(ප්‍රසාද් රුක්මල්)
සේවය නිමකර සිය සහෝදරයකු සමග පාගමනින් නිවසකරා යමින් සිටි 21 හැවිරිදි ඇගලුම් සේවිකාවක කන්දකැටිය බදුලුඔය හංදිය අසල දී ත්‍රිරෝද රථයකින් පැහරගෙන ගියැයි ඇගලුම් කම්හල් සේවකයන් දෙදෙනකු ත්‍රිරෝදරථයක් සමග රි සැකපිට අත් අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි .
පැහරගැනීමට ලක්වු ඇගලුම් කම්හල් සේවිකාව මහියංගන සොරබොර වම් ඉවුර ප්‍රදේශයේ ප්‍රධාන සැකකරුගේ නිවසේ රඳවා තබා ගෙන සිටියදි නිරුපද්‍රිතව බේරා ගත් බවද පොලිසිය කීය .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය කරමැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කරන මහියංගන සොරබොර වමිඉවුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු සහ මහියංගන දම්බරාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයකු යැයි පොලිසිය පැවසීය .
මෙම 21 හැවිරිදි තරුණිය කරමැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කරන මෙම තරුණිය තාවකාලිකව කන්දකැටිය බදුලුඔය ප්‍රදේශයේ නිවසක නතරවී සිටිමින් කරමැටිය ඇගලුම් කම්හලක සේවය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd