිවරු දෙදෙනෙක් කතා කළත් එම තනතුරු බාර නොගෙන අද පාරට ඇවිත් ජනතාව පෙළ ගස්සනව.මොකක්ද මේ කරන්න යන විහිළුව.  

අද මහ පාරේ සිටින අරගලකරුවන් උද්ඝෝෂණය කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ සිටින 225 ම වගකිව යුතු බව විහාරාධිපති හිමියෝ අවධාරණය කළහ.

සංචාරක කර්මාන්තය කඩා වැටිලා, ඊට බාධාවක් වෙනවා, සාමාන්‍ය ජනතාවට බාධාවක් වෙනවා. ඒ නිසා මේ පාලකයන් අරගලකරුවන්ව හඳුන්වන්නේ රාජද්‍රෝහීන් ලෙසයි.

එහෙම නම්  ජනතාවගේ හඬට ඇහුම් කන් දී පාර්ලිමේන්තුව තුළම තීන්දු තීරණ ගත යුතුයි.රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තියෙනවා .

භාෂණයේ අයිතියක් තිබෙනවා .ඒ සියල්ලම ඇත්ත.ඒ හඬ වෙනුවෙන් ලැබෙන පිළිතුර කුමක් ද කියන එක අද ගැටළුවක් වෙලා තියෙනවා. ඒ නිසයි අපි කියන්නේ මෙය පාර්ලිමේන්තුව තුළම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රියාත්මක කළ යුතු බව .

 



අදහස් (10)

‘‘විපක්ෂ නායක විහිළුකාරයෙක් වෙලා‘‘

මහසෙන් Thursday, 03 November 2022 09:48 AM

අද ද දැනගත්තේ එයා විහිලුකාරයෙක් කියලා.?

:       13       31

මැක්ස් Thursday, 03 November 2022 10:21 AM

තරහ අවසර! ඔබවහන්සේත් අප්‍රබ්‍රංශයෙන් හාමුදුරුවනේ වදාරන්නේ! එක වෙලාවකට එකක්, ඊලග මොහොතේ ඊට හාත්පසින්ම වෙනස් එකක්. අද මේ වදාරලා තියෙන දේ උනත් අගක් මුලක් නැහැ නේද?

:       15       22

සනත් Thursday, 03 November 2022 10:26 AM

හාමුදුරුවනේ ඔය මනුස්සයාට කියන්නේ ආයි බයයි කියලා අර මාතර නිල්වලා ගගේ ගිලුනු බෝට්ටුව වගේ

:       5       25

Sad Thursday, 03 November 2022 10:33 AM

මෙම ස්වාමීන්වහන්සේගේ කථාවෙන් ම පෙනෙන්නේ උන් වහන්සේ මෙම ආණ්ඩුවට සහාය දක්වන අයෙකු බවයි. උන්වහන්සේ ට නමි කිසිදු ආර්ථික පුශ්නයක් ඇති බවක් නමි නොපෙනේ.

:       24       17

P.D Goonawardene Thursday, 03 November 2022 10:57 AM

ඇයි හාමුදුරුවනේ ඔය ගොයියා විතරක් නෙමේ.... අර 43 ද මොකේද ඉන්න කුපාඩියා.......ඌත් නොම්මර එකේ හොදේ....

:       6       20

Chinthaka Thursday, 03 November 2022 11:09 AM

ඔබ වහන්සේ අදද දන්නේ , අපිට නම් මෙයා දන්නා කාලේ ඉදන්ම ජෝකර් කෙනෙක්.

:       11       18

Surain Thursday, 03 November 2022 12:36 PM

හැමෝම දන්නව ඔයා කාඩේ යන්නේ කාටද කියලා.

:       4       16

Dharmatileke Thursday, 03 November 2022 01:23 PM

සිනාවෙන් හෝ කතාවෙන් මනින්නට බෑ මිනිස්සු. සජිත්ගෙ නායකත්වය ශිෂ්ට සම්පන්න අයට පමණයි.

:       9       9

sharm warn Thursday, 03 November 2022 04:05 PM

ඇයි එයා විතරක් ද ?අටවන පිනා කියන්නේ ලේසි විහිලු කාරයෙක් කියලද හිතන්නේ ?දන්නේ ගොබ්බ කතා කිය කියා සමනලයෝ නලවන්න විතරයි .හාමුදුරුවනේ .ඔය පක්ෂ වලට කඩේ යන්න ගිහින් ඔබ වහන්සේ විහිලු කාරයෙක් නොවී ඉන්නවා නම් තමයි අපි කැමති

:       0       0

Sumith Jayasekara Thursday, 03 November 2022 04:25 PM

සජිත්ගේ නායකත්වය දේශපාලන මෝඩයින්ට හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site