
(සුජිත් හේවාජුලිගේ)
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 වසරේදී ලබා දී තිබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කර ඇති හෙයින් උන්වහන්සේට එම සිරදඬුවමේ ඉතිරි කාලය ගෙවීමට සිදුවනු ඇතැයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.
අතුරුදන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී 2016 වසරේදී බියගැන්වීම මෙන්ම අධිකරණයේ කටයුතුවලට බාධා කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් 2018 අගෝස්තු 08 වැනිදා ඥානසාර හිමියන්ට වසර හයක සිර දඬුවමක් නියම කෙරුණු බවත් ඥානසාර හිමියන් ඉන් පසු මෙම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයද ශ්‍රේෂ්ඨාධිකරණය 2018 වර්ෂයේ ඔක්තෝබර් 05 වැනිදා ප්‍රතික්ෂේප කළ බවත් මහාචාර්යවරයා කීවේය.
ඒ අනුව උන්වහන්සේ සිර දඬුවම් විදිමින් සිටියදී 2019 වර්ෂයේ මැයි 23 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති පොදු සමාව යටතේ උන්වහන්සේ නිදහස් කළ බව මහානාම හේවා මහතා පැවසීය.
මේ අනුව උන්වහන්සේ සිරගතව සිට ඇත්තේ මාස නවයක පමණ කාලයක් පමණක් බව පැවසූ මහාචාර්යවරයා ශ්‍රේෂ්ඨාධිකරණය එම පොදු සමාව වැරදි යැයි ප්‍රකාශ කිරීම හේතුවෙන් දඬුවමේ ඉදිරි කාලය එනම් වසර පහකුත් මාස තුනක සිර දඬුවම් කාලය උන්වහන්සේට විඳීමට සිදුවන බව ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ අප මේ සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd