(උපුල් හේරත්)
විපක්ෂ නායකවරයා කියන චරිතය විහිළු කාරයකු වෙලා, විහිළු සපයන වැඩ කටයුතු කිරීම කාලෝචිත නෑ ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
ජනාධිපතිවරු දෙදෙනෙක් කතා කළත් එම තනතුරු බාර නොගෙන අද පාරට ඇවිත් ජනතාව පෙළ ගස්සනව.මොකක්ද මේ කරන්න යන විහිළුව.
අද මහ පාරේ සිටින අරගලකරුවන් උද්ඝෝෂණය කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ සිටින 225 ම වගකිව යුතු බව විහාරාධිපති හිමියෝ අවධාරණය කළහ.
සංචාරක කර්මාන්තය කඩා වැටිලා, ඊට බාධාවක් වෙනවා, සාමාන්‍ය ජනතාවට බාධාවක් වෙනවා. ඒ නිසා මේ පාලකයන් අරගලකරුවන්ව හඳුන්වන්නේ රාජද්‍රෝහීන් ලෙසයි.
එහෙම නම් ජනතාවගේ හඬට ඇහුම් කන් දී පාර්ලිමේන්තුව තුළම තීන්දු තීරණ ගත යුතුයි.රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තියෙනවා .
භාෂණයේ අයිතියක් තිබෙනවා .ඒ සියල්ලම ඇත්ත.ඒ හඬ වෙනුවෙන් ලැබෙන පිළිතුර කුමක් ද කියන එක අද ගැටළුවක් වෙලා තියෙනවා. ඒ නිසයි අපි කියන්නේ මෙය පාර්ලිමේන්තුව තුළම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රියාත්මක කළ යුතු බව .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ද දැනගත්තේ එයා විහිලුකාරයෙක් කියලා.?
තරහ අවසර! ඔබවහන්සේත් අප්‍රබ්‍රංශයෙන් හාමුදුරුවනේ වදාරන්නේ! එක වෙලාවකට එකක්, ඊලග මොහොතේ ඊට හාත්පසින්ම වෙනස් එකක්. අද මේ වදාරලා තියෙන දේ උනත් අගක් මුලක් නැහැ නේද?
හාමුදුරුවනේ ඔය මනුස්සයාට කියන්නේ ආයි බයයි කියලා අර මාතර නිල්වලා ගගේ ගිලුනු බෝට්ටුව වගේ
මෙම ස්වාමීන්වහන්සේගේ කථාවෙන් ම පෙනෙන්නේ උන් වහන්සේ මෙම ආණ්ඩුවට සහාය දක්වන අයෙකු බවයි. උන්වහන්සේ ට නමි කිසිදු ආර්ථික පුශ්නයක් ඇති බවක් නමි නොපෙනේ.
ඇයි හාමුදුරුවනේ ඔය ගොයියා විතරක් නෙමේ.... අර 43 ද මොකේද ඉන්න කුපාඩියා.......ඌත් නොම්මර එකේ හොදේ....
ඔබ වහන්සේ අදද දන්නේ , අපිට නම් මෙයා දන්නා කාලේ ඉදන්ම ජෝකර් කෙනෙක්.
හැමෝම දන්නව ඔයා කාඩේ යන්නේ කාටද කියලා.
සිනාවෙන් හෝ කතාවෙන් මනින්නට බෑ මිනිස්සු. සජිත්ගෙ නායකත්වය ශිෂ්ට සම්පන්න අයට පමණයි.
ඇයි එයා විතරක් ද ?අටවන පිනා කියන්නේ ලේසි විහිලු කාරයෙක් කියලද හිතන්නේ ?දන්නේ ගොබ්බ කතා කිය කියා සමනලයෝ නලවන්න විතරයි .හාමුදුරුවනේ .ඔය පක්ෂ වලට කඩේ යන්න ගිහින් ඔබ වහන්සේ විහිලු කාරයෙක් නොවී ඉන්නවා නම් තමයි අපි කැමති
සජිත්ගේ නායකත්වය දේශපාලන මෝඩයින්ට හොඳයි.